මැදපෙරදිග යුද්ධයේ නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්

මැදපෙරදිග යුද්ධයේ නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්

April 4, 2026   06:23 am

ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව සිදුකරන ඉරානයට එරෙහි යුද මෙහෙයුම ආරම්භ කර අදට (04) දින 36ක් ගතවී ඇත.

----------------------------------

UPDATE - 9.45 AM

සිරියාවේ අගනුවර වන දමස්කස් සහ එහි අවට ප්‍රදේශවල අද (4) අලුයම පිපිරීම් ඇසුණු බව එරට රාජ්‍ය රූපවාහිනිය පවසයි. 

කෙසේ නමුත් ඒ සම්බන්ධයෙන් නිෂ්චිත හේතුවක් වාර්තා කර නොමැති අතර, බොහෝ දුරට එම හඬ ඊශ්‍රායල ගුවන් ආරක්ෂක පද්ධති විසින් ඉරාන මිසයිල ග්‍රහණය කර ගැනීමක් වන්නට ඇති බවට එරට රාජ්‍ය රූපවාහිනිය පවසා තිබේ.

----------------------------------

UPDATE - 8.30 AM

අමෙරිකාව හා ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහි යුද්ධය ආරම්භ කළ ඉකුත් පෙබරවාරි 28වනදා සිට මේ දක්වා කාලය තුළ අමෙරිකානු සෙබළුන් 350කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා තිබේ.

----------------------------------

UPDATE - 7.00 AM

ඉරානය එල්ල කළ ප්‍රහාරයකින් ඊයේ (3) බිමහෙළු F-15 ප්‍රහාරක ජෙට් යානයේ සිටි ගුවන් නියමුවා සෙවීම සඳහා ගමන්ගත් අමෙරිකානු A-10 යානයකටද මිසයිල ප්‍රහාරයක් එල්ලකර බිම හෙලා තිබේ. 

හෝමූස් සමුද්‍ර සන්ධිය අසල ඉහළ අහසේ දී මෙම යානය ප්‍රහාරයට ලක්ව ඇති අතර, ඒ අනුව දිනක් තුළ අමෙරිකාවට ප්‍රහාරක යානා 2ක් අහිමි විය.

----------------------------------

UPDATE - 6.25 AM

ඉරානය විසින් එල්ල කළ ප්‍රහාරයකින් බිඳහෙළු අමෙරිකානු ප්‍රහාරක ජෙට් යානයේ සිටි ගුවන් නියමුවා සෙවීම සඳහා අමෙරිකාව මෙන්ම ඉරානයද මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

දකුණු ඉරානයේ දී ඊයේ (3) මෙලෙස බිම හෙළන ලද්දේ  F-15 වර්ගයේ ප්‍රහාරක ජෙට් යානයක් වන අතර, එහි සිටි ගුවන් නියමුවන්ගෙන් එක් අයෙකු බේරාගැනීමට අමෙරිකාවට හැකිවිය.