header logo
SLIC
විශේෂාංග
පාස්කු ප්‍රහාරය 2017 සිට සැලසුම් කළ කුමන්ත්‍රණයක් - අමාත්‍ය ආනන්ද විජේපාල
Apr 09, 202603:28 PM
පාස්කු ප්‍රහාරය 2017 සිට සැලසුම් කළ කුමන්ත්‍රණයක් - අමාත්‍ය ආනන්ද විජේපාල
Mobitel 1278

2019 වසරේ පාස්කු ඉරු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය හුදෙකලා සිදුවීමක් නොවන අතර 2017 සිට සිදුකරන ලද කුමන්ත්‍රණයක් බවට මේ වනවිට සිදු කරන ලද විමර්ශන ඔස්සේ අනාවරණය වී ඇති බව මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල පවසයි.

අද (09) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින් මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.

පාස්කු ප්‍රහාරය 2017 සිට සැලසුම් කළ කුමන්ත්‍රණයක්

"පාස්කු ඉරුදින ප්‍රහාරය හුදකලා සිදුවීමක් නොවන බවත් ඒ 2017 සිට සැලසුම් සහගතව දියත් කරන ලද කුමන්ත්‍රණයක් බවත් මේ වෙනකොට විමර්ශන ආශ්‍රයෙන් හෙළිවෙලා තියෙනවා. මේක කුමන්ත්‍රණයක් මීට 2017 සිට සැලසුම් කරලා. ක්‍රමක්ක්‍රමයෙන් ක්‍රියාත්මක කරලා මේ සිද්ධිය දක්වා ගෙනාපු කුමන්ත්‍රණයක් හැටියට තමා දැනට විමර්ශනවලින් අනාවරණය වෙන්නේ.

2018.11.30 දින වව්නතිව් පොලිස් නිලධාරීන්ගේ ඝාතනය. 2017.12. 22, 23 දින මාවනැල්ල බුදු පිළිමවලට එල්ල වූ ප්‍රහාරය 2019.01.16 දින වනාතවිල්ලුව ප්‍රහසිගත කඳවුරක තිබී සොයාගන්නා ලද ඩෙටනේටර් ඇතුළු පුපුරන ද්‍රව්‍ය සමග සැකකරුවන් හතර දෙනෙකු අත්අඩංගුවට ගැනීම. 2019.03.10 දින මාවනැල්ල ප්‍රදේශයේ තස්ලීම් නැමැති පුද්ගලයාට වෙඩිතැබීම. 2019.04.16 දින මඩකලපුව කාත්තන්කුඩි පාලමුන ප්‍රදේශයේ යතුරු පැදියක් පුපුරුවා හැරීම 2019.04.21 දින පාස්කු ඉරිදා ප්‍රහාරය. මේ එක ම කණ්ඩායමක එකිනෙකා හා දාමගත වූ සිදුවීම් සිදුවීම් මාලාවක් බව මේක කරනකොට සහ විමර්ශන අංශයෙන් පැහැදිලි වෙනවා."

සුරේෂ් සලේ අත්අඩංගුවට ගත් හේතුව

පාස්කු ප්‍රහාරයට අදාළ කුමන්ත්‍රණය සහ ආධාර අනුබලදීම සම්බන්ධයෙන් සැකපිට සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

"පාස්තු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් කුමන්ත්‍රණය සහ ආධාර අනුබලදීම සම්බන්ධයෙන් 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අනුව මේ වෙනකොට තුවාන් සුරේෂ් සලේ අත්අඩංගුවට අරගෙන තියෙනවා. හැබැයි මීට පෙරාතුව මොහු පාස්කු ඉරුදින ප්‍රහාරයේ නඩු විභායේ ශාක්ෂි ලැයිතුවේ පළමු ශාක්ෂිකරු විදිහට නම් කරලා තියෙනවා. 2024.10.11 කරන ලද පැමිණිල්ලකට අනුව මේ වනකොට අදාළ සැකකරු අපරාද පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් මේ වනවිට අභියාචනාධිකරණයේ නුඩු දෙකක් ගොනු කරලා තියෙනවා. යුදහමුදා බුද්ධි අධ්‍යක්ෂකවරයෙකු වශයෙන් රාජ්‍ය බුද්ධි සේවාවේ හිටපු අධ්‍යක්ෂකවරයෙකු වශයෙන් කටයුතු කර ඇති විශ්‍රාමික මෙජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සලේ යන අය පාස්කු ප්‍රහාරයට පෙරාතුව ඉස්ලාම් අන්තවාදීන්ගේ සාහසික ක්‍රියා පිළිබඳව දැන සිටිමින් ඒවා වැළැක්වීමට හා හෙළිදරව්වීම ඕනෑකමින් වළක්වා ඇති බවත් පාස්කු ප්‍රහාරය සිදුවීමට අවකාශය සලසා ඇති බවටත් පාස්කු ප්‍රහාරයෙන් පසු මෙහෙයවූ පුද්ගලයින් පාර්ශව කණ්ඩායම් හෙළිදරව්වීම වැළැක්වීමට සෘජුව හා වක‍්‍රකාරව කටයුතු කර ඇති බවටත් ඒ අනුව පාස්කු ප්‍රහාරය කුමන්ත්‍රණය හා ආධාර අනුබලදීමට කටයුතු කර ඇති බැවින් එවැනි නීතිවිරෝධී ක්‍රියාකාරකමට සම්බන්ධ වූ හෝ ප්‍රවේදීතාවක් දක්වන්නේ යැයි සාධාරණ යුක්ති සහගතව සැකකරුනු ලැබීමට අදාළව කරුණු වාර්තාවීමෙන් පසු ඔහු අත්අඩංගුවට ඇරගෙන තියෙනවා."

පිල්ලෙයාන් පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන පූර්ව දැනුවත් භාවයකින් ඉදලා

ශිවනේසතුරයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පූර්ව දැනුවත්භාවයකින් සිටි බවටද කරුණු හෙළිවී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා පැවසීය.

" හිටපු අමාත්‍යවරයෙකු වන ශිවනේසතුරයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පාස්කු ඉරිදා ප්‍රහාය පිළිබඳව පුර්ව දැනුවත් භාවයකින් හිටපු බවට මේ වෙනකොට කරුණ අනාවරණය වෙලා තියෙනවා. ඒ විමර්ශනත් නිවැරදිව සිදුවෙනවා."

සහරාන්ට ඉහළින් සිට ඔහුව මෙහෙයවූ පුද්ගලයෙක් සහ කණ්ඩායමක් සිටින බවට සාක්ෂි

"පාස්කු ප්‍රහාරයේ ස්වයං ඝාතක කණ්ඩායමේ නායක ලෙසින් කටයුතුකළ සහරාන් හෂිම්ට ඉහළින් සිට ඔහුව මෙහෙය වූ පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් සිටින බවට තොරතුරු අනාවරණය වෙලා තියෙනවා. ඒක මේ වෙනකොට ශාක්ෂිවලින් තොරතුරු අනාවරණය වෙලා තියෙනවා. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු ඒ පිළිබඳ විමර්ශනට කරනවා. ඒ සම්බන්ධයෙන් හෙළිවී ඇති කරණු මේ අවස්ථාවේදී හෙළිකරන් හැකියාවක් නැහැ."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

 ජනපති සුරතින් නවෝදයාපුරම් ජනතා අයිතියට...

ජනපති සුරතින් නවෝදයාපුරම් ජනතා අයිතියට...

Lassana Flora
Spotlight
හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

කුසලින් පිරි කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

මහනුවර අවසන් පෙරහැර අද - ආසනයක් 40,000යි

මහනුවර අවසන් පෙරහැර අද - ආසනයක් 40,000යි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ