සාකච්ඡා බිඳ වැටුණහොත් ගුවන් ප්‍රහාර කිසිදු අඩුවකින් තොරව සිදුකරනවා - ජනපති ට්‍රම්ප්

සාකච්ඡා බිඳ වැටුණහොත් ගුවන් ප්‍රහාර කිසිදු අඩුවකින් තොරව සිදුකරනවා - ජනපති ට්‍රම්ප්

March 23, 2026   08:46 pm

ඉරානය සමඟ පවතින යුදමය තත්ත්වය සමනය කර ගැනීම සඳහා අද දින පැවැත්වෙන සාකච්ඡා අතිශය තීරණාත්මක වනු ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

දෙපාර්ශවයම සාමකාමී විසඳුමකට කැමැත්ත පළ කර ඇති නමුත්, එම සාකච්ඡා බිඳ වැටුණහොත් ඉරානයට එරෙහිව එල්ල කරන ගුවන් ප්‍රහාර කිසිදු අඩුවකින් තොරව ඉදිරියටත් ක්‍රියාත්මක කරන බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.