දරුණු තෙල් අර්බුදයක් ඇති විය හැක බවට අනතුරු ඇඟවීම් - IEA
March 23, 2026 06:02 pm
ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය 'IEA' පෙන්වා දෙන්නේ හෝමුස් සමුද්‍ර සන්ධිය වැසී යාම නිසා ඇති වූ තෙල් සැපයුම් හිඟය 1973 සහ 1979 වසරවල ඇති වූ ලෝක තෙල් අර්බුදවලටත් වඩා දරුණු බවය.
එම ඒජන්සියේ විධායක අධ්‍යක්ෂ ෆාති බිරෝල් මහතා පැවසුවේ" රටවල් 9ක් පුරා බලශක්ති මධ්‍යස්ථාන 44කට බරපතල හානි සිදුව ඇති බවය.
තෙල් සහ ගෑස් පමණක් නොව, පොහොර, හීලියම් සහ රසායනික ද්‍රව්‍ය ප්‍රවාහනය අඩාල වීම නිසා ගෝලීය ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල වී ඇති බව ඔහු පවසයි.
