header logo
SLIC
උණුසුම් පුවත්
මැදපෙරදිග යුද්ධයේ නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්
Mar 30, 202605:57 AM
මැදපෙරදිග යුද්ධයේ නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්
Mobitel 1278

ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව සිදුකරන ඉරානයට එරෙහි යුද මෙහෙයුම ආරම්භ කර අදට (30) දින 31ක් ගතවී ඇත.

---------------------

Update - 10.23 PM

දකුණු ලෙබනනයේදී සිදුවූ පිපිරීමකින් එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයන් දෙදෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වෙයි.
---------------------------

Update - 10.02 PM
මැදපෙරදිග අසල්වැසි රටවලට එල්ල වන ප්‍රහාර වැළැක්වීමට නම්, ඉරානය සතු මිසයිල සහ ඩ්‍රෝන බලය සම්පූර්ණයෙන්ම විනාශ කළ යුතු බව අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ පවසයි.

තමන් සමඟ යුද්ධයක නොසිටි රටවල බලශක්ති පද්ධතිවලට පවා ඉරානය පහර දී ඇති බවත්, ඔවුන් මෙම මිසයිල නිෂ්පාදනය කර ඇත්තේම එවැනි විනාශයන් සඳහා බවත් ඔහු චෝදනා කර තිබේ.

----------------------

Update - 09.30 PM

මාර්තු 2 වැනිදා සිට ලෙබනනයේ දකුණු ප්‍රදේශයට ඊශ්‍රායලය එල්ල කරන ගොඩබිම් සහ ගුවන් ප්‍රහාර හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 1,247 දෙනෙකු මියගොස් ඇති අතර 3,680 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව ලෙබනන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසා තිබේ.

------------------------------

Update - 09.10 PM

මැදපෙරදිග ප්‍රධාන ගුවන් කේන්ද්‍රස්ථාන වන ඩුබායි, දෝහා සහ අබුඩාබි යන ගුවන් තොටුපළවල් වසා දැමීමට සිදුවීම හේතුවෙන් ජාත්‍යන්තර ගුවන් ගමන් රැසක් අවලංගු කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

-------------------------

Update - 08.50 PM

පසුගිය සති අන්තයේ ඩ්‍රෝන ප්‍රහාරයකට ලක්වූ ඕමානයේ සලාලා වරාය හෙට සිට නැවත විවෘත කරන බව ඩෙන්මාර්කයේ මර්ස්ක් (Maersk) නැව් සමාගම පවසයි.

---------------------

Update - 08.20 PM

ඉරානයේ සිට එල්ල කරන ලද බැලැස්ටික් මිසයිලයක් තුර්කි ගුවන් සීමාවට ඇතුළු වූ අවස්ථාවේදී, මධ්‍යධරණී මුහුදු කලාපයේ ස්ථාපනය කර ඇති නේටෝ ගුවන් ආරක්ෂක පද්ධති මගින් එය වෙඩි තබා විනාශ කර ඇත.

--------------------

Update - 08.02 PM
ඉරානය තුළ සිදුවන බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට එරෙහිව පනවා ඇති සීමාවන් 2027 අප්‍රේල් 13 දක්වා තවත් වසරකින් දීර්ඝ කිරීමට යුරෝපා සංගමය තීරණය කර ඇත.

-----------------------

Update - 07.12 PM

ඉරාකයේ කිර්කුක් ප්‍රදේශයේ සිට තුර්කියේ සෙයිහාන් (Ceyhan) වරාය දක්වා තෙල් යැවීම නැවත ආරම්භ කර ඇත.

මෙම තෙල් අපනයනය සිදු කරනු ලබන්නේ ඉරාක-තුර්කි නළ පද්ධතිය හරහා සහ ගොඩබිම් මාර්ග භාවිතා කරමින් බව සඳහන් වෙයි.

-----------------------

Update - 06.10 PM

රටේ සාමය සහ ස්ථාවරත්වය නැති කිරීමට උත්සාහ කරන ඕනෑම අයෙකුට එරෙහිව දැඩි පියවර ගන්නා බව ජනාධිපතිවරයා අවධාරණය කළේය. "සිවිල් සාමය විනාශ කිරීමට දිගු කරන දෑත් කපා දමනවා" යනුවෙන් ලෙබනන ජනාධිපති ජෝසප් අවුන් දැඩිව ප්‍රකාශ කර ඇත.
---------------------

Update - 06.00 PM

ඉරානයට හිතවාදී ඉරාකයේ සන්නද්ධ කණ්ඩායම්, ඉරාක භූමිය භාවිතා කරමින් අසල පිහිටි අරාබි රටවලට නිරන්තරයෙන් ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ල කරමින් සිටින බව විදෙස් වාර්තා පවසයි.
----------------------

Update - 05.36 PM

ඊශ්‍රායල හමුදාව විසින් ටෙහෙරාන් නුවර පිහිටි විශ්වවිද්‍යාලයකට ප්‍රහාරයක් එල්ල කර ඇත.

------------------

Update - 04.36 PM

කුවේට්හි පිහිටි ජලය පිරිපහදු කරන මධ්‍යස්ථානයකට ඊශ්‍රායලය විසින් ප්‍රහාරයක් එල්ල කර ඇති බව ඉරාන හමුදාව පවසයි.

---------------------------

Update - 04.32 PM

ඉරානයට එරෙහි යුද්ධයට සම්බන්ධ වන අමෙරිකානු හමුදා ගුවන්යානාවලට ස්පාඤ්ඤ ගුවන් සීමාව භාවිතා කිරීම එරට රජය විසින් තහනම් කර ඇත.

--------------------

Update - 04.15 PM

ලෙබනනය විසින් ඉරාන තානාපතිවරයාට රටින් පිටව යන ලෙස නියෝග කර තිබුණත්, ඔහු දිගටම ලෙබනනයේ රැඳී සිටිමින් සිය රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සිදු කරන බව ඉරාන විදේශ අමාත්‍යාංශය පවසයි.

-----------------------

Update - 04.12 PM

දකුණු ලෙබනනයේ බීට් ලීෆ් (Beit Leef) නගරයේ පිහිටි නිවසක් තුළ රැඳී සිටි ඊශ්‍රායල හමුදා කණ්ඩායමකට හිස්බුල්ලා සංවිධානය ප්‍රහාර එල්ල කර ඇත.

----------------------

Update - 03.40 PM

ඊශ්‍රායලයේ උතුරු ප්‍රදේශයේ පිහිටි හයිෆා නාවික හමුදා කඳවුරට තමන් ප්‍රහාර එල්ල කළ බව හිස්බුල්ලා සංවිධානය නිල වශයෙන් ප්‍රකාශ කර ඇත.
---------------------------

Update - 03.30 PM

දකුණු ලෙබනනයේ අල්-අමිරියා ප්‍රදේශයේ පිහිටි හමුදා මුරපොළකට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයෙන් බරපතල තත්ත්වයේ සිටි හමුදා සෙබළා මියගොස් ඇති බව සඳහන් වෙයි.

------------------------

Update - 03.26 PM

යුද්ධය නිසා ලෝකයේ තෙල් සහ ගෑස් වෙළෙඳපොළට එල්ල වී ඇති බලපෑම ගැන සාකච්ඡා කිරීමට යුරෝපා සංගමයේ බලශක්ති ඇමතිවරු හෙට (31) රැස්වීමට නියමිත බව සඳහන් වෙයි.

පෙබරවාරි 28 වැනිදා ඇමරිකා-ඊශ්‍රායල සහ ඉරාන යුද්ධය ආරම්භ වූ දා සිට යුරෝපයේ ගෑස් මිල 70% කට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇත.

-------------------

Update - 03.10 PM

යුක්‍රේන ජනාධිපතිවරයා පසුගියදා කටාර්, සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල් සමඟ වැදගත් ආරක්ෂක ගිවිසුම් කිහිපයකට අත්සන් තබා ඇති අතර මෙය ඔහු ඓතිහාසික පියවරක් ලෙස හදුන්වන බව සඳහන් වෙයි.

----------------------

Update - 03.01 PM

ලෙබනනයේ අල්-අමිරියා (Al-Amiriyah) නගරයේ පිහිටි හමුදා මුරපොළකට ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක් එල්ල වී ඇත.

මෙම ප්‍රහාරයෙන් ලෙබනන් හමුදාවේ සොල්දාදුවන් පස් දෙනෙකු තුවාල ලබා ඇති බවත් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවත් සඳහන් වෙයි.

--------------------------

Update - 02.56 PM

ඉරාන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක එස්මයිල් බාකයි (Esmaeil Baqaei) පවසා ඇත්තේ, තමන් මෙතෙක් අමෙරිකාව සමඟ කිසිදු සෘජු සාකච්ඡාවක් පවත්වා නොමැති බවයි.

--------------------------

Update - 02.43 PM

අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයේ ටෙහෙරාන් අගනුවර සහ තවත් නගර කිහිපයකට ඊයේ රාත්‍රී කාලය පුරාවට ගුවන් ප්‍රහාර එල්ල කර ඇත.

ප්‍රහාර හේතුවෙන් ටෙහෙරාන් නුවර විදුලි බල පද්ධතිවලට හානි සිදුවී ඇති අතර, ඒ හේතුවෙන් නගරයේ විදුලිය ඇනහිටී ඇති බව වාර්තා විය.

මේ වන විට විදුලිය යථා තත්ත්වයට පත් කර ඇති බව ඉරාන බලධාරීන් පවසයි.

-----------------------

Update - 02.33 PM

ඊශ්‍රායලයේ උතුරු ප්‍රදේශයේ පිහිටි බාසාන් තෙල් පිරිපහදුවට මිසයිල ප්‍රහාරයක් එල්ල වී ඇති අතර, ඒ හේතුවෙන් එහි විශාල ගින්නක් හටගෙන ඇති බව වාර්තා වෙයි.

------------------------

Update - 02.11 PM

ඉරාකයේ බග්ඩෑඩ් නුවර පිහිටි හමුදා කඳවුරකට රොකට් ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් වාර්තා පවසයි.

-------------------------

Update - 01.55 PM

ඉරානයේ සිට මිසයිලයක් දියත් කර ඇති බව හඳුනා ගැනීමත් සමඟ උතුරු ඊශ්‍රායල කලාපයට පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

ප්‍රහාරයක අවදානම හේතුවෙන් එම ප්‍රදේශවල ආරක්ෂිත පියවර තර කර ඇති බවද සඳහන් වෙයි.

-------------------------

Update - 01.25 PM

ඉරාන විප්ලවීය ආරක්ෂක බළකායේ නාවික හමුදාපති Alireza Tangsiri මියගිය බව ඉරානය තහවුරු කර ඇත.

-------------

Update - 01.20 PM

ඉරානය සමඟ යුද්ධය ආරම්භ වූ දා සිට මේ දක්වා සෙබළුන් 261දෙනෙකු තුවාල ලබා ඇති බව ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කරයි.

කෙසේ වෙතත්, මියගිය සෙබළුන් සංඛ්‍යාව පිළිබඳ නිල වාර්තාවක් හමුදාව මෙතෙක් නිකුත් කර නොමැත.

-------------

Update - 01.15 PM

කුවේට්හි හමුදා කඳවුරක්, විදුලි බලාගාරයක් සහ ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ඉලක්ක කර ගනිමින් ඉරානය එල්ල කළ ප්‍රහාරයන් කටාර් විදේශ අමාත්‍යාංශය දැඩි ලෙස හෙළා දැක තිබේ.

----------------

Update - 01.00 PM

සවුදි අරාබිය, තුර්කිය සහ ඊජිප්තු විදේශ අමාත්‍යවරු ඉහළ මට්ටමේ සාකච්ඡා වටයකින් අනතුරුව ඉස්ලාමාබාද් නුවරින් පිටත්ව ගොස් ඇත.

-----------------

Update - 12.40 PM

ඇමරිකානු-ඊශ්‍රායල ඉරාන යුද්ධය හේතුවෙන් මතුව ඇති ඉන්ධන සැපයුම් සීමා හමුවේ පිලිපීනයේ ඉන්ධන පිරවුම්හල් 300කට වඩා වැඩි ප්‍රමාණයක් වසා දමා ඇති බව එරට මාධ්‍ය වාර්තා කර ඇත.

----------------

Update - 12.30 PM

ගාසා නගරයට ගිනිකොන දෙසින් ඊශ්‍රායලයෙන් එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් අවම වශයෙන් පලස්තීනුවන් තිදෙනෙකු මියගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

-------------------

Update - 12.00 PM

බේරූට්හි දකුණු දිග උපනගරවල තම මෙහෙයුම් අඛණ්ඩව සිදුකරන බව ඊශ්‍රායල හමුදාව පවසයි.

ඒ අනුව ප්‍රදේශ හතක පදිංචිකරුවන්ට වහාම තම නිවෙස්වලින් ඉවත් වන ලෙස ඔවුන් නියෝග කර ඇත.

-------------------

Update - 11.30 AM

ඩ්‍රෝන යානා පහක් බිම හෙළා ඇති බව කුවේට් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කර ඇත.

---------------------

Update - 10.30 AM

ඉන්දුනීසියාවේ ප්‍රධාන කොටස් වෙළඳ දර්ශකය වන ජකර්තා සංයුක්ත දර්ශකය පසුගිය සතියේ සුළු වශයෙන් යථා තත්ත්වයට පත්වීමෙන් පසුව නැවතත් අද (30) පහළ වැටී ඇත.

එරට වෙලාවෙන් 04:00 වන විට එම දර්ශකය 7,060 සීමාවේ පැවතී ඇති අතර එය පෙර ගනුදෙනු දිනයට වඩා සියයට 0.4ක පමණ පහල යාමක් බව සඳහන් වේ.

------------------

Update - 09.55 AM

අමෙරිකානු - ඊශ්‍රායල ඉරාන ප්‍රහාරය දිගින් දිගටම ඇදී ගියහොත්, මේ වසරේ නවසීලන්තයේ උද්ධමනය තවත් ඉහළ යා හැකි බව එරට මුදල් අමාත්‍ය නිකොලා විලිස් පවසයි.

----------------------

Update - 09.25 AM

ඉරානයෙන් එල්ල වූ මිසයිල හේතුවෙන් දකුණු ඊශ්‍රායලයේ අනතුරු ඇඟවීමේ සංඥා නාද වූ බවත්, එම මිසයිල රටේ දේශසීමාවෙන් පිටතදී විනාශ කර දැමූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

--------------------

Update - 08.55 AM

ගෘහස්ත වියදම් අඩු කිරීම සඳහා ඔස්ට්‍රේලියාව මාස තුනක කාලයක් සඳහා ඉන්ධන සඳහා පනවා ඇති බදු අඩු කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව එළැඹෙන ජූලි මාසය දක්වා ඔස්ට්‍රේලියාව ඉන්ධන මත පනවා ඇති බදු අඩකින් අඩු කර ඇත.

ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් සිය X ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ ජනතාව ඉන්ධන ලබා ගන්නා විට මුදල් ඉතිරි කර ගැනීම සඳහා මාස තුනක කාලයක් සඳහා ඉන්ධන බදු අඩකින් අඩු කිරීමට පියවර ගන්නා බවය.

මැදපෙරදිග ගැටුම් හේතුවෙන් දේශීය මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බවත් එය ඔස්ට්‍රේලියානුවන්ට පීඩනයක් ගෙන දෙන බැවින් මෙම තීරණය ගැනීමට කටයුතු කළ බවද ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා සිය X ගිණුමේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

විදෙස් මාධ්‍ය මේ සම්බන්ධව වාර්තා කර ඇත්තේ ඉන්ධන පිරිවැය වෙනුවෙන් ඔස්ට්‍රේලියානුවන් ඉන්ධන ලීටරයක් සඳහා ගෙවන බදු මුදල ඔස්ට්‍රේලියානු ශත 26.3කින් අඩුවනු ඇති බවය.

---------------------

Update - 08.30 AM

මැදපෙරදිග කලාපයේ සිටින අමෙරිකානු සහ ඊශ්‍රායල අණදෙන නිලධාරීන් සහ දේශපාලන නිලධාරීන්ගේ නිවෙස් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බවට ඉරානය අනතුරු අඟවා තිබේ.

ඔහු පවසන්නේ අමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් විවිධ නගරවල සිටින ඉරාන සිවිල් වැසියන්ගේ පදිංචි නිවෙස් ඉලක්ක කළ කරමින් එල්ල කරන ප්‍රහරවලට පළිගැනීමේ පියවරක් ලෙස මෙම ප්‍රහාර දියත් කරන බවය.

මෙම යුද්ධය අතරතුර ඉරාන හමුදා අණදෙන නිලධාරීන් සහ නිලධාරීන් කිහිප දෙනෙකුම මියගොස් ඇති බවද වැඩිදුරටත් සඳහන්.

---------------------

Update - 07.40 AM

තම සටන්කාමීන් විසින් උතුරු ඊශ්‍රායලයට සහ දකුණු ලෙබනනයේ රැඳී සිටින ඊශ්‍රායල සෙබළුන්ට ප්‍රහාර එල්ල කළ බව ලෙබනනයේ හිස්බුල්ලා කණ්ඩායම පවසයි.

උතුරු ඊශ්‍රායලයේ මෙටුලා නගරයට සහ දකුණු ලෙබනනයේ ඛියාම් රැඳවුම් මධ්‍යස්ථානයට නැගෙනහිරින් සිටින ඊශ්‍රායල සෙබළුන් සහ ඔවුන්ගේ වාහන ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර එල්ල කළ බව එම කණ්ඩායම වැඩිදුරටත් සඳහන් කළේය.

--------------------

Update - 07.10 AM

නැගෙනහිර කලාපය ඉලක්ක කර ගනිමින් පැමිණි බැලස්ටික් මිසයිල පහක් හඳුනාගෙන ඒවා විනාශ කළ බව සෞදි අරාබි ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

මෙම ප්‍රහාරයෙන් සිදුවූ හානි හෝ ජීවිත හානි පිළිබඳව වැඩිදුර තොරතුරු මෙතෙක් අනාවරණය කර නොමැත.

--------------------

Update - 06.45 AM

තමාට ඉරානයේ තෙල් ලබාගත හැකි බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර තිබේ.

එමෙන්ම ඉරානයේ ප්‍රධානතම තෙල් අපනයන මධ්‍යස්ථානය වන කාග් දූපත අත්පත් කර ගැනීමට ද ඇමරිකාවට හැකියාව පවතින බව ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

--------------------

Update - 06.30 AM

කුවේට් රාජ්‍යයේ විදුලි බල සහ ජල පිරිපහදු මධ්‍යස්ථානයකට ඉරානය එල්ල කළ ප්‍රහාරයකින් ඉන්දියානු ජාතික සේවකයෙකු මියගොස් ඇති බව කුවේට්
විදුලි බල හා ජල අමාත්‍යාංශය 'X' පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.

මෙම ප්‍රහාරය හේතුවෙන් අදාළ මධ්‍යස්ථානයට දැඩිව හානි සිදුව ඇති බව එම නිවේදනයේ සඳහන් වේ.

---------------------

Update - 05.45 AM

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඩොලර් 115 සීමාව ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් මිල 2.9%කින් ඉහළ ගොස් ඩොලර් 115.84ක් ලෙස සටහන් වී ඇත.

පසුගිය පෙබරවාරි 28 වන දින ඉරානයට එල්ල වූ අමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාර ආරම්භ වීමට පෙර, තෙල් බැරලයක මිල පැවතියේ ඩොලර් 72කට ආසන්න මට්ටමක ය.

පසුගිය මාර්තු 19 වන දින එය ඩොලර් 118ක් දක්වා උපරිම අගයකට පත්විය.

කෙසේ වෙතත් මෙම මිල ඉහළ යාම යුද්ධයට පෙර පැවති මිලට වඩා සැලකිය යුතු ඉහළ යාමකි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 පයාගලදී වෙඩි කෑ 'ඩිලා' කැමරාවේ සටහන් වූ තවත් දර්ශන පෙළක්...

පයාගලදී වෙඩි කෑ 'ඩිලා' කැමරාවේ සටහන් වූ තවත් දර්ශන පෙළක්...

 භූතානයට ගිය අගමැතිනි හරිනිට ලැබුණු පිළිගැනීම

භූතානයට ගිය අගමැතිනි හරිනිට ලැබුණු පිළිගැනීම

 කළු ගඟේ සැඟව ගිය සස්මිත සොයා මෙහෙයුම්

කළු ගඟේ සැඟව ගිය සස්මිත සොයා මෙහෙයුම්

කෝ එනවා කිව්ව ලයිට් කැපිල්ල? - ''හොරෙන්ම කපනවා'' | Ada Derana

කෝ එනවා කිව්ව ලයිට් කැපිල්ල? - ''හොරෙන්ම කපනවා'' | Ada Derana

 සැකයක් ඉතිරි කර නිදි යහනේ අවසන් ගමන් ගිය ප්‍රවීණ නිරූපණ ශිල්පිණී චූලා...

සැකයක් ඉතිරි කර නිදි යහනේ අවසන් ගමන් ගිය ප්‍රවීණ නිරූපණ ශිල්පිණී චූලා...

 සුදු තුවා අතර සඟවා පාකිස්තානයෙන් කොළඹට එවූ අයිස් කන්ටේනර්

සුදු තුවා අතර සඟවා පාකිස්තානයෙන් කොළඹට එවූ අයිස් කන්ටේනර්

22ට විරුද්ධ අය එක තැනකට...

22ට විරුද්ධ අය එක තැනකට...

පාන් මිල රු 10කින් ඉහළට

පාන් මිල රු 10කින් ඉහළට

අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්

අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු  සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

Lassana Flora
Spotlight
නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

 මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

 පාන් ගෙඩිය රු. 10කින් නගී

පාන් ගෙඩිය රු. 10කින් නගී

රවීට ඇප

රවීට ඇප

 කොළඹ උසාවියේ පෞරාණික ගොඩනැගිල්ලක කොටසක් කඩාවැටිලා

කොළඹ උසාවියේ පෞරාණික ගොඩනැගිල්ලක කොටසක් කඩාවැටිලා

 ''විනිසුරු විශ්‍රාම වයස වැඩි කළාට මදි ඔවුන්ට තවත් දීමනා ලබා දෙන්න ඕනෑ''

''විනිසුරු විශ්‍රාම වයස වැඩි කළාට මදි ඔවුන්ට තවත් දීමනා ලබා දෙන්න ඕනෑ''

 22 පෙත්සම් සලකා බැලීමට අගවිනිසුරු සභාපතිත්වයෙන් පංච පුද්ගල විනිසුරු මඬුල්ලක්

22 පෙත්සම් සලකා බැලීමට අගවිනිසුරු සභාපතිත්වයෙන් පංච පුද්ගල විනිසුරු මඬුල්ලක්

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පිටි මිල 17කින් නගී

පිටි මිල 17කින් නගී

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

පෙට්‍රල් මිල බස්සයි

පෙට්‍රල් මිල බස්සයි

 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට