සතියක් තුළ මෙරට රන් මිල රු 38,000කින් පහළට
March 24, 2026 10:38 am
ලෝක වෙළෙඳපොළ තුළ රන් මිලට සාපේක්ෂව මෙරට රන් මිල අද දිනයේ ද රුපියල් 5,000කින් පහළ ගොස් ඇති අතර එය පසුගිය සතියට සාපේක්ෂව රු 38,000ක පමණ පහළ යෑමකි.
ඒ අනුව, පසුගිය සතියේ 17 වනදා රුපියල් 408,000ක් ලෙස සඳහන් වූ කැරට් 24ක රන් පවුමක මිල අද (24) රුපියල් 370,000ක් ලෙස සඳහන් වෙයි.
මේ අතර, පසුගිය සතියේ 17 වනදා රුපියල් 375,300ක් වූ කැරට් 22 රන් පවුමක අද දින රුපියල් 340,400 ක් ලෙස සඳහන් වෙයි.
ඊයේ දිනයට සාපේක්ෂව ලෝක රන් මිල අද දිනයේ ද පහළ ගොස් ඇති අතර, ඒ අනුව අද දිනයේ රන් අවුන්සයක මිල ඩොලර් 4,344ක් ලෙස දැක්වුණි.
