තෙල් මිල වැඩි කළේ මිල සූත්‍රයට - CPC

තෙල් මිල වැඩි කළේ මිල සූත්‍රයට - CPC

March 24, 2026   04:50 pm

තෙල් මිල වැඩි කරනු ලැබුවේ තෙල් මිල සූත්‍රයට අනුව බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා පවසයි.

අද (24) පැවැති මාධ්‍ය හමුකට එක්වෙමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාගේ මහතා, 

"රජය විසින් යම්කිසි කොටසක් භාර අරගෙන තිබෙනවා ඇමතිවරයා ඒක අදහස් කරන්න ඇති. නමුත් තෙල් මිල කියන එක තෙල් මිල සූත්‍රයට අනුව තමයි වැඩි කළේ. තෙල් මිල සූත්‍රය කියන්නේ අමුතු සූත්‍රයක් නෑ. තෙල් ගේන ගාණ තියෙනවා. යන වියදම තියෙනවා. ඕකට ඇර වෙන එකක් නෑනේ. 

ඇමතිතුමා අදහස් කරන්න ඇත්තේ,  රුපියල් සීයයක් රජය විසින් භාර ගත්තාම එතකොට මිල සූත්‍රයට අනුව එන්න ඕනේ ගාණනට නෙමෙයි තියෙන්නේ ඊට වැඩිය අඩු ගාණකට  ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කරන්නේ මිල සූත්‍රයට අනුව හදලා රජයට ඒක දැනුම්දෙනවා. ඊට පස්සේ රජය තමයි තීරණ කරන්නේ.  එතකොට සංස්ථාව විසින් ඉදිරිපත් කරන්නේ තමන් ගෙන්වන ලද මිල සහ තමන්ට යන වියදම කියන එක මිස වෙන මොකුත් ජාතියක් ඔය සූත්‍රයේ නැහැ. 

මාසකට වතාවක් ඒ මිල සූත්‍රය ගණනය කරේ මාසක ඇවරේජ් එක එක්ක නෙමෙයි. ඒ මාසයේ ගෙන්වන ලද තොග එක්ක තමයි ගණන් ගත්තේ දැන් ප්‍රශ්නය තියෙන්නේ එහෙම කරන්න පුළුවන් කම තිබුණේ මාසයක් ඇතුළත නියමිත මිල සාමාන්‍ය වෙනස්වීමක් තිබුණේ නැහැ . එතකොට තමයි මාසයකට සැරයක් අරගෙන ගණනය කරන්නේ. එතකොට දැනුත් ගණනය කරන්නේ එහෙමයි. දැන් මාසයක් යනතුරු ඉන්න බෑ ලෝකයේ තෙල් මිල සීඝ්‍රයෙන් වෙනස් වෙනවා. එතකොට ඒත් තියෙන්නේ සූත්‍රයම තමයි. සූත්‍රය ගණන් ගන්න කාලසීමාව වෙනස් වෙලා තියෙනවා." 

පළමු වරට මිල වැඩි කිරීම සිදුකර ඇත්තේ මස පළමුවන දින වන අතර, එය සාමාන්‍ය මිල සූත්‍රයට අනුව සිදුකර ඇති බව  ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂවරයා සඳහන් කළේය. 

එසේම, දෙවන වරට මිල ඉහළ දැමීම සිදුකර ඇත්තේ එම මස 9 වන දිනදීය බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා වැඩිදුරටත් පැවසීය.