header logo
Vallibel FD
උණුසුම් පුවත්
GMOA තීරණයට එරෙහිව සෞඛ්‍ය ඇමති තදින්
Apr 02, 202609:11 PM
GMOA තීරණයට එරෙහිව සෞඛ්‍ය ඇමති තදින්
Mobitel 1278

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) ආරම්භකළ වැඩ වර්ජනයට කිසිදු සාධාරණ පදනමක් නොමැති බවත්, එය හුදෙක් දේශපාලනිකව රජය අපහසුතාවයට පත් කිරීමේ චේතනාවෙන් සිදු කරන්නක් බවත් සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

'GMOA' විසින් අද (2) ක්‍රියාත්මක කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

මෙහිදී ඔහු පෙන්වා දුන්නේ, සීමාවාසික පුහුණුව අවසන් කළ නවක වෛද්‍යවරුන් 453 දෙනෙකුට රජයේ සේවයට එක්වීමට ඇති අවස්ථාව GMOA විසින් අවහිරකර ඇති බවය.

කෙසේ නමුත් සීමාවාසික වෛද්‍යවරුන්ට රජයේ සේවයට ඇතුළත් වීම සඳහා අයදුම් කිරීමට ලබා දී ඇති කාලය එළැඹෙන සෙනසුරාදා දහවල් 12න් අවසන් වන බවත්, එම දිනය කිසිසේත්ම දීර්ඝ නොකරන බව ඔහු අවධාරණය කළේය.

යම් හෙයකින් වෛද්‍යවරුන්ට පත්වීම් ලබා ගැනීමට බාධා කරන හෝ තර්ජනය කරන කණ්ඩායම් සිටී නම්, ඒ පිළිබඳව වහාම සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දෙන ලෙසත්, ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හරහා පරීක්ෂණ පවත්වන බවත් ඔහු පැවසීය.

මේ සම්න්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,

"සෞඛ්‍ය සේවාවට සම්බන්ධ ඕනෑම වෘත්තිකයන් පිරිසක්...ඒක විශේෂඥ වෛද්‍යවරුද, වෛද්‍යවරුද, හෙද හෙදියන්ද, සෞඛ්‍ය කාර්ය සහයකයද, එහෙම නැත්නම් ගිලන්රථ රියදුරෝද මේ කවුරු වැඩ වර්ජනයක් කළත් ඉන් ජනතාව අපහසුතාවයට පත්වෙනවා.

ඒක දැනගෙනම තමයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ සතියේ අඟහරුවාදාත්, බ්‍රහස්පතින්දාත් මේ වැඩ වර්ජනය දියත් කළේ.

මේ වැඩ වර්ජනයට කිසිදු පදනමක් නෑ. මොකක්හරි හේතුවක් අල්ලගෙන දේශපාලනිකව ආණ්ඩුව අපහසුතාවයට පත්කිරීමේ වුවමනාව හැර, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට මේ වැඩ වර්ජනය කරන්න කිසි සාධාරණ හේතුවක් තිබුණේ නැහැ.

අපි සීමාවාසික පුහුණුව අවසන් කරන ලද වෛද්‍යවරුන්ගේ පත්වීම් ලබාදීම සඳහා කටයුතු කරගෙන යනවා.

ඔවුන්ට කාලයක් ලබා දුන්නා, එම පත්වීම් ලබාගැනීමට අයදුම් කිරීම සෙනසුරාද දවල් 12‍න් අවසන් වෙනවා. ඒ අයගේ දුෂ්කර සේවා සහ ලැයිස්තුව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් හදලා ප්‍රකාශයට පත් කරලා තියෙනවා.

මේ වනවිට සීමාවාසික පුහුණුව අවසන් කරන ලද වෛද්‍යවරු රජයේ සේවයට ඇතුළත් වීම සඳහා ඉල්ලුම් කරමින් ඉන්නවා.

වෛද්‍යවරු සමහර විට අවුරුදු 5, ලංකාවේ වෛද්‍ය පීඨවල, නැත්නම් විදේශීය විශ්වවිද්‍යාලවල ඉගෙනගෙන සමහර විට අවුරුදු 6ක්, 7ක්, 8ක් වෙන්න පුළුවන්.

ඔවුන් අවුරුද්දක සීමාවාසික පුහුණුවක් ලබලා, රජයේ සේවයට ඇතුළත්වීම සඳහා අපේක්ෂා සහගතව ඉන්න වෙලාවක තමයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඒ අය උපයෝගී කරගෙන මේ වැඩ වර්ජනය දියත් කරන්නේ.

මේකට කිසිඳු පදනමකුත් නැහැ. මේකෙන් කාටවත් සුගතියක් වෙන්නෙත් නැහැ.

සෙනසුරාදා දවල් 12 වෙනකොට රජයේ සේවයට ඇතුළත් කිරීම සඳහා යම්කිසි වෛද්‍යවරයෙක් නේවාසික පුහුණුවෙන් පසුව ඉල්ලුම් කරේ නැත්නම්, ඔහුට රජයේ සේවයට ඇතුළත් වෙන්න බැහැ.

දැන් ඒ අය ඉන්න රෝහල්වලින් ඒ අයගේ සේවාව අවසන් වෙනවා. ඊළඟට ඒ අයගේ වැටුප් නතර වෙනවා.

එතකොට ඒ අයට සිද්ධවෙන්නේ උපාධිය ලබාගෙන සීමාවාසික පුහුණුව අවසන් කරලා, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෙච්ච වෛද්‍යවරු හැටියට පුද්ගලික සේවයේ නිරත වෙන්න.

ඉල්ලුම් නොකරපු කිසිම කෙනෙක්ට රාජ්‍ය සේවයට ගන්න හැකියාවක් නැහැ.

මේ වෛද්‍යවරු 453ක් බිල්ලට අරගෙන, ඔවුන් බය කරලා, විකෘති සහගත දේවල් අසත්‍ය තොරතුරු කියලා, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ කරගෙන යන ක්‍රියාව අතිශය අමානුෂිකයි, අතිශය අසාධාරණයි.

ඒ නිසා පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්ට මේ කියන්නේ..., ඔබ කිසිවෙකුට බය වෙන්න එපා.
ඔබට කවුරුහරි කණ්ඩායමක් හැටියට හෝ පුද්ගලයෝ හැටියට රජයේ සේවයට ඇතුලත් කිරීම සඳහා අයදුම් කිරීමට එරෙහිව ඔබව බියගන්වන ආකාරයට යම් තර්ජනයක් කරලා තිබෙනවා නම්, වහාම සෞඛ්‍ය අමාත්‍යාංශයට ඒ ගැන පැමිණිලි කරන්න.

අපි ශ්‍රී ලංකා පොලීසිය හරහා ඒ පිළිබඳ විමර්ශන කරනවා. මේ වනවිට සමහර රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන්ට සහ වෛද්‍යවරුන්ට තර්ජන එල්ල කරලා තිබෙන සිදුවීම් කිහිපයක් වාර්තා වෙනවා.

පැමිණිලිවලට අපි සඳුදායින් පස්සේ පරීක්ෂණ පවත්වනවා. ඒක සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනමත්, පොලීසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනමත් ඒ කටයුතු සිදුකරනවා.

කෙසේ නමුත් සෙනසුරාදා 12න් පස්සේ මේ ලැයිස්තුව එක විනාඩියක්වත් දික් කරන්නේ නැහැ.
ඒ නිසා කාගෙවත් තර්ජනයට හෝ කාගෙවත් විකෘති සහගත ප්‍රකාශවලට අහුවෙන්නේ නැතුව, ඔබට වෛද්‍ය උපාධියක් ලබාගෙන සීමාවාසික පුහුණු අවසන් කරලා, රජයේ වෛද්‍යවරයෙක් හැටියට එන්න වුවමනාවක් තිබෙනවා නම් ඉල්ලුම් කරන්න.

කාලසීමාව පහුවෙලා අයදුම් කළොත් පළමුවෙන්ම රජයේ රෝහලක සේවය කරමින් ඉන්න එක නතර වෙනවා. වැටුප් ලැබීම නතර වෙනවා.

එවැනි කණ්ඩායමක් ඉන්නවා නම්, ඒ අයට පුළුවන් රාජ්‍යසේවා කොමිසමට ඉල්ලීමක් කරන්න. අපිට ලැබුනත් අපි කරන්නේ රාජ්‍ය සේවා කොමිසමට යවන එක.

රාජ්‍ය සේවා කමිෂන් එක කැමති වුණොත් ඒ අයට ඊළඟ බැජ් එකත් එක්ක පත්වීම් ලබාගන්න හැකිවෙයි. ඒත් ලැයිස්තුවේ අවසානයට.

ඊළඟ ලැයිස්තුව එන්නේ 1,300ක කණ්ඩායමක්. මේ සැරේ ඉන්නේ 453ක කණ්ඩායමක්. ඒ 1300න් යටට මේගොල්ලෝ එකතු වෙනවා. මෙරික් ඕඩර් එක නොසලකා ඉල්ලන ප්‍රමාණයට.

එනිසා මම හිතන්නේ අවුරුදු 27ක් 28ක් 29ක් විතර වෙන මේ වෛද්‍යවරුන්ට තමන් සම්බන්ධයෙන් තීන්දුවක් ස්වාධීනව ගන්න බැරි කමක් නැහැ.

ඒ වගේම කවුරු හරි කණ්ඩායමක් හෝ වෘත්තීය සමිතියක් චේතනාන්විතව යමෙක් රාජ්‍ය සේවයට ඇතුළත් වීම කඩාකප්පල් කිරීම සඳහා යම්කිසි කෙනෙකුට තර්ජනය කරලා තිබෙනවා නම්, ඒකට එරෙහිව ඉදිරියේදී පියවර ගන්නවා" යැයි පැවසීය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
පොළොන්නරුවේ තැන තැන වැසි

පොළොන්නරුවේ තැන තැන වැසි

කාලගුණයෙන් අලුත්ම දැනුම්දීම...

කාලගුණයෙන් අලුත්ම දැනුම්දීම...

නාමල් බලන්න ශිරන්ති සහ රෝහිත වැලිකඩට යයි

නාමල් බලන්න ශිරන්ති සහ රෝහිත වැලිකඩට යයි

දක්ෂිණ අධිවේගයේදී මෝටර් රථයක්  ආරක්ෂිත වැටේ ගැටී අනතුරක

දක්ෂිණ අධිවේගයේදී මෝටර් රථයක් ආරක්ෂිත වැටේ ගැටී අනතුරක

වෑන් රථයක් අළු කළ ගින්න

වෑන් රථයක් අළු කළ ගින්න

ලොවම බලා සිටියදී ලක් දෙරණට ඓතිහාසික ජයග්‍රහණයක් ගෙන ආ රුමේෂ් | Ada Derana

ලොවම බලා සිටියදී ලක් දෙරණට ඓතිහාසික ජයග්‍රහණයක් ගෙන ආ රුමේෂ් | Ada Derana

එජාපයේ 80 වැනි සැමරුමට සිනාමුසු මුහුණින් මහ ගෙදරට එක්වූ දේශපාලන සගයෝ | Ada Derana

එජාපයේ 80 වැනි සැමරුමට සිනාමුසු මුහුණින් මහ ගෙදරට එක්වූ දේශපාලන සගයෝ | Ada Derana

හොඳටම රිද්දන එල්නිනෝ - නිඟයගෙන් බැටකන ජනතාවට වනඅලින්ගෙනුත් කරදර  | Ada Derana

හොඳටම රිද්දන එල්නිනෝ - නිඟයගෙන් බැටකන ජනතාවට වනඅලින්ගෙනුත් කරදර | Ada Derana

fm දෙරණ දඹදිව වන්දනා - වන්දනාකරුවන් බරණැස ඉසිපතන මිගදාය වෙත | Ada Derana

fm දෙරණ දඹදිව වන්දනා - වන්දනාකරුවන් බරණැස ඉසිපතන මිගදාය වෙත | Ada Derana

රටකජු ගොවීන්ගේ කඳුළු කතාව - ''කිසිම මිලක් නෑ...තුට්ටු දෙකට ඉල්ලන්නේ'' | Ada Derana

රටකජු ගොවීන්ගේ කඳුළු කතාව - ''කිසිම මිලක් නෑ...තුට්ටු දෙකට ඉල්ලන්නේ'' | Ada Derana

සූදු කෙළියට ඉන්දියාවෙන් ලංකාවට ගෙනා පරවියෝ - පෙට්ටි 6ක් බෝට්ටුත් එක්කම මාට්ටු | Ada Derana

සූදු කෙළියට ඉන්දියාවෙන් ලංකාවට ගෙනා පරවියෝ - පෙට්ටි 6ක් බෝට්ටුත් එක්කම මාට්ටු | Ada Derana

එජාපයේ 80 වැනි සැමරුමදා ඉටුවුණ රවීගේ සිහිනය | Ada Derana

එජාපයේ 80 වැනි සැමරුමදා ඉටුවුණ රවීගේ සිහිනය | Ada Derana

එජාප - සබජ දීගේ ගැන කියන තලතා - ''එයාලත් අපේ කොටසක්, එක්සත් නිසා තමයි සියලුම පක්ෂ අද මෙතැනට ආවේ''

එජාප - සබජ දීගේ ගැන කියන තලතා - ''එයාලත් අපේ කොටසක්, එක්සත් නිසා තමයි සියලුම පක්ෂ අද මෙතැනට ආවේ''

ගිනි අව්ව පරදා පොළොන්නරුවට තද වැසි | Ada Derana

ගිනි අව්ව පරදා පොළොන්නරුවට තද වැසි | Ada Derana

කාලගුණයේ අලුත්ම දැනුම්දීම - පොළොන්නරුවට සහ මුලතිව්වල හවසට ගිගුරුම් සහිත වැසි | Ada Derana

කාලගුණයේ අලුත්ම දැනුම්දීම - පොළොන්නරුවට සහ මුලතිව්වල හවසට ගිගුරුම් සහිත වැසි | Ada Derana

Lassana Flora
Spotlight
 අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

 නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

රාජිතට අධිචෝදනා

රාජිතට අධිචෝදනා

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට