පැතුම්ට IPL වරම්
April 1, 2026 08:08 pm
ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) වරම් හිමිකරගැනීමට අද (1) අවස්ථාව උදාවිය.
පැතුම්, දිල්ලි කැපිටල්ස් කණ්ඩායම වෙනුවෙන් තෝරාගෙන සිටියේය.
ඒ අනුව එම කණ්ඩායම මෙවර තරගාවලියේ ක්‍රීඩාකරන පළමු තරගය ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට එරෙහිව ලක්නව්හිදී මේ වනවිට පැවැත්වේ.
මෙම කණ්ඩායමේද පැතුම්ට ආරම්භක පිතිකරුවාගේ ස්ථානය හිමිකර දී ඇත.
