මාර්තු 15 සිට මේ දක්වා ලක්ෂ 27ක් 'QR' අලුතින් ලබාගෙන
March 26, 2026 03:01 pm
ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිතාකිරීම සඳහා රජය විසින් 'QR' කේත මගින් ඉන්ධන නිකුත් කිරිම හඳුන්වාදුන් මාර්තු 14වනදා සිට මේ දක්වා කාලය තුළ ලක්ෂ 62කට වැඩි පිරිසක් ඒ සඳහා ලියාපදිංචි වී සිටී.
මැදපෙරදිග යුද්ධය සමග මතුවී ඇති ගැටලුකාරී තත්ත්වය ශ්‍රී ලංකාවට බලපා ඇති ආකාරය ගැන දැනුම්වත් කිරීම සඳහා අද (26) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ උපදේශක සුමුදු රත්නායක මහතා මේ බව පැවසීය.
තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
"QR කේත මගින් ඉන්ධන නිකුත්කිරීම මාර්තු 14 ආරම්භ කළා. සීමිත පිරිසකට මෙය ලබාගැනීමේ ගැටලු තිබුණා. එම ගැටලු විසදීමෙන් පසු අද දහවල් වනවිට ලක්ෂ 62කට (පෙර ලියාපදිංචි වී සිටි අයද සමග) වැඩි පිරිසක් 'QR' පහසුකම ලබාගෙන තිබෙනවා.
මෙම පිරිසෙන් ලක්ෂ 27කට වැඩි පිරිසක් ලියාපදිංචි වී සිටින්නේ මාර්තු 15 සිට අද දක්වා කාලය තුළ.
එමෙන්ම 'QR' ගැටලු තිබූ අයට මාර්තු 19දා ලබාදුන් 'ඕවරයිඩ්' අවස්ථාවෙන් පසු ලක්ෂ 6කට වැඩි පිරිසකට 'QR' ලබාගැනීමට හැකිවුණා.
කෙසේ නමුත් තවත් ලක්ෂ 2ක පමණ පිරිසකට ' QR' ලබාගැනීමට නොහැකි යම් යම් ගැටලු ඇති" යනුවෙන් පැවසීය.
