header logo
SLIC
උණුසුම් පුවත්
ලෙබනනය පුරා ඊශ්‍රායලයෙන් දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක්
Apr 08, 202608:27 PM
ලෙබනනය පුරා ඊශ්‍රායලයෙන් දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක්
Mobitel 1278

ලෙබනනය පුරා ඊශ්‍රායල හමුදාව විසින් එල්ල කරන ලද ප්‍රබල ගුවන් ප්‍රහාර මාලාවක් හේතුවෙන් රට පුරා විශාල පිරිසක් මියගොස් ඇති බව වාර්තා වේ.

රෝහල් තුවාලකරුවන්ගෙන් පිරී පවතින අතර, කඩා වැටුණු ගොඩනැගිලි සුන්බුන් යට බොහෝ පිරිසක් සිරවී සිටින බවට විශ්වාස කරන බව විදෙස් මාධ්‍ය පවසයි.

ඊශ්‍රායලය මෙය හඳුන්වනු ලැබුවේ මෙම ගැටුමේ මෙතෙක් එල්ල කළ විශාලතම ගුවන් ප්‍රහාර මාලාව ලෙසයි.

විනාඩි 10ක් ඇතුළත හිස්බුල්ලා සංවිධානයට අයත් විධාන මධ්‍යස්ථාන සහ හමුදා කඳවුරු 100කට අධික සංඛ්‍යාවකට ප්‍රහාර එල්ල කළ බව ඔවුන් පවසයි.

බේරූට් අගනුවර දකුණු තදාසන්න ප්‍රදේශ, දකුණු ලෙබනනය සහ නැගෙනහිර බෙකා නිම්නය මෙම ප්‍රහාරවල ඉලක්ක බවට පත් විය.

අමෙරිකාව සහ ඉරානය අතර සටන් විරාමයක් සඳහා මැදිහත් වූ පකිස්තානය ප්‍රකාශ කළේ එම එකඟතාවය ලෙබනන් ගැටුමට ද අදාළ වන බවය.

කෙසේ වෙතත්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ කාර්යාලය එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කිරීමෙන් පැය කිහිපයකට පසු මෙම ප්‍රහාර මාලාව එල්ල විය.

ලෙබනන් ජනාධිපති කාර්යාලය ප්‍රකාශ කළේ "ලෙබනනය කලාපීය සාමය සඳහා වන ක්‍රියාවලියට ඇතුළත් කිරීමට" තවදුරටත් උත්සාහ කරන බවය.

හිස්බුල්ලා සංවිධානය ද මෙය "ඓතිහාසික ජයග්‍රහණයක්" ලෙස හඳුන්වමින්, නිල සටන් විරාමයක් ප්‍රකාශ කරන තෙක් නිවෙස් බලා නොයන ලෙස අවතැන් වූ පවුල්වලින් ඉල්ලා සිටියි.

පසුගිය පෙබරවාරි මාසයේ ආරම්භ වූ මෙම යුද්ධයේ මුල් අවධියේදී ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය කිරීමට ප්‍රතිචාර වශයෙන් හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර එල්ල කිරීමත් සමඟ මෙම ගැටුම් උත්සන්න විය.

නිරීක්ෂකයින් පවසන්නේ හිස්බුල්ලා සංවිධානය දුර්වල වී ඇතැයි උපකල්පනය කළ ද, ඔවුන් සතු යුද ශක්තිය විශ්මයජනක බවය.

කෙසේ වෙතත්, ලෙබනනය අනවශ්‍ය යුද්ධයකට ඇද දැමීම සම්බන්ධයෙන් එරට තුළම හිස්බුල්ලා සංවිධානයට දැඩි විවේචන ද එල්ල වෙමින් පවතී.

පවතින උග්‍ර තත්ත්වය හමුවේ ලෙබනන් රජය ඓතිහාසික ප්‍රකාශයක් කරමින් කියා සිටියේ තමන් ඊශ්‍රායලය සමඟ සෘජුව සාකච්ඡා කිරීමට සූදානම් බවය.

මෙම රටවල් දෙක අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නොමැති පසුබිමක මෙය විශේෂ අවස්ථාවකි. එහෙත්, ඊශ්‍රායලය මෙතෙක් එම යෝජනාවට ප්‍රතිචාර දක්වා නොමැත.

පාසල් සහ පොදු ස්ථාන අවතැන් වූවන්ගෙන් පිරී පවතින අතර, ආහාර සහ නවාතැන් සම්බන්ධයෙන් ලෙබනනය තුළ දැවැන්ත අර්බුදයක් නිර්මාණය වී ඇත.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු  සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

Lassana Flora
Spotlight
 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

කුසලින් පිරි කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව