2026 ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් කැඳවීම ගැන නිවේදනයක්

2026 ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් කැඳවීම ගැන නිවේදනයක්

March 30, 2026   06:46 pm

2026 අගෝස්තු මස 9 වන ඉරු දින පැවැත්වීමට නියමිත ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් කැඳවීම සම්බන්ධයෙන් නිවේදනයක් විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව අද (30) සිට අප්‍රේල් මස 30වන දා මධ්‍යම රාත්‍රී 12 දක්වා මෙම අයදුම්පත් කැඳවනු සිදුකරනු ලැබේ.

කිසිදු හේතුවක් මත අයදුම්පත් භාරගන්නා අවසන් දිනය දීර්ඝ නොකරන බවද විභාග දෙපාර්තමේන්තුව දැනුම්දෙයි. 

විභාගයට ඉදිරිපත් විය හැක්කේ, රජයේ පාසලක හෝ රජය විසින් අනුමත කරනු ලැබූ පෞද්ගලික පාසලක 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන්ට පමණී.

ශිෂ්‍යාධාර පිරිනමනු ලබන්නේ අඩු ආදායම් සහිත 2027 ජනවාරි මස 31 වන දිනට වයස අවුරුදු 11ට අඩු සිසුන් සඳහා පමණක් බවද විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

අයදුම්පත් ඉදිරිපත් කළ යුත්තේ මාර්ගගතව වන අතර, අදාළ උපදෙස් https://onlineexams.gov.lk/eic යන වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැක.

විශේෂ අවශ්‍යතා ඇති සිසුන් ඉල්ලුම් කළ යුතු ආකාරය පිළිබඳ උපදෙස් විස්තරාත්මකව උපදෙස් පත්‍රිකාවේ සඳහන් කර ඇත.

වැඩි විස්තර - 0112 784 537 / 0012 786 616 / 0112 784 208 / 0112 786 200 /0112 784 201/
ක්ෂණික දුරකථන - 1911

ෆැක්ස් අංකය - 0112 784 422

විද්‍යුත් ලිපිනය - http://gr5schexam@gmail.com