මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරීන් තිදෙනෙක් අත්අඩංගුවට
March 26, 2026 02:57 pm
ව්‍යාජ ලෙස මෝටර් රථ කිහිපයක් ලියාපදිංචි සිදුකිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අද (26) පෙරවරුවේ මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවටගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගනෙ ඇත්තේ,
1. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නීත්‍යනුකූල මුල් ලියාපදිංචියක් නොමැති වාහන 03 ක් නීත්‍යානුකූල නොවන පැවරීමක් සිදුකිරීම සඳහා දත්ත ඇතුළත් කිරීමේ චෝදනාව මත හිටපු සංවර්ධන සහකාරවරයෙකු (මාර්ග ආරක්ෂාව),
2. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නීත්‍යනුකූල මුල් ලියාපදිංචියක් නොමැති වාහන 03 ක් නීත්‍යානුකූල නොවන පැවරීමක් සිදුකිරීම සඳහා කවුළු අංක නිකුත් කිරීමේ චෝදනාව මත හිටපු විමර්ශන සහකාරවරයෙකු, සහ
3. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නීත්‍යනුකූල මුල් ලියාපදිංචියක් නොමැති වාහන 03 ක් නීත්‍යානුකූල නොවන පැවරීමක් සිදුකිරීමට අනුමැතිය ලබාදීමේ චෝදනාව මත හිටපු සහකාර කොමසාරිස්වරයෙකි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
