අද සවස පළාත් කිහිපයකට ප්‍රබල අකුණු
March 19, 2026 01:41 pm
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු මැද, දකුණ, ඌව, වයඹ සහ නැගෙනහිර පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් ඇතැම් ප්‍රදේශ වල සවස 2.00 න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බව දැනුම් දී තිබේ.
එබැවින් අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දී තිබේ.

