header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
වලානේ ස්ථානාධිපති බව පවසමින් ව්‍යාපාරිකයන්ගෙන් සල්ලි ගැරූ පුද්ගලයෙක් අත්අඩංගුවට
Mar 25, 202609:25 PM
වලානේ ස්ථානාධිපති බව පවසමින් ව්‍යාපාරිකයන්ගෙන් සල්ලි ගැරූ පුද්ගලයෙක් අත්අඩංගුවට
Mobitel 1278

ප්‍රදේශ කිහිපයක ව්‍යාපාරිකයන්ව WhatsApp මගින් අමතා තමන් වලාන ස්ථානාධිපති ඉන්දික වීරසිංහ ලෙස පවසමින් එම ව්‍යාපාරිකයන් බියගන්වා බලපෑම් කර මුදල් ලබාගත් පුද්ගලයෙකුව අද (25) වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ නිලධාරීණ් පිරිසක් විසින් බණ්ඩාරගම අධිවේගී මාර්‌ග පිවිසුම අසළ දී අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් පරීක්ෂණ වලදී හෙළි වී ඇත්තේ මෙම පුද්ගලයා මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම, සොරකම් කිරීම, කොල්ලකෑම් හා කප්පම් ලබාගැනීම් ඇතුළු විවිධ දූෂණ චෝදනා යටතේ වරදකරු වී බන්ධනාගාර ගතව සිට නිදහස්ව පැමිණ සිටි "තුසිත බ්‍රහ්මරත්න" නැමති පුද්ගලයා බවය.

පොලීසිය පැවසුවේ අම්බලන්ගොඩ, ගන්දර, රත්නපුර, හොරණ, පානදුර, මාරවිල, ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල ගැවසෙමින් ව්‍යාපාරිකයන්ව හෙලෙස රවටා රුපියල් ලක්‍ෂ ගණනින් මුදල් ඉපයා ඇති බවය.

මෙම සැකකරු විසින්, වලාන ස්ථානාධිපති ඉන්දික වීරසිංහ නිලධාරියාගේ නිල ඇඳුමින් සැරසුනු ඡායාරූපයක් ඔහුගේ WhatsApp ගිණුමේ ඡායාරූපයට යොදා තිබී ඇත.

ඒ අනුව එම WhatsApp ගිණුමෙන් ව්‍යාපාරිකයන් අමතා, ඔවුන් විසින් සිදුකරනු ලබන නීති විරෝධී ක්‍රියා පිළිබදව සියලු තොරතුරු තමන් සතුව ඇති බවත්, ඒ සඳහා නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට නම් ඔහු විසින් යොමු කරනු ලබන පුද්ගලයාට නියම කරනු ලබන මුදල් ලබාදෙන ලෙසට බිය ගන්වා මුදල් ලබාගෙන ඇත.

මීට අමතරව මෙම සැකකරු විසින්, යම් ප්‍රසිද්ධියක් උසුලන ස්වාමීන් වහන්සේලා සහ මෙහෙණින් වහන්සේලාට ද WhatsApp හරහා ඇමතුම් ලබා දී පවසා ඇත්තේ සිය නැගණිය එංගලන්තයේ පදිංචිව සිටින බවත්, ඇයට දානමය පුන්‍ය කර්‌මයක් සිදුකිරීමට අවශ්‍ය බවය.

ඒ අනුව, අවශ්‍ය මුදල් ලබාදීමට ස්වාමීන් වහන්සේලාගේ සහ මෙහෙණින් වහන්සේලාගේ බැංකු ගිණුම් අංකය, ජාතික හැඳුනුම්පත් අංකය සහ මුදල් ලබාගැනීම සඳහා භාවිතා කරන ජංගම දුරකථන යෙදවුම (App) ආදී සියළු තොරතුරු සැකකරු විසින් ලබාගෙන ඇත.

පසුව එම ගිණුම්වලට මුදල් යොමු කරන බව හඟවමින් අන්තර්ජාලය හරහා ගිණුම්වලට ඇතුළු වී එහි රහස්‍ය අංකය (OTP) ලබා ගනිමින් එම ගිණුම්වල ඇති මුදල් ඔහුගේ ක්‍රිප්ටො කරන්සි හරහා ඔහුගේ 'VOLAT' ගිණුම වෙත බැරකර ගැනීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

මෙම වංචනික ක්‍රියාව සම්බන්ධයෙන් වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ ස්ථානාධිපතිවරයා වෙත ලැබුණු පැමිණිලි අනුව අධිකරණයට කරුණු වාර්තා කර විර්මශනයක් ආරම්භ කර ඇත.

ඒ අනුව වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා හා ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ඉන්දික වීරසිංහයන නිලධාරීන් විසින් සකස් කරන ලද සැළසුමකට අනුව මෙම විර්මශනය වලාන මධ්‍යම දූෂණ මදන ප්‍රහාරක බලකායේ පොලිස් පරීක්‍ෂක චතුරංග මහතා ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් සිදුකර තිබේ.

ඒ අනුව, අද දිනයේ දී ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්‍ෂයක මුදලක් ලබාගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී සැකකරුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 25 මිලි ග්‍රෑම් 620 ක ප්‍රමාණයක් ද පොලිස් භාරයට ගෙන ඇත.

MostRead
Mobitel 1278
VideoStories
මිල වැඩි වුණත්, ෂෙඩ්වල නැති තෙල්..."මේ දෙන පීඩනය නතර කරන්න...නැත්නම් මිනිස්සු පාරට බහිනවා"

මිල වැඩි වුණත්, ෂෙඩ්වල නැති තෙල්..."මේ දෙන පීඩනය නතර කරන්න...නැත්නම් මිනිස්සු පාරට බහිනවා"

වරායට ආවත්, කඩවල නැති ගෑස්..“ අපිත් ඡන්දෙ දුන්නා.. දැන් ඉතින් විඳවනවා..”

වරායට ආවත්, කඩවල නැති ගෑස්..“ අපිත් ඡන්දෙ දුන්නා.. දැන් ඉතින් විඳවනවා..”

අනවශ්‍ය කලබලයකින් තොරව TIN ගන්නැයි දැනුම්දීමක් - "පොරබදලා පොරබදලා TINඑක ගත්තා" | Ada Derana

අනවශ්‍ය කලබලයකින් තොරව TIN ගන්නැයි දැනුම්දීමක් - "පොරබදලා පොරබදලා TINඑක ගත්තා" | Ada Derana

මාලිමා මන්ත්‍රී සමඟ ගංජා පැළ සිද්ධියට ගැටුණු පොලිස් කොස්තාපල් නඩුවෙන් මුදාහරී | Ada Derana

මාලිමා මන්ත්‍රී සමඟ ගංජා පැළ සිද්ධියට ගැටුණු පොලිස් කොස්තාපල් නඩුවෙන් මුදාහරී | Ada Derana

වැඩි වුණ තෙල් මිලෙන් රත්වුණ දේශපාලන වේදිකාව"බයික් එකේ එන්නේ..හෙට අනිද්දා වෙද්දී ෆුට් බයිසිකලේ එන්නේ"

වැඩි වුණ තෙල් මිලෙන් රත්වුණ දේශපාලන වේදිකාව"බයික් එකේ එන්නේ..හෙට අනිද්දා වෙද්දී ෆුට් බයිසිකලේ එන්නේ"

"ජනාධිපතිවයි තුනෙන් දෙකයි ආරක්ෂා කරගැනීමේ පනතක් මේ එන්නේ"රජයේ අලුත් පනත් ගේන හේතුව කියන සජිත්..

"ජනාධිපතිවයි තුනෙන් දෙකයි ආරක්ෂා කරගැනීමේ පනතක් මේ එන්නේ"රජයේ අලුත් පනත් ගේන හේතුව කියන සජිත්..

 වසරකට පසු එළියට ආ ජේසු ෂෙරන් ඝාතන සැලසුම...

වසරකට පසු එළියට ආ ජේසු ෂෙරන් ඝාතන සැලසුම...

 “පාරවල් වහගෙන හැමදේටම විරුද්ධ වුණ අය අද උද්ඝෝෂණ කරන අයිතියත් නැති කරලා”|

“පාරවල් වහගෙන හැමදේටම විරුද්ධ වුණ අය අද උද්ඝෝෂණ කරන අයිතියත් නැති කරලා”|

 2027 අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප වැඩිවෙන හැටි“අපි ඇවිල්ලා 120,000ක් රාජ්‍ය සේවයට බඳවා ගත්තා...”

2027 අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප වැඩිවෙන හැටි“අපි ඇවිල්ලා 120,000ක් රාජ්‍ය සේවයට බඳවා ගත්තා...”

 සුද්දෝ පැටවුන්ට සද්දේ දාපු උණවටුනේ අයියා පොලීසියෙන් කුදලන් ගිය හැටි...

සුද්දෝ පැටවුන්ට සද්දේ දාපු උණවටුනේ අයියා පොලීසියෙන් කුදලන් ගිය හැටි...

කඩවත පොලිස් වෙඩිල්ල...දරුවාගේ මව මානව හිමිකම් කොමිසමට

කඩවත පොලිස් වෙඩිල්ල...දරුවාගේ මව මානව හිමිකම් කොමිසමට

කප්පරක් බලාපොරොත්තු ගෙනා කොප්පරා මාළුවා රු.ලක්ෂ 2 හමාරකට අලෙවි කරයි

කප්පරක් බලාපොරොත්තු ගෙනා කොප්පරා මාළුවා රු.ලක්ෂ 2 හමාරකට අලෙවි කරයි

වැඩිවුණු ඉන්ධන මිල ගැන බස් රියදුරන් කියන කතාව "බස්වලට තෙල් ගැහුවාට පස්සේ ඉතුරුවෙන දෙයක් නෑ"

වැඩිවුණු ඉන්ධන මිල ගැන බස් රියදුරන් කියන කතාව "බස්වලට තෙල් ගැහුවාට පස්සේ ඉතුරුවෙන දෙයක් නෑ"

වැඩිවූ ඉන්ධන මිල ගැන ජනතා මතය "මිල වැඩිවෙලා ගන්න දෙයක් නෑ අනේ.."

වැඩිවූ ඉන්ධන මිල ගැන ජනතා මතය "මිල වැඩිවෙලා ගන්න දෙයක් නෑ අනේ.."

තාක්ෂණයේ විස්මිත රටා මැවූ ඩ්‍රෝන පියාසැරියෙන් චීන අහස හැඩවූ හැටි...

තාක්ෂණයේ විස්මිත රටා මැවූ ඩ්‍රෝන පියාසැරියෙන් චීන අහස හැඩවූ හැටි...

Mobitel 1278
Lassana Flora
Spotlight
 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 කඳුකර කොටි ඝාතනය ඉහළට

කඳුකර කොටි ඝාතනය ඉහළට

 පොලිස් කූඩුවට සිසීටීවී

පොලිස් කූඩුවට සිසීටීවී

 සැකකරුවන්ට ගැහුවොත් වගකීම ඕ.අයි.සි ට

සැකකරුවන්ට ගැහුවොත් වගකීම ඕ.අයි.සි ට

 වසර 5කදී පොලිස් අත්අඩංගුවේ මරණ 79ක්

වසර 5කදී පොලිස් අත්අඩංගුවේ මරණ 79ක්

කොළඹ වරායේ නැ/ පර්යන්තය පෞද්ගලික සමාගමකට දෙන්න යනවා

කොළඹ වරායේ නැ/ පර්යන්තය පෞද්ගලික සමාගමකට දෙන්න යනවා

 මහින්දගෙන් අනීතික උසස්වීම් ලත් එස්.එස්.පී. ලා ධුරයෙන් පහත හෙළයි

මහින්දගෙන් අනීතික උසස්වීම් ලත් එස්.එස්.පී. ලා ධුරයෙන් පහත හෙළයි

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

 අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

 වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්