header logo
SLIC
උණුසුම් පුවත්
දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව මූලික රෝහලේ ගුටි කෙළියක්
Apr 02, 202605:37 PM
දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව මූලික රෝහලේ ගුටි කෙළියක්
Mobitel 1278

දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව මූලික රෝහලේ සිදු වූ බව කියන පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව රෝහලේ වැඩ බලන වෛද්‍ය අධිකාරී වෛද්‍ය අරුණ කුමාර මහතා පවසයි.

ඒ මහතා සඳහන් කළේ, අදාළ සිද්ධියට සම්බන්ධ කම්කරු සේවිකාවක් සහ වෘත්තීය සමිති සේවකයාට එරෙහිව විනය පියවර ගන්නා බව ද ඔහු ප්‍රකාශ කළේය.

ඇඳුම් මාරු කරන කාමරයකට පැන තමන්ට වෘත්තීය සමිති නායකයෙකු පහරදුන් බව කියමින්, එහි කම්කරු සේවිකාවක් රෝහල් ගතවී ඇත.

කෙසේවෙතත් එම රෝහල් කම්කරු සේවිකාව කොස්සකින් පහර දුන් බව පවසමින් වෘත්තීය සමිති නායකයා ද දඹුල්ල රෝහලටම ඇතුලත්වී ඇති බව පොලිසිය සඳහන් කරයි.

දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව රෝහලේ කනිෂ්ඨ සුළු සේවකයන් රෝහල් කම්කරුවන් අතර මේ දිනවල දිගින් දිගටම උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන තිබේ.

ස්ථාන මාරු ලැබීම හේතුවෙන් මෙවැනි තත්ත්වයක් උද්ගතවී ඇති බව එහි සේවකයෝ කියති.

දීර්ඝ කාලයක් රෝහලේ සේවය කළ බොහෝ දෙනෙකුට මේ වන විට විවිධ රෝහල්වලට ස්ථාන මාරු ලැබි තිබේ.

ඒ අනුව මෙම ස්ථාන මාරු ලබා දුන්නේ වෘත්තීය සමිති නායකයාගේ අවශ්‍යතාවය පරිදි බව බොහෝ සේවකයන් චෝදනා කරන්නට වූ බවට තොරතුරු වාර්තා වෙයි.

එවැනි පසුබිමක පහරකෑ බව කියන සේවිකාව තවත් සේවිකාවක් සමඟින් ඇඳුම් මාරු කරන කාන්තා විවේකාගාර කාමරයේ කතාබහක නිරතව සිට ඇත.

එම අවස්ථාවේදී සිද්ධියට සම්බන්ධයැයි පැවසෙන වෘත්තීය සමිතිය නායකයකු වන රෝහල් කම්කරු පැමිණ තමාට දැඩි ලෙස පහර දුන් බව අදාළ හෙදිය චෝදනා කරයි.

ස්ථාන මාරු පිළිබඳව ඔහුගෙන් දිගින් දිගටම ප්‍රශ්න කිරීම් හේතුවෙන් උරණවී තමාට අමානුෂික ලෙස කම්මුල්වලට හිසට පහරදී බිත්තියේ හිස වද්දවා ගෙන පහර දුන් බව ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත.

කෙසේ වෙතත් පහර දුන් බවට චෝදනා එල්ලව ඇති සමස්ත ලංකා සුව සේවා වෘත්තීය සමිතියේ ක්‍රියාකාරී නායකයා ද දඹුල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ, තමන් ආත්ම ආරක්ෂාවට එම සේවිකාවට පහර දුන් බවය.

තමන් එම ස්ථානයෙන් ගමන් කරමින් සිටියදී තමාගේ නම ප්‍රකාශ කරමින් තවත් සේවිකාවක් සමඟ බැන වදමින් සිටි බව ඔහු පැවසීය.

ඒ අනුව තමන්ට කරුණු විමසීමේදී කොස්සක් රැගෙන මෙම සේවිකාව පහරදුන් බවත් ඒ අනුව තමන් ද ඇයට පෙරළා පහර දුන් බව සඳහන් කළේය.

කෙසේ වෙතත් තමන් ස්ථාන මාරු සිද්ධීන්වලට කිසිදු සම්බන්ධතාවයක් නැති බවද හෙතෙම පවසයි.

තමන්ට පහරදීම හේතුවෙන් රෝහල්ගතව සිටින බවද ඔහු කීය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ගැටලු කියන්න කොළඹ ආ උක් ගොවීන් සහ සේවකයන්

ගැටලු කියන්න කොළඹ ආ උක් ගොවීන් සහ සේවකයන්

'එල් නිනෝ' බලපෑම් තවත් ප්‍රදේශ රැසකට...පීඩාවට පත් පිරිස 94,000 පනී..

'එල් නිනෝ' බලපෑම් තවත් ප්‍රදේශ රැසකට...පීඩාවට පත් පිරිස 94,000 පනී..

පරණ කෝන්තරයක් පිරිමහගන්න ආපු චණ්ඩින්ට පොලීසියෙන් වෙඩි

පරණ කෝන්තරයක් පිරිමහගන්න ආපු චණ්ඩින්ට පොලීසියෙන් වෙඩි

කිව්ව දේවල් වුණා නම් දැන් අරලිය අයිති කාටදැයි බිමල් කියයි..

කිව්ව දේවල් වුණා නම් දැන් අරලිය අයිති කාටදැයි බිමල් කියයි..

22ට එරෙහිව SJB පාරට...කොටුවේ දැවැන්ත විරෝධතාවක්

22ට එරෙහිව SJB පාරට...කොටුවේ දැවැන්ත විරෝධතාවක්

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය...

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය...

ශ්‍රී ලංකා පොලිස් සේවයට වසර 160යි...සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකා පොලිස් සේවයට වසර 160යි...සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

 ලෝකයක් දිනන්න පළමු පියවර තැබූ පහේ හපන්නු... | දිවයිනේ ප්‍රථමයාට මනුසත් දෙරණින් ශිෂ්‍යත්වයක්...

ලෝකයක් දිනන්න පළමු පියවර තැබූ පහේ හපන්නු... | දිවයිනේ ප්‍රථමයාට මනුසත් දෙරණින් ශිෂ්‍යත්වයක්...

ගමේ පාසලට දණ නමස්කාර කර පහේ හපනා කොළඹ එයි | Ada Derana

ගමේ පාසලට දණ නමස්කාර කර පහේ හපනා කොළඹ එයි | Ada Derana

 ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

 ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

ජනාධිපති ලේකම්ට එල්ලවුණු චෝදනාවට රේගුවෙන් කට අරියි..

ජනාධිපති ලේකම්ට එල්ලවුණු චෝදනාවට රේගුවෙන් කට අරියි..

 පිළිකා රෝගීන්ට දෙන Filgrastim ගැන තවත් අනාවරණයක්..

පිළිකා රෝගීන්ට දෙන Filgrastim ගැන තවත් අනාවරණයක්..

 22ට එරෙහි පෙත්සම් විභාගය බලන්න පොදු රාජ්‍ය මණ්ඩලීයනීතිඥ සංගමයේ සභාපතිත් අධිකරණයට

22ට එරෙහි පෙත්සම් විභාගය බලන්න පොදු රාජ්‍ය මණ්ඩලීයනීතිඥ සංගමයේ සභාපතිත් අධිකරණයට

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

රාජිතට අධිචෝදනා

රාජිතට අධිචෝදනා

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

22 ගැන නඩු විභාගය අවසන්

22 ගැන නඩු විභාගය අවසන්

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්

අලුත්ම ' රස්සාවක් ' උසාවියේදී හෙළිවෙයි - ඇපකාරයෝ 2ක්, කුඩු ජාවාරමුන් 45කට ඇප ඉල්ලලා

අලුත්ම ' රස්සාවක් ' උසාවියේදී හෙළිවෙයි - ඇපකාරයෝ 2ක්, කුඩු ජාවාරමුන් 45කට ඇප ඉල්ලලා

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි