කහවත්තේ මැණික් ව්‍යාපාරිකයෙක් අතුරුදන්
March 29, 2026 03:40 pm
කහවත්ත, නීලගම මාර්ගයේ දී මැණික් ව්‍යාපාරිකයෙකු අබිරහස් ලෙස අතුරුදන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කහවත්ත පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ කහවත්ත කට්ටංගේ ප්‍රදේශයේ පදිංචි 61 හැවිරිදි දෙදරු පියෙකි.
ඊයේ (28) දහවල් කාලයේ දී මෙම මැණික් ව්‍යාපාරිකයා කහවත්ත - නීලගම මාර්ගයේ යතුරුපැදියකින් ගමන් කර ඇති බව මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත.
ඔහුගේ එම යතුරුපැදිය කහවත්ත නීලගම මාර්ගයේ වංගුවක් අසළ නවතා තිබියදී හමු වී ඇති බවද පොලීසිය පැවසීය.
පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ ඔහුගේ ජංගම දුරකථනය ද එම මාර්ගය ආසන්නයේ තේ වතුයායක තිබී අද (29) සොයා ගත් බවය.
අදාළ පුද්ගලයා සොයා ගැනීම සඳහා පොලිස් නිල සුනඛයින්ද යොදවා ඇති අතර එය ද සාර්ථක වී නොමැති බව සඳහන්.
