නේටෝ රටවලට ට්‍රම්ප්ගෙන් සැර ප්‍රකාශයක්
March 20, 2026 09:41 pm
ඉරාන යුද්ධයට එක්වීමට හෝ හෝමූස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව සඳහා හමුදා යෙදවීමට අපොහොසත් වීම හේතුවෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නේටෝ සංවිධානයේ සෙසු සාමාජික රටවලට දැඩි ලෙස දෝෂාරෝපණය කර ඇත.
අමෙරිකා එක්සත් ජනපදය නොමැතිව, නේටෝවට කිසිදු බලයක් නොමැති බවද ට්‍රම්ප් සිය 'Truth Social' සමාජ මාධ්‍ය වේදිකාවේ සටහන් කර තිබේ.
එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ "දැන් එම සටන යුදමය වශයෙන් ජයග්‍රහණය කර තිබෙනවා. ඔවුන්ට ඉතා සුළු අවදානමක් පවතින මොහොතක, ඔවුන්ට ගෙවීමට සිදුවී ඇති අධික තෙල් මිල ගැන ඔවුන් මැසිවිලි නගනවා. නමුත් අධික තෙල් මිලට එකම හේතුව වූ හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට උදව් වෙන්න ඔවුන්ට අවශ්‍ය නැහැ. එය ඉතා සරල යුදමය මෙහෙයුමක්.. ඔවුන්ට එය කිරීම ඉතා පහසුයි, අවදානමකුත් නැහැ. බියගුල්ලනි, අපි මෙය මතක තබා ගන්නවා" ලෙසය.
