හෝමුස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන්ම වසා දමන බවට ඉරානයෙන් අනතුරු ඇඟවීමක්

හෝමුස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන්ම වසා දමන බවට ඉරානයෙන් අනතුරු ඇඟවීමක්

March 22, 2026   08:47 pm

අමෙරිකාව විසින් ඉරානයේ බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කර ප්‍රහාර එල්ල කළහොත්, ලෝක තෙල් ප්‍රවාහනයට අතිශය වැදගත් වන හෝමුස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන්ම වසා දමන බව ඉරානය ප්‍රකාශ කර ඇත.

ගෝලීය බොරතෙල් සැපයුමෙන් විශාල ප්‍රමාණයක් ප්‍රවාහනය කෙරෙන මෙම මුහුදු මාර්ගය සම්බන්ධයෙන් පවතින උණුසුම්කාරී තත්ත්වය මෙලෙස තවදුරටත් උග්‍ර වී තිබේ.

ඉදිරි පැය 48 ඇතුළත හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත නොකළහොත් ඉරානයේ විදුලි බලාගාර ඇතුළු බලශක්ති මධ්‍යස්ථාන මුළුමනින්ම විනාශ කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඊයේ රාත්‍රියේ සිදුකළ ප්‍රකාශයට පිලිතුරු වශයෙන් ඉරානය මෙලෙස පිළිතුරු සපයා ඇති බව වාර්තා වේ.