
මහජන ආරක්ෂක පනත යටතේ යෝජනා සම්මතය (හදිසි තත්ත්වය දීර්ඝ කිරීම) වැඩි ඡන්ද 110කින් පාර්ලිමේන්තුවේදී අද (9) සම්මත විය.
යෝජනාවට පක්ෂව ඡන්ද 137ක් ලැබුණු අතර, ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 27ක් පමණි.
සමගි ජන බලවේගය, ඉලංකෙයි තමිල් අරුසු කච්චි, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යන පක්ෂවල මන්ත්‍රීවරුද, ස්වාධීන මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතා මෙහිදී යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය.
ඉලංකෙයි තමිල් අරුසු කච්චි මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් මහතා යෝජනාවට ඡන්ද විමසීමක් අවශ්‍ය බව ප්‍රකාශ කළ අතර, ඒ අනුව ඡන්ද විමසීම පැවැත්විණි.

















































