රුසියානු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ඇන්ඩ්‍රි රුඩෙන්කෝ දිවයිනට
March 28, 2026 06:52 pm
රුසියානු සමූහාණ්ඩුවේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ඇන්ඩ්‍රි රුඩෙන්කෝ සංචාරයක් සඳහා මෙරටට පැමිණීමට නියමිතව තිබේ.
ලබන 31 වෙනිදා ඔහු දිවයිනට පැමිණෙනු ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.
රුසියානු නියෝජ්‍ය අමාත්‍යවරයා ශ්‍රී ලංකාව සහ රුසියාව අතර 11 වන ද්විපාර්ශ්වික දේශපාලන උපදේශන රැස්වීමට සහභාගීවීමට නියමිතය.
