අනාරක්ෂිත වළකට වැටී පුද්ගලයෙකු මරුට
April 8, 2026 10:08 pm
මොරටුව නව ගාලු පාරේ එගොඩඋයන ප්රදේශයේ අනාරක්ෂිත වළකට වැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස වැටී ඇත්තේ විදුලි කණුවක් සවිකිරීමට කැපූ වළකට බවට සැක කෙරේ.
මරණයට පත්ව ඇත්තේ වැලිපැන්න ප්රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙක්ය.
එම පුද්ගලයා වළට වැටී සිටින අයුරු දැක මාර්ගයේ ගමන් ගත් අයෙකු පොලීසිය දැනුම්වත් කර ඇති අතර, පොලීසිය සැකකරන්නේ මෙම පුද්ගලයා පෙර දින රාත්රියේ මෙම වළට වැටෙන්නට ඇති බවය.
කපා තිබූ වළ වටා කිසිදු ආරක්ෂිත වැටක් තිබී නොමැත.
මොරටුව හදිසි මරණ පරීක්ෂක කවිඳු පීරිස් ස්ථානීය පරීක්ෂාවක් සිදුකර, පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා සිරුර පානදුර රෝහල වෙත යවා ඇත.
එගොඩඋයන පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
