header logo
SLIC
උණුසුම් පුවත්
අධි ආරක්ෂිත කලාප ගැන ජනාධිපතිවරයාගේ ස්ථාවරය
Apr 09, 202602:33 PM
අධි ආරක්ෂිත කලාප ගැන ජනාධිපතිවරයාගේ ස්ථාවරය
Mobitel 1278

දැනට පවතින අධි ආරක්‍ෂිත කලාප සීමා තවදුරටත් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් නැවත පරීක්ෂා කර බලා අවශ්‍යතාවය පරිදි එම සීමා යාවත්කාලීන කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ආරක්ෂක අංශවලට උපදෙස් ලබාදී තිබේ.

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදී ඇත්තේ, ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ජනාධිපතිවරයාගේ සභාපතිත්වයෙන් පසුගිය හතවෙනිදා (07) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

මෙහිදී කරුණු දක්වමින් ජනාධිපතිවරයා, අධි ආරක්‍ෂිත කලාප යනු ස්වාභාවිකව පවතින සීමා නොවන බවත් ඒ හේතුවෙන් පවතින ආරක්ෂක තත්ත්වයන් සලකාබැලීමෙන් අනතුරුව එම අධි ආරක්‍ෂිත කලාප සීමා වෙනස් කිරීමට අවශ්‍ය පියවර ගැනීමේ වැදගත්කම අවධාරණය කළේය.

උතුරු නැගෙනහිර ප්‍රදේශවල ජනතාවගේ පුද්ගලික ඉඩම් නැවත එම ජනතාවටම ලබාදීම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් යොමු කළ ගැටලු සඳහා ද ජනාධිපතිවරයා පිළිතුරු ලබාදුන්නේය.

එහිදී අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේ, ආරක්ෂක කඳවුරු හා විවිධ කටයුතු සඳහා පවරාගෙන ඇති ජනතාවගේ පෞද්ගලික ඉඩම් නැවත ඔවුන්ටම ලබාදීම රජයේ ප්‍රතිපත්තිය බවය.

එමෙන්ම නැවත ලබාදිය හැකි පෞද්ගලික ඉඩම් ලබාදීමටත්, එලෙස ලබාදීමට අපහසුතා පවතින ඉඩම් සඳහා සාධාරණ වන්දි මුදල් ලබාදී එම ක්‍රියාවලිය කඩිනම් කිරීමේ වැදගත්කම එහි දී ජනාධිපතිවරයා සිහිපත් කර ඇත.

තවද රජයේ ආර්ථික කටයුතු සඳහා ආරක්ෂක කඳවුරු පවතින ප්‍රදේශවල ඉඩම් කොපමණ ප්‍රමාණයක් යොදාගත හැකිද යන්න සොයා බලා වාර්තා කිරීමටද ඒ මහතා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.

තවද මෙම කාරක සභා රැස්වීමේදී 2026.04.09 දින පාර්ලිමේන්තු අනුමතියට ඉදිරිපත් කිරීමට නියමිත (357 අධිකාරය වූ) යුද්ධ හමුදා පනතේ 29 සහ 155 වගන්ති යටතේ නියෝග, (358 අධිකාරය වූ) නාවික හමුදා පනතේ 161 වගන්තිය යටතේ නියෝග සහ (359 අධිකාරය වූ) ගුවන් හමුදා පනතේ 29 සහ 155 වගන්ති යටතේ ඉදිරිපත් කළ නියෝග සලකා බැලීමෙන් අනතුරුව අනුමත කිරීමද සිදු කෙරිණි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

 ජනපති සුරතින් නවෝදයාපුරම් ජනතා අයිතියට...

ජනපති සුරතින් නවෝදයාපුරම් ජනතා අයිතියට...

Lassana Flora
Spotlight
හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

කුසලින් පිරි කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

මහනුවර අවසන් පෙරහැර අද - ආසනයක් 40,000යි

මහනුවර අවසන් පෙරහැර අද - ආසනයක් 40,000යි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ