header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
පළාත් සභා මැතිවරණය ප්‍රමාදවීමට හේතු සොයා බැලෙයි
Apr 10, 202603:46 PM
පළාත් සභා මැතිවරණය ප්‍රමාදවීමට හේතු සොයා බැලෙයි
Mobitel 1278

කොට්ඨාස සීමා නිර්ණය ක්‍රියාවලිය මෙතෙක් අවසන් කර නොතිබීම හේතුවෙන් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නොහැකි තත්ත්වයක් පැන නැගී ඇති බව අනාවරණ විය.

ඒ, පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්විය යුතු ද යන්න සොයා බලා වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පසුගිය 07 වෙනිදා රැස්වූ අවස්ථාවේදීය.

අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් දෙවන වරටත් මෙම කාරක සභාව අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විය.

එහිදී නිලධාරිහූ පෙන්වා දුන්නේ, පළාත් සභා ඡන්ද විමසීම් පනත සංශෝධනය කරමින් දැනට සම්මත කොට ඇති 2017 අංක 17 දරන පනතේ විධිවිධාන ප්‍රකාරව හඳුන්වා දෙන ලද මිශ්‍ර සමානුපාතික නියෝජන ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කොට්ඨාස සීමා නිර්ණය ක්‍රියාවලිය මෙතෙක් අවසන් කර නොතිබීම හේතුවෙන් පැන නැගී ඇති නීතිමය බාධාව නිසා පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ ගැටලුව මතුව ඇති බවය.

කොට්ඨාස සීමා නිර්ණ වාර්තාව සඳහා පාර්ලිමේන්තුවේ අනුමතිය හිමි නොවීම හේතුවෙන් එකී පනතේ විධිවිධාන ප්‍රකාරව මීළඟ පියවර ලෙස කථානායකවරයා විසින් අග්‍රාමාත්‍යවරයා ප්‍රධානත්වයෙන් 5දෙනෙකුගෙන් සමන්විත සමාලෝචන කමිටුවක් පත්කර තිබේ.

එම කමිටුවේ වාර්තාව මාස දෙකක් තුළ ජනාධිපතිවරයාට භාර දියයුතු වුවත් එම වාර්තාව භාරදී නොමැති බව මැතිවරණ මහලේකම් කාර්යාලයේ නිලධාරීහු විශේෂ කාරක සභාවට දැන්වූහ.

ඒ අනුව පනත ප්‍රකාරව පළාත් සභා ඡන්ද විමසීමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙනයාමට අවශ්‍ය ප්‍රතිපාදන නොමැති බවද ඔවුහු වැඩිදුරටත් කරුණු දක්වමින් පැවසූහ.

ඒ අනුව මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සාමාජික මන්ත්‍රීවරයන් පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීම මූලික පනත නැවත බලගැන්වීම ඔස්සේ සිදුකිරීමේ හැකියාව පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුවෙන් විමසූහ.

ඒ අනුව 2017 අංක 17 දරන පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන) පනත අවලංගු කර නැවත මූලික පනත බලාත්මක කිරීමට හැකි බව නීතිපති දෙපාර්තමේන්තුව පැවසීය.

එම පනත සඳහා කාන්තා සහ තරුණ නියෝජනය ලබාදීම සඳහා සංශෝධන එක්කිරීමේ අවශ්‍යතාවයද කාරක සභා සාමාජිකයින් පෙන්වා දුන්හ.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් මහතා විසින් ඉදිරිපත් කර ඇති පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත මගින් ඉදිරිපත්කර ඇති පෙර පැවති සමානුපාතික ක්‍රමයට පළාත් සභා ඡන්ද විමසීම පිළිබඳව කාරක සභාවේදී සාකච්ඡා කරන ලදී.

2017 පළාත් සභා ඡන්ද විමසීම් ( සංශෝධන ) පනත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදී ඇති නඩු තීන්දු දෙකක වාර්තා, පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීමට පවතින බාධා සහ ඒවා නිරාකරණය කිරීමට පවතින නීතිමය ප්‍රතිපාදන මොනවාද යන්න වාර්තාවක් සකස් කර කාරක සභාවට ඉදිරිපත් කරන ලෙස සභාපතිවරයා එහිදී නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදුන්නේය.

එමෙන්ම මීළඟ රැස්වීම සඳහා සීමානිර්ණ කොමිසමේ නිලධාරීහු කාරක සභාවට කැඳවීමටද තීරණය කරන ලදී.

MostRead
Mobitel 1278
VideoStories
පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

 ලාල් කාන්තට මාදුගොඩ දුන්න රිටන් එක "ආණ්ඩුව බූරුවන්ට දුන්නාම පොලීසිය බල්ලට යනවා"

ඥාතීන්ගේ සෝ සුසුම් මැද ඉෂාර අවසන් ගමන් යයි..

ඥාතීන්ගේ සෝ සුසුම් මැද ඉෂාර අවසන් ගමන් යයි..

හිටපු ඇමති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් 4කට හා මෝටර් රථ 2කට අල්ලස් කොමිසමෙන් තහනමක්|

හිටපු ඇමති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් 4කට හා මෝටර් රථ 2කට අල්ලස් කොමිසමෙන් තහනමක්|

 කාඩ්පත් හිඟයක් නිසා ID සහ රියැදුරු බලපත්‍ර ලක්ෂ 16ක මුද්‍රණය ඇණහිටලා

කාඩ්පත් හිඟයක් නිසා ID සහ රියැදුරු බලපත්‍ර ලක්ෂ 16ක මුද්‍රණය ඇණහිටලා

 නිවන් පුර නුබ යන්න කලියෙන් එක් වරක් මගෙ පුතා වෙනවාද

නිවන් පුර නුබ යන්න කලියෙන් එක් වරක් මගෙ පුතා වෙනවාද

පොලිස් දෙපාර්තමේන්තුවටම කළු පැල්ලමක් එක්කළ ඉෂාරගේ මරණය - සම්පූර්ණ විස්තරය මෙන්න

පොලිස් දෙපාර්තමේන්තුවටම කළු පැල්ලමක් එක්කළ ඉෂාරගේ මරණය - සම්පූර්ණ විස්තරය මෙන්න

 සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

 කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana