header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
QR ගැන ඇමති බිමල්ගෙන් ප්‍රකාශයක්
Mar 19, 202611:04 AM
QR ගැන ඇමති බිමල්ගෙන් ප්‍රකාශයක්
Mobitel 1278

ඉන්ධන QR කේතය ලබාගැනීමේ දී අපහසුතාවයට පත්ව සිටින පිරිසට අද (19) දිනය තුළ විසඳුම් ලබාගත හැකි වනු ඇති අතර, හෙට (20) දිනය වනවිට ඒ සම්බන්ධයෙන් ගැටලු සම්පූර්ණයෙන්ම විසඳෙනු ඇතැයි අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

අද පාර්ලිමේන්තුවේ දී අසන ලද පැනයකට පිළිතුරු දෙමින් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසා සිටියේ, ඇතැම් දිස්ත්‍රික්කවල සාමාන්‍ය ඉන්ධන පරිභෝජනය මෙන් දෙගුණයක් වාර්තා වී ඇති බවය.

පරණ වාහනයක් හිමි අලුත් දුරකථන අංකයක් ඇති පිරිසට සහ දුරකථන අංකය පරණ අලුත් වාහනයක් තිබෙන පිරිසට තවමත් QR කේතය ලබාගැනීමට නොහැකිව ඇති බවත් එම පිරිසට ඇති බාධාව අද දිනයේ විසඳිය හැකි බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

පරණ වාහනයක් සහ පරණ දුරකථන අංකයක් හිමි පිරිසට මෙන්ම අලුත් වාහනයක් සහ අලුත් දුරකථන අංකයන් ඇති පිරිසට ගැටලු මතුව නොමැති බවද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

ඒ අනුව 2023 වසරේ දී QR යටතේ පුද්ගලයින් ලක්ෂ 70ක් පමණ ලියාපදිංචි වී ඇති බවද සඳහන් කළ අමාත්‍යවරයා මේ වසරේ දී එම ප්‍රමාණය ලක්ෂ 72ක් පමණ වෙනු ඇතැයි අපේක්ෂා කරන බවද පැවසීය.

මේ වනවිට QR කේතය යටතේ පුද්ගලයින් ලක්ෂ 55ක් පමණ ලියාපදිංචි වී ඇතැයි ද අමාත්‍ය බිමල් රත්නායක මහතා කියා සිටියේය.

එමෙන්ම පරණ දත්ත පද්ධතියේ තිබූ ලක්ෂ 27ක දත්ත එකින්එකට මකා දැමූ බවත්, ඒ සඳහා දින දෙකක පමණ කාලයක් ගතවූ බවත් අමාත්‍යවරයා පැවසීය.

"සමහර ෂෙඩ් තියෙනවා සාමාන්‍ය අලෙවිය වගේ දෙකහමාර ගුණයක් අලෙවි කරනවා. එච්චර පහසුකම් නෑ ෂෙඩ්වලට ගබඩා කරන්නත් එච්චර පහසුකම් නෑ තෙල් බවුසර්වලට ගෙනිහින් දෙන්නත් ඒ අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, කරුණාකරලා තමන් විසින් පීඩාවට පත්වෙන්න එපා. දැන් මේ QR කේතය ආවට පස්සේ මම හිතනවා, මේ ප්‍රශ්නය හෙට උදේ ඉඳලා සම්පූර්ණයෙන් විසඳෙයි කියලා.

අපි ඔත්තේ ඉරට්ටේ ක්‍රමය හඳුන්වා දුන්නෙත් මේ අනවශ්‍ය පීඩනය නිසා. එහෙම නැත්නම් QR එකට මේක මැනේජ් කරන්න පුළුවන්. ඔත්තේ ඉරට්ටේ දෙද්දි නම්බර් ප්ලේට් නිකුත් කරපු වාහන ප්‍රමාණයක් තියෙනවා ටෙන්ඩර් මඟඩි නිසා කලින් කාලවල වෙච්චි. නම්බර් ප්ලේට් නැති අයට තෙල් ගහගහන්න කිසිම ප්‍රශ්නයක් නෑ. ඔවුන් සතුව තියෙනවා වාහනයේ ආදායම් බලපත්‍රය, දුම් සහතිකය, වාහනයේ පොත සහ ඉන්ෂුවරන්ස් එක. මේ 4ම තියෙනවා වාහනේ අංකය. මේ හතරම උස්සන් යන්න ඔ්නේ නෑ. ඒ එකක් තිබුණහම තෙල් ගහගන්න පුළුවන්. හෙටින් පස්සේ මේක සාමාන්‍ය තත්ත්වයට ආවට පස්සේ, වංචනික කටයුතු කරන අය ගැන කටයුතු කරාවී අදාළ අමාත්‍යාංශය."

MostRead
Mobitel 1278
VideoStories
අදත් රට පුරා දුක් දුන් කාලගුණය - ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ තද වැසි | Ada Derana

අදත් රට පුරා දුක් දුන් කාලගුණය - ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ තද වැසි | Ada Derana

දුරදිග ගිය දිට්වා ආපදා වන්දි ආරවුල...පොල්ලක් අරන් ඇවිත් ග්‍රාමසේවකට තඩිබාන්න යන හැටි CCTV කැමරාවේ...

දුරදිග ගිය දිට්වා ආපදා වන්දි ආරවුල...පොල්ලක් අරන් ඇවිත් ග්‍රාමසේවකට තඩිබාන්න යන හැටි CCTV කැමරාවේ...

අනුරාධපුර සත්‍යග්‍රහයේදී සිදුවූ දේ ගැන කස්සප හිමි දැන් කියන කතාව

අනුරාධපුර සත්‍යග්‍රහයේදී සිදුවූ දේ ගැන කස්සප හිමි දැන් කියන කතාව

අද කාලගුණය වෙනස්වන හැටි "ජනතාව අවධානයෙන් කටයුතු කරන්න"

අද කාලගුණය වෙනස්වන හැටි "ජනතාව අවධානයෙන් කටයුතු කරන්න"

අයවැය ගැන පොළොන්නරුව රාජ්‍ය නායකයා ගමටම ඇහෙන්න කියපු කතාව

අයවැය ගැන පොළොන්නරුව රාජ්‍ය නායකයා ගමටම ඇහෙන්න කියපු කතාව

වනඇතෙකු සහ වනඅලියෙකු බලා සිටි පිරිසටත් ආචාර කරමින් පාර මාරු වූ හැටි

වනඇතෙකු සහ වනඅලියෙකු බලා සිටි පිරිසටත් ආචාර කරමින් පාර මාරු වූ හැටි

ලංකාවට ඔළුව උස්සන්නම දෙන්නේ නැති බෙංගාල බොක්ක..

ලංකාවට ඔළුව උස්සන්නම දෙන්නේ නැති බෙංගාල බොක්ක..

නවගමුව පත්තිනි දේවාලය පිටුපස ගසක් කඩා වැටී වාහන කිහිපයක් කුඩුපට්ටම් වෙයි...

නවගමුව පත්තිනි දේවාලය පිටුපස ගසක් කඩා වැටී වාහන කිහිපයක් කුඩුපට්ටම් වෙයි...

ගිරිඋල්ලටත් මහ වැසි...

ගිරිඋල්ලටත් මහ වැසි...

PSTA පනතේ රඟ එක පෙළට කියන ජන අරගලය

PSTA පනතේ රඟ එක පෙළට කියන ජන අරගලය

''දැන් ආණ්ඩුවේ බලය ඉවරයි, සීනි බෝල දීලා ජනතාව රවට්ටන්න හදන්නේ'' | Ada Derana

''දැන් ආණ්ඩුවේ බලය ඉවරයි, සීනි බෝල දීලා ජනතාව රවට්ටන්න හදන්නේ'' | Ada Derana

ගාල්ලටත් මහ රෑ දැනෙන වැස්සක් | Ada Derana

ගාල්ලටත් මහ රෑ දැනෙන වැස්සක් | Ada Derana

 එළැඹෙන 11 වැනිදා කාලගුණයට සිදුවන දේ

එළැඹෙන 11 වැනිදා කාලගුණයට සිදුවන දේ

''කොළඹ කාණුව ගැන අහන්න වඩාත්ම සුදුසු නගරාධිපතිනිය'' - ''කොළඹට වැහැලා තියෙනවා'' | Ada Derana

''කොළඹ කාණුව ගැන අහන්න වඩාත්ම සුදුසු නගරාධිපතිනිය'' - ''කොළඹට වැහැලා තියෙනවා'' | Ada Derana

වැස්සෙන් පස්සේ කටඇරිය බල්තසාර්.. | Ada Derana

වැස්සෙන් පස්සේ කටඇරිය බල්තසාර්.. | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
 අනුරගේ පවුලේ ආදායම ජනපති වැටුපයි - සජිත් ලක්ෂ 825කට වඩා ණයයි

අනුරගේ පවුලේ ආදායම ජනපති වැටුපයි - සජිත් ලක්ෂ 825කට වඩා ණයයි

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 ජලාශ අටම පීරී භූකම්පන අවදානමක්

ජලාශ අටම පීරී භූකම්පන අවදානමක්

 11වැනිදාට පසු කාලගුණයේ කැලඹීමක්?

11වැනිදාට පසු කාලගුණයේ කැලඹීමක්?

 දීපාවලී දිනය අදයි

දීපාවලී දිනය අදයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

 ලෝක බලවතුන් එක්වූ 'COP17' සමුළුවේදී මිෂෙල්ගේ දේශනය ලොව පුරා අවධානයට

ලෝක බලවතුන් එක්වූ 'COP17' සමුළුවේදී මිෂෙල්ගේ දේශනය ලොව පුරා අවධානයට

 ට්‍රම්ප්ගේ පරාජයත් සමග ලෝක තෙල් මිලත් පහළට

ට්‍රම්ප්ගේ පරාජයත් සමග ලෝක තෙල් මිලත් පහළට

දවසේ කාටූන් විස්තරේ |

දවසේ කාටූන් විස්තරේ |

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ