header logo
Vallibel FD
උණුසුම් පුවත්
දින 359කට ආසන්න කාලයක් රැඳවුම් භාරයේ සිටි පිල්ලෙයාන්ට අධිකරණ දුන් නියෝගය - සම්පූර්ණ විස්තරය මෙන්න
Apr 02, 202607:09 PM
දින 359කට ආසන්න කාලයක් රැඳවුම් භාරයේ සිටි පිල්ලෙයාන්ට අධිකරණ දුන් නියෝගය - සම්පූර්ණ විස්තරය මෙන්න
Mobitel 1278

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ වසරකට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිට අද අධිකරණයට ඉදිරිපත් කෙරුණු නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේසතුරෛයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් නීතිපති උපදෙස් ලැබෙනතුරු රක්ෂිත බන්ධනාගාර කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය අද (02) නියෝග කළේය.

ඔහු මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ 2006 වසරේදී නැගෙනහිර විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන්ය.

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයෙකු වූ මහාචාර්ය සිවසුබ්‍රමනියම් රවින්ද්‍රනාත් මහතා 2006 වසරේ දෙසැම්බර් මස 15 වැනිදා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් නැගෙනහිර පළාත් හිටපු මහඇමති සිවනේසතුරෛයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඉකුත් වසරේ අප්‍රේල් 08 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනුණි.

දින 359කට ආසන්න කාලයක් ත්‍රස්තවාදය වළැක්වීමේ පනත ප්‍රකාරව රැඳවුම් භාරයේ සිටි සැකකරු අද පස්වරුවේ මුල්වරට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණි.

එහිදී කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් කියා සිටියේ ප්‍රශ්නගත උපකුලපතිවරයා මෙම සැකකරුගේ අනුබලය මත ඝාතනයට ලක්ව ඇති බවය.

"ස්වාමිනි, මේ සැකකාර සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් සෙවනපිටිය ප්‍රදේශයේ වධකඳවුරක් පවත්වාගෙන ගිහින් තියෙනවා. එම ස්ථානයට සිවිල් පුද්ගලයින්, ව්‍යාපාරිකයන්, රාජ්‍ය සේවකයින් මෙන්ම පොලිස් නිලධාරීන් වගේ විවිධ පුද්ගලයින් ගෙනගොස් දරුණු වධහිංසාවට ලක්කිරීම්, කප්පම්ගැනීම් මෙන්ම මරාදැමීම්ද සිදුකර තිබෙනවා. මේ ප්‍රශ්නගත මහාචාර්යවරයාත් පැහැරගෙන ගොස් රඳවාගෙන ඉඳලා ඝාතනය කරලා පුළුස්සලා තියෙන්නේ මේ ස්ථානයේදීයි. සාක්ෂිකරුවන් දෙදෙනෙක් ප්‍රකාශ ලබාදී තිබෙනවා එම මහාචාර්යවරයා මේ කඳවුරේ රඳවාගෙන ඉදලා පසුව ඝාතනය කළා කියලා.ඇතැම් ඝාතනවලින් පසු මෘතශරීර එම කඳවුරේම වළදමා ඇති බවටයි දැනට සාක්ෂි අනාවරණය වෙලා තියෙන්නේ. මේ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයෙන් කැඳවපු වාර්තාවක දැක්වෙනවා මේ සැකකරුට මෙවැනි කඳවුරක් පවත්වාගෙන යාමට කිසිදු නෛතික බලයක් ලබාදී නැහැ කියලා. ඒ වගේම පැවති දේශපාලන වාතාවරණය මත එකල ආරක්ෂක අමාත්‍යාංශය විසින් මෙම සැකකරුගේ පාර්ශ්වයට නිකුත්කර තිබූ T56 ගිනි අවි 352ක්, 9mm වර්ගයේ ගිනිඅවි 36ක් සයි මයික්‍රෝ වර්ගයේ එක් ගිනිඅවියක් නැවත ආරක්ෂක අමාත්‍යාංශයට ලබාදී නොමැති බවද එම වාර්තාවේ දැක්වෙනවා. ඒ අනුව ස්වාමිනි මෙම සැකකරු එරෙහිව ත්‍රස්තවාදය වැළක්වීමේ පනත සහ දණ්ඩ නීති සංග්‍රහයේ 296 මිනිමැරීම යටතේ චෝදනා ගොනුකරනවා. "

අනතුරුව සැකකාර සිවනේසතුරෛයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් වෙනුවෙන් නීතිඥ උදය ගම්මන්පිල මහතා ඇප අයැදීමක් කරමින් කරුණු දැක්වුවාය.

" ස්වාමිනි, මගේ සේවාදායකයා බලහත්කාරයෙන් ළමා සොල්දාදුවෙක් විදිහට බඳවාගැනීමේ ඉඳලා අවුරුදු 18ක් එල්.ටී.ටී.ඊ. සංවිධානයට කොටුවෙලා හිටියා. පස්සේ 2015 ඉඳලා අවුරුදු 05ක් පරරාජසිංහම් ඝාතනයට කියලා නොකළ වරදකට රිමාන්ඩ් භාරයේ සිටියා. නමුත් අද දක්වාම ඔහු කිසිදු වරදකට වරදකරුවෙකු වෙලා නැහැ. ස්වාමිනි, මොහු මේ නඩුවේ කිසිදු සාක්ෂිකරුවෙකුට බලපෑම් කරලාත් නැහැ, අධිකරණය මඟහැරලාත් නැහැ. මොහුව රක්ෂිත බන්ධනාගාරගත කළහොත් එය ඔහුගේ ආරක්ෂාවට තර්ජනයක් වෙන්න පුළුවන්. මොකද අත්අඩංගුවට ගන්නා මොහොත වෙද්දිත් වත්මන් ආණ්ඩුව යටතේත් මොහුට පොලිස් නිලධාරීන් 05කගේ ආරක්ෂාවක් ලබාදී තිබුණා. නමුත් බන්ධනාගාරය ඇතුළේ එවැනි ආරක්ෂාවක් නැහැ. එබැවින් මොහුව ඇපමත මුදාහරින්න කියා මා ඉල්ලා සිටිනවා."

කෙසේවෙතත් සැකකරුට ඇප ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් විරුද්ධ වුණි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ගලකිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා මීට අදාළව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ අදාළත්වය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නීති කෘත්‍යයක් පවතින බැවින් මෙම අවස්ථාවේ සැකකරුට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළේය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
විලංගු වැටුණු නාමල් බන්ධනාගාරයට..රු.මි.100ක් නාමල්ට දුන් බවට නිමල්ගෙන් දිවුරුම් ප්‍රකාශයක්

විලංගු වැටුණු නාමල් බන්ධනාගාරයට..රු.මි.100ක් නාමල්ට දුන් බවට නිමල්ගෙන් දිවුරුම් ප්‍රකාශයක්

ඔක්තෝබර් - නොවැම්බර් 'එල් නිනෝ' ඉතා ප්‍රබල වෙන බවට රතු එළි...

ඔක්තෝබර් - නොවැම්බර් 'එල් නිනෝ' ඉතා ප්‍රබල වෙන බවට රතු එළි...

 පුටු නඩුවට අත්අඩංගුවට ගත් ජොනීට ඇප... රු. ලක්ෂ 79ක් රජයට පාඩු කළැයි චෝදනා

පුටු නඩුවට අත්අඩංගුවට ගත් ජොනීට ඇප... රු. ලක්ෂ 79ක් රජයට පාඩු කළැයි චෝදනා

 අමෙරිකානු මුදල් ඉතිහාසයේ නව පෙරළියක් කරමින් ට්‍රම්ප්ගේ රැව සහිත ඩොලරයේ කාසියක් නිකුත් වෙයි

අමෙරිකානු මුදල් ඉතිහාසයේ නව පෙරළියක් කරමින් ට්‍රම්ප්ගේ රැව සහිත ඩොලරයේ කාසියක් නිකුත් වෙයි

මහ පාන්දර කොල්ලුපිටිය රත්කළ වෙඩිතැබීම...

මහ පාන්දර කොල්ලුපිටිය රත්කළ වෙඩිතැබීම...

දරුවන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය ගැන බරපතළ අනාවරණයක්

දරුවන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය ගැන බරපතළ අනාවරණයක්

ගැටලු කියන්න කොළඹ ආ උක් ගොවීන් සහ සේවකයන්

ගැටලු කියන්න කොළඹ ආ උක් ගොවීන් සහ සේවකයන්

'එල් නිනෝ' බලපෑම් තවත් ප්‍රදේශ රැසකට...පීඩාවට පත් පිරිස 94,000 පනී..

'එල් නිනෝ' බලපෑම් තවත් ප්‍රදේශ රැසකට...පීඩාවට පත් පිරිස 94,000 පනී..

පරණ කෝන්තරයක් පිරිමහගන්න ආපු චණ්ඩින්ට පොලීසියෙන් වෙඩි

පරණ කෝන්තරයක් පිරිමහගන්න ආපු චණ්ඩින්ට පොලීසියෙන් වෙඩි

කිව්ව දේවල් වුණා නම් දැන් අරලිය අයිති කාටදැයි බිමල් කියයි..

කිව්ව දේවල් වුණා නම් දැන් අරලිය අයිති කාටදැයි බිමල් කියයි..

22ට එරෙහිව SJB පාරට...කොටුවේ දැවැන්ත විරෝධතාවක්

22ට එරෙහිව SJB පාරට...කොටුවේ දැවැන්ත විරෝධතාවක්

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය...

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය...

ශ්‍රී ලංකා පොලිස් සේවයට වසර 160යි...සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකා පොලිස් සේවයට වසර 160යි...සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

 ලෝකයක් දිනන්න පළමු පියවර තැබූ පහේ හපන්නු... | දිවයිනේ ප්‍රථමයාට මනුසත් දෙරණින් ශිෂ්‍යත්වයක්...

ලෝකයක් දිනන්න පළමු පියවර තැබූ පහේ හපන්නු... | දිවයිනේ ප්‍රථමයාට මනුසත් දෙරණින් ශිෂ්‍යත්වයක්...

ගමේ පාසලට දණ නමස්කාර කර පහේ හපනා කොළඹ එයි | Ada Derana

ගමේ පාසලට දණ නමස්කාර කර පහේ හපනා කොළඹ එයි | Ada Derana

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

රාජිතට අධිචෝදනා

රාජිතට අධිචෝදනා

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

22 ගැන නඩු විභාගය අවසන්

22 ගැන නඩු විභාගය අවසන්

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්