ඉරානය සමඟ යුද්ධයට අවශ්‍ය තරම් ප්‍රතිපාදන තිබෙනවා - අමෙරිකානු භාණ්ඩාගාර ලේකම්
March 22, 2026 09:43 pm
ඉරානය සමඟ පවතින යුදමය තත්ත්වය සඳහා මූල්‍ය ප්‍රතිපාදන සැපයීමට වොෂින්ටනයට පූර්ණ හැකියාව පවතින බවත්, ඒ සඳහා බදු වැඩි කිරීමට අවශ්‍ය නොවන බවත් අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙස්න්ට් 'Scott Bessent' ප්‍රකාශ කර ඇත.
විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් එක්වෙමින් ඔහු සඳහන් කර ඇත්තේ, "මෙම යුද්ධය සඳහා මුදල් සෙවීමට අපට කිසිදු ගැටලුවක් නැහැ," යනුවෙනි.
පෙන්ටගනය විසින් අමෙරිකානු ඩොලර් බිලියන 200ක අතිරේක අයවැය ඉල්ලීමක් සිදු කර ඇති බවට වාර්තා පළ වී ඇති අතර, එය හමුදාවේ අනාගත හැකියාවන් වර්ධනය කිරීම වෙනුවෙන් වෙන් කෙරෙන බව ඔහු පෙන්වා දී ඇත.
"ජනාධිපති ට්‍රම්ප් සිය පළමු ධුර කාලයේදී මෙන්ම දෙවන ධුර කාලයේදී ද හමුදාව ශක්තිමත් කර තිබෙනවා. ඉදිරියටත් හමුදාවට අවශ්‍ය සැපයුම් නිසි පරිදි ලබා දීමට ඔහුට අවශ්‍යයි," යනුවෙන් බෙස්න්ට් පවසා තිබේ.
කෙසේ වෙතත්, ඔහු බිලියන 200ක නිශ්චිත අගය තහවුරු කර නොමැති බව වැඩිදුරටත් විදෙස් මාධ්‍ය පවසයි.
