වැලි ට්‍රැක්ටරයෙන් හැප්පූ පොලිස් නිලධාරියා මරුට

වැලි ට්‍රැක්ටරයෙන් හැප්පූ පොලිස් නිලධාරියා මරුට

March 28, 2026   11:28 am

යාපනය, කොඩිකාමම් ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස වැලි ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රැක්ටර් රථයකට යටවීමෙන් පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අදාළ ට්‍රැක්ටර් රථයට නවත්වන ලෙස කොඩිකාමම් මාර්ග බාධකයේ සිටි පොලිස් නිලධාරීන් දැනුම්දී ඇති අතර, එම අණ නොතක ට්‍රැක්ටර් රථ රියදුරා පොලිස් නිලධාරීන් ද යටකර එම ස්ථානයෙන් පලාගොස් ඇත.

එහිදී අනතුරට ලක් වූ පොලිස් සැරයන්වරයෙකු එම ස්ථානයේදීම මෙලෙස මියගොස් තිබේ.

පලාගිය රියදුරු සහ ට්‍රැක්ටර් රථය අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා තිබේ.