ඉරාන විදේශ අමාත්‍යාංශය ට්‍රම්ප්ගේ ප්‍රකාශ ප්‍රතික්ෂේප කරයි
March 23, 2026 06:18 pm
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානය සමඟ "ඵලදායී සාකච්ඡා" පවත්වන බවට කළ ප්‍රකාශයන් ඉරාන විදේශ අමාත්‍යාංශය දැඩි ලෙස ප්‍රතික්ෂේප කර තිබේ.
ඉරාන රජයට අනුබද්ධ මාධ්‍ය වාර්තා කරන්නේ, ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශ හුදෙක් ලෝක වෙළෙඳපොළේ ඉහළ යන බලශක්ති මිල ගණන් පහත දැමීමට සහ අමෙරිකානු හමුදා සැලසුම් සඳහා කාලය ලබාගැනීමට ගන්නා උත්සාහයක් බවය.
ඉරාන විදේශ අමාත්‍යාංශය උපුටා දක්වමින් මෙහර් 'Mehr' පුවත් සේවය වාර්තා කර ඇත්තේ, කලාපීය නොසන්සුන්තාව අවම කිරීම සඳහා ඇතැම් රටවල් විසින් ඉදිරිපත් කරන ලද "යෝජනා" කිහිපයක් පවතින බවය.
"මෙම යුද්ධය ආරම්භ කළ පාර්ශවය අප නොවේ. එබැවින් මෙම සියලු ඉල්ලීම් සහ යෝජනා යොමු කළ යුත්තේ වොෂින්ටනය වෙතයි," යනුවෙන් ඉරාන විදේශ අමාත්‍යාංශය අවධාරණය කර ඇත.
