header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය Online ක්‍රමයට රාජකාරී කිරීමට සැරසෙයි
Apr 02, 202601:05 PM
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය Online ක්‍රමයට රාජකාරී කිරීමට සැරසෙයි
Mobitel 1278

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය විසින් මාර්ගගත ක්‍රමවේද ඔස්සේ එහි රාජකාරී ඉටු කිරීමට අදාළ උපදෙස් මාලාවක් සකස් කර ඇති බව රාජ්‍ය සේවය ක්‍රමානුකූලව පවත්වාගෙන යාම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල කමිටුවේ තෙවන රැස්වීමේ දී දැනුම් දී තිබේ.

එමෙන්ම රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ එකඟතාවයෙන් එය ක්‍රියාත්මක කිරීමටත් ඒ අනුව 2026 අප්‍රේල් 20 වන දිනට පෙර මාර්ගෝපදේශයට අනුව ක්‍රියාත්මක වීම සඳහා අවශ්‍ය චක්‍රලේඛ විධිවිධාන නිකුත් කිරීමට සහ අප්‍රේල් 16 සහ 17 යන දිනවල මාර්ගගතව රාජකාරී කිරීමේ හැකියාව සොයා බැලීමටත්, ස්වාධීන කොමිෂන් සභාද මාර්ගගත ක්‍රමවේද ඔස්සේ ක්‍රියාත්මක කිරීම පිළිබඳ දැනුවත් කිරීමටත් මෙහිදී සාකච්ඡා කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

රාජ්‍ය සේවය ක්‍රමානුකූලව පවත්වාගෙන යාම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල කමිටුවේ තෙවන රැස්වීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ඊයේ (01) පැවැත්විණි.

මේ අතර, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මාර්තු 31 වන විට ඩීසල් 42% ක ඉතිරියක් කර ඇති බව ද එහිදී අනාවරණය විය.

එමෙන්ම එම අමාත්‍යාංශයේ විදුලිය සහ ජල කළමනාකරණ වැඩසටහන් මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක කරමින් තිබෙන බව මෙහිදී අනාවරණය වී ඇත.

මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් මතුව ඇති අභියෝග හමුවේ ඉන්ධන සහ බලශක්තිය කළමනාකරණය කර ගනිමින් රාජ්‍ය සේවය අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් පසුගිය රැස්වීමේදී ගනු ලැබූ තීරණ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය මෙහිදී විමසා බලා තිබුණි.

එමෙන්ම අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය විසින් නිකුත් කරන ලද මාර්ගෝපදේශ අමාත්‍යාංශ මට්ටමින් ක්‍රියාත්මක වීම සහ එහි ප්‍රගතිය මෙහිදී විශේෂ අවධානයට ලක්ව ඇත.

ඊට අමතරව, අප්‍රේල් 07 සහ 09 යන දිනවල පාසල් මට්ටමින් බලශක්තිය කළමනාකරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීමට නියමිත බවත්, විශ්වවිද්‍යාල හැකි ඇතැම් අවස්ථාවන්හිදී මාර්ගගතව ක්‍රියාත්මක වන බවත් මෙහිදී අනාවරණය වී තිබේ.

ග්‍රාම නිලධාරී ප්‍රවේශ විභාගය ඇතුළු විභාග සැලසුම් කර තිබු ආකාරයට පැවැත්වූ බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාශය දැනුම් දුන් අතර, ප්‍රවාහන, ඩිජිටල් ආර්ථික, අධිකරණ ඇතුළු බොහෝ අමාත්‍යාංශ අත්‍යවශ්‍ය සේවක ප්‍රමාණයක් ගෙන්වාගෙන සහ මාර්ගගත ක්‍රමවේද ඔස්සේ සේවා අඛණ්ඩව පවත්වාගෙන යන බව සඳහන් වේ.

රාජ්‍ය ආයතනවල ඉන්ධන සහ බලශක්ති කළමනාකරණය අධීක්ෂණය කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු වූ අතර, ඒ සඳහා රාජ්‍ය ආයතන ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ඉතිරි කර ඇති බලශක්ති ප්‍රමාණය මීළඟ කමිටු රැස්වීමට වාර්තා කිරීමටද තීරණය වී ඇත.

මේ අතර, ජල පරිභෝජනය අපතේ යාම වළක්වා ගැනීම සහ විකල්ප ජල මූලාශ්‍ර භාවිතය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ කඩිනම් වැඩසටහනක් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සහ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන එක්ව ක්‍රියාත්මක කිරීමටද මෙහිදී සාකච්ඡා විය.

තවද, දෛනික බලශක්ති පරිභෝජනය, සංචිත ප්‍රමාණය, රාජ්‍ය සේවක පැමිණීම ආදිය Dashboard එකක් ඔස්සේ ප්‍රදර්ශනය කරමින් අදාළ කටයුතු අධීක්ෂණය කිරීමට සහ තීරණ ගැනීමටද මෙහිදී අවධානය යොමු විය.

2026 අප්‍රේල් 08 වනදා නැවත කමිටුව රැස්වීමටද තීරණය කෙරිණි.

MostRead
Mobitel 1278
VideoStories
අදත් රට පුරා දුක් දුන් කාලගුණය - ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ තද වැසි | Ada Derana

අදත් රට පුරා දුක් දුන් කාලගුණය - ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ තද වැසි | Ada Derana

දුරදිග ගිය දිට්වා ආපදා වන්දි ආරවුල...පොල්ලක් අරන් ඇවිත් ග්‍රාමසේවකට තඩිබාන්න යන හැටි CCTV කැමරාවේ...

දුරදිග ගිය දිට්වා ආපදා වන්දි ආරවුල...පොල්ලක් අරන් ඇවිත් ග්‍රාමසේවකට තඩිබාන්න යන හැටි CCTV කැමරාවේ...

අනුරාධපුර සත්‍යග්‍රහයේදී සිදුවූ දේ ගැන කස්සප හිමි දැන් කියන කතාව

අනුරාධපුර සත්‍යග්‍රහයේදී සිදුවූ දේ ගැන කස්සප හිමි දැන් කියන කතාව

අද කාලගුණය වෙනස්වන හැටි "ජනතාව අවධානයෙන් කටයුතු කරන්න"

අද කාලගුණය වෙනස්වන හැටි "ජනතාව අවධානයෙන් කටයුතු කරන්න"

අයවැය ගැන පොළොන්නරුව රාජ්‍ය නායකයා ගමටම ඇහෙන්න කියපු කතාව

අයවැය ගැන පොළොන්නරුව රාජ්‍ය නායකයා ගමටම ඇහෙන්න කියපු කතාව

වනඇතෙකු සහ වනඅලියෙකු බලා සිටි පිරිසටත් ආචාර කරමින් පාර මාරු වූ හැටි

වනඇතෙකු සහ වනඅලියෙකු බලා සිටි පිරිසටත් ආචාර කරමින් පාර මාරු වූ හැටි

ලංකාවට ඔළුව උස්සන්නම දෙන්නේ නැති බෙංගාල බොක්ක..

ලංකාවට ඔළුව උස්සන්නම දෙන්නේ නැති බෙංගාල බොක්ක..

නවගමුව පත්තිනි දේවාලය පිටුපස ගසක් කඩා වැටී වාහන කිහිපයක් කුඩුපට්ටම් වෙයි...

නවගමුව පත්තිනි දේවාලය පිටුපස ගසක් කඩා වැටී වාහන කිහිපයක් කුඩුපට්ටම් වෙයි...

ගිරිඋල්ලටත් මහ වැසි...

ගිරිඋල්ලටත් මහ වැසි...

PSTA පනතේ රඟ එක පෙළට කියන ජන අරගලය

PSTA පනතේ රඟ එක පෙළට කියන ජන අරගලය

''දැන් ආණ්ඩුවේ බලය ඉවරයි, සීනි බෝල දීලා ජනතාව රවට්ටන්න හදන්නේ'' | Ada Derana

''දැන් ආණ්ඩුවේ බලය ඉවරයි, සීනි බෝල දීලා ජනතාව රවට්ටන්න හදන්නේ'' | Ada Derana

ගාල්ලටත් මහ රෑ දැනෙන වැස්සක් | Ada Derana

ගාල්ලටත් මහ රෑ දැනෙන වැස්සක් | Ada Derana

 එළැඹෙන 11 වැනිදා කාලගුණයට සිදුවන දේ

එළැඹෙන 11 වැනිදා කාලගුණයට සිදුවන දේ

''කොළඹ කාණුව ගැන අහන්න වඩාත්ම සුදුසු නගරාධිපතිනිය'' - ''කොළඹට වැහැලා තියෙනවා'' | Ada Derana

''කොළඹ කාණුව ගැන අහන්න වඩාත්ම සුදුසු නගරාධිපතිනිය'' - ''කොළඹට වැහැලා තියෙනවා'' | Ada Derana

වැස්සෙන් පස්සේ කටඇරිය බල්තසාර්.. | Ada Derana

වැස්සෙන් පස්සේ කටඇරිය බල්තසාර්.. | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
 අනුරගේ පවුලේ ආදායම ජනපති වැටුපයි - සජිත් ලක්ෂ 825කට වඩා ණයයි

අනුරගේ පවුලේ ආදායම ජනපති වැටුපයි - සජිත් ලක්ෂ 825කට වඩා ණයයි

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 ජලාශ අටම පීරී භූකම්පන අවදානමක්

ජලාශ අටම පීරී භූකම්පන අවදානමක්

 11වැනිදාට පසු කාලගුණයේ කැලඹීමක්?

11වැනිදාට පසු කාලගුණයේ කැලඹීමක්?

 දීපාවලී දිනය අදයි

දීපාවලී දිනය අදයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

 ලෝක බලවතුන් එක්වූ 'COP17' සමුළුවේදී මිෂෙල්ගේ දේශනය ලොව පුරා අවධානයට

ලෝක බලවතුන් එක්වූ 'COP17' සමුළුවේදී මිෂෙල්ගේ දේශනය ලොව පුරා අවධානයට

 ට්‍රම්ප්ගේ පරාජයත් සමග ලෝක තෙල් මිලත් පහළට

ට්‍රම්ප්ගේ පරාජයත් සමග ලෝක තෙල් මිලත් පහළට

දවසේ කාටූන් විස්තරේ |

දවසේ කාටූන් විස්තරේ |

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ