header logo
SLIC
උණුසුම් පුවත්
යල කන්නය සඳහා ගොවිබිම් වෙත ජලය නිකුත් කිරීමේ ගැටලුවක් නෑ - වාරිමාර්ග දෙපාර්තමේන්තුව
Apr 03, 202601:02 PM
යල කන්නය සඳහා ගොවිබිම් වෙත ජලය නිකුත් කිරීමේ ගැටලුවක් නෑ - වාරිමාර්ග දෙපාර්තමේන්තුව
Mobitel 1278

මෙවර යල කන්නය සඳහා වගා බිම් වෙත ජලය නිකුත් කිරීමේදී ගැටලුවක් පැන නොනගින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්‍යක්ෂ ජල කළමනාකරණ එච්.එම්.පී.එස්.ඩී හේරත් මහතා පැවසුවේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ප්‍රධාන ජලාශවල ජල මට්ටම 76%ක් මේ වන විටත් ගබඩා කර ඇති බවය.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් දිවයින පුරා පිහිටි වාරි ව්‍යාපාර 376ක් මගින් අක්කර අට ලක්ෂ දෙසීයකට ආසන්න ප්‍රමාණයකට ජලය සැපයීමක් සිදුකරන බවත් පෙන්වා දුන් ඒ මහතා මෙවර යල කන්නය සඳහා එම මුළු වගා බිම් ප්‍රමාණයෙන් අක්කර 697,800ක් සැලසුම් කර ඇති ඇතැයිද සඳහන් කළේය.

ඉන් වී වගාව සඳහා අක්කර 651,000ක ප්‍රමාණයක් ද අතුරු භෝග සඳහා අක්කර 46,800ක ප්‍රමාණයක්ද සැලසුම් කර ඇති බවත් මේ සඳහා ජලය නිකුත් කිරීමේ ගැටලුවක් පැන නොනගින බවත් පැවසුවේය.

මේ වන විට ප්‍රධාන වාරි ව්‍යාපාරවල බිම් සැකසීම් සහ වගාවන් ප්‍රතිශ්ඨාපනය කිරීම් ආරම්භ කර ඇතැයිද පසුගිය අප්‍රේල් 01 වැනි දින ප්‍රධාන වාරි ව්‍යාපාර 205ක බිම් සැකසීම් කටයුතු නිම කර වගා කටයුතු ප්‍රතිශ්ඨාපනය කිරීම් ආරම්භ කර ඇති බවද ඒ මහතා සඳහන් කළේය.

එළැඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්දට පෙර තවත් වගාබිම් 75ක බිම් සැකසීම් අවසන් කර වගාබිම් ප්‍රතිශ්ඨාපනය කිරීමේ හැකියාවක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් ඉතිරි වාරි ව්‍යාපාරවල යල කන්නයේ කටයුතු සිංහල අවුරුද්දෙන් පසුව ආරම්භ කිරීමට අපේක්ෂා කර ඇතැයිද ඒ මහතා පැවසීය.

මේ දිනවල පවතින අධික වියළි කාලගුණික තත්ත්වය සමග බිම් සැකසීම සඳහා යොදා ගන්නා ජලය අරපිරිමැස්මෙන් යුතුව භාවිත කිරීම ඉතා වැදගත් වන බව පෙන්වා දුන් ඒ මහතා පැවසුවේ උණුසුම් කාලගුණික තත්ත්වය සමග ජලය වාශ්පීකරණය වැඩි වශයෙන් සිදුවන බව නිරීක්ෂණය වී ඇති බවය.

ඒ අනුව හැකි සෑම විටම අවශ්‍ය ප්‍රමාණයට පමණක් ජලය බිම් සැකසීම් සඳහා භාවිත කර ගැනීම ඉතා වැදගත් බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

ජල කළමනාකරණ කමිටු සහ අනෙකුත් කමිටු ජල පාලනය සම්බන්ධව ගන්නා තීරණ අනුව ඉදිරි කටයුතු සිදු කිරීම වැදගත් වනු ඇති බවත් මේ හේතුවෙන් සියලුම ගොවීන් සහ අදාළ ගොවි නිලධාරීන් ජල කළමනාකරණ කටයුතු උපරිම කාර්යක්ෂමතාවයෙන් සිදු කිරීම ඉතා වැදගත් බවත් යල කන්නයට අදාළ ජල ප්‍රමාණවත් වීම සහ ඉදිරි කන්නයක් සඳහා ජල ප්‍රමාණයක් පානීය ජලය සඳහා ඉතිරි කර ගැනීමට ද හැකියාවක් ලැබෙනු ඇතැයිද ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

 ජනපති සුරතින් නවෝදයාපුරම් ජනතා අයිතියට...

ජනපති සුරතින් නවෝදයාපුරම් ජනතා අයිතියට...

 මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ | Ada Derana

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ | Ada Derana

ලොව වියළිම කාන්තාරය මල් උයනක් වෙයි

ලොව වියළිම කාන්තාරය මල් උයනක් වෙයි

ලෝකයම කම්පාකළ නේපාලයේ මහා විනාශයේ එදා සහ අද...

ලෝකයම කම්පාකළ නේපාලයේ මහා විනාශයේ එදා සහ අද...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

කුසලින් පිරි කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

මහනුවර අවසන් පෙරහැර අද - ආසනයක් 40,000යි

මහනුවර අවසන් පෙරහැර අද - ආසනයක් 40,000යි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

දක්ෂිණ අධිවේගයේ කුෂ් අදිමින් සිටි හිටපු SI සහ ගෝලයා තවදුරටත් රිමාන්ඩ්

දක්ෂිණ අධිවේගයේ කුෂ් අදිමින් සිටි හිටපු SI සහ ගෝලයා තවදුරටත් රිමාන්ඩ්

වසර 2ක් තුළ රතු වරෙන්තුකරුවෝ 42ක් දිවයිනට

වසර 2ක් තුළ රතු වරෙන්තුකරුවෝ 42ක් දිවයිනට

ඩුබායි සිට කුදලන් ආ බස් ලලිත්ට චෝදනා වැලක්

ඩුබායි සිට කුදලන් ආ බස් ලලිත්ට චෝදනා වැලක්