මැදපෙරදිග යුද්ධයේ නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්
March 28, 2026 06:52 am
ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව සිදුකරන ඉරානයට එරෙහි යුද මෙහෙයුම ආරම්භ කර අදට (28) දින 29ක් ගතවී ඇත.
Update - 11.17AM
බහරේනයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් එරට වැසියන් වෙත හදිසි ආරක්ෂක පණිවුඩයක් නිකුත් කර තිබේ.
----------------------
Update - 11.13AM
තායිලන්තයේ තෙල් නැව්වලට හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ආරක්ෂිතව ගමන් කිරීමට ඉරානය සමඟ එකඟතාවයකට පැමිණි බව තායිලන්ත අග්‍රාමාත්‍ය අනුටින් චාන්විරකුල් පවසා තිබේ.
-----------------------
Update - 10.22AM
අමෙරිකානු මධ්‍යම විමර්ශන කාර්යාංශයේ (FBI) ප්‍රධානී කෑෂ් පටෙල්ගේ (Kash Patel) පෞද්ගලික විද්‍යුත් තැපැල් ගිණුම හැක් කර ඇති බව එම ආයතනය තහවුරු කර තිබේ.
--------------------------
Update - 10.00AM
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර වන අබුඩාබි නගරයට එල්ල වූ බැලස්ටික් මිසයිල එරට ආරක්ෂක අංශ විසින් අහසේදීම විනාශ කර ඇති අතර, එහි සුන්බුන් පතිත වීමෙන් ඉන්දීය ජාතිකයින් පස් දෙනෙකු තුවාල ලබා ඇත.
-------------------------
Update - 9.52AM
ඉරානයේ තෙහෙරාන් නුවර පිහිටි ඉරාන විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලයට අද අලුයම ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් වාර්තා පවසයි.
--------------------------
Update - 9.30AM
යේමනයේ සිට ඊශ්‍රායලය දෙසට මිසයිල ප්‍රහාරයක් එල්ල වී ඇති බව ඊශ්‍රායල හමුදාව විසින් හඳුනාගෙන තිබේ.
--------------------------
Update - 8.59AM
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ බේරූට් අගනුවර දකුණු තදාසන්න ප්‍රදේශවලට මධ්‍යම රාත්‍රියේදී ප්‍රහාර එල්ල කර ඇත.
----------------------
Update - 7.58AM
සිරියාවේ අගනුවර වන දමස්කස් (Damascus) නගරයේ සහ ඒ අවට ප්‍රදේශවල ප්‍රබල පිපිරීම් කිහිපයක් සිදුවී ඇති බව සිරියානු රජය වාර්තා කර තිබේ.
------------------------
Update - 7.31AM
ඉරානය විසින් ඊශ්‍රායලය දෙසට මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව ඊශ්‍රායල හමුදාව තහවුරු කර තිබේ.
--------------------------
Update - 6.52AM
සෞදි අරාබියේ ප්‍රින්ස් සුල්තාන් ගුවන් කඳවුරට ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වී තිබේ. ප්‍රහාරයෙන් අමෙරිකානු සෙබළුන් 12 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව සඳහන්ය.
