මැදපෙරදිග යුද ගැටුම් මැද එළියට ආ ශ්‍රී ලාංකික මනුස්සකම
March 19, 2026 04:25 pm
මැදපෙරදිග යුද තත්ත්වය හේතුවෙන් ලෙබනනයේ බේරූට් අගනුවර අවතැන්වී සිටින පිරිස් සඳහා එරට සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් මානුෂීයව උදව් කරන ආකාරය සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා කර තිබුණි.
ලෙබනනයේ සේවය කරන මෙම ශ්‍රී ලාංකිකයින්, සතියේ තමන්ට ලැබෙන එකම නිවාඩු දිනය භාවිතා කරමින්, කූඩාරම්වල සහ වීථිවල නවාතැන් ගෙන සිටින අවතැන් වූ පවුල්වලට ආහාර සපයමින් සහාය දක්වති.
ගෘහ සේවකයින් ලෙස දිගු පැය ගණනක් දැඩි කොන්දේසි යටතේ සේවය කරන ඔවුන්, තම අඩු වැටුපෙන් කුඩා මුදල් ඉතිරි කරමින්, යුද්ධය හේතුවෙන් අවතැන්වූ පිරිස් වෙත බත්, චීස්, ලූනු සහ ජලය වැනි ද්‍රව්‍ය රැගෙන ගොස් බෙදා දී තිබේ.
එක් ශ්‍රී ලාංකික සේවකයෙකු පවසා ඇත්තේ, තමන්ටම පවතින දුෂ්කරතා තිබියදීත් මෙවැනි උදව් කිරීමට තීරණය කළ හේතුව ලෙස “මෙය අපටත් වෙන්න පුළුවන්” යන්නයි.
