යුද ගිනි ඇවිළෙන මැදපෙරදිග - නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්

යුද ගිනි ඇවිළෙන මැදපෙරදිග - නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්

March 18, 2026   05:41 am

ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව සිදු කරන ඉරානයට එරෙහි යුද මෙහෙයුම ආරම්භ කර අදට (18) දින 19ක් ගතවී තිබේ.

-------------

8.15AM

අමෙරිකානු ජාතික ත්‍රස්ත මර්දන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෝසප් කෙන්ට් එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත යොමු කළ සිය ඉල්ලා අස්වීමේ ලිපිය මඟින් වත්මන් ඉරාන යුද්ධය පිටුපස ඇති කුමන්ත්‍රණකාරී ස්වභාවය පිළිබඳව තවදුරටත් කරුණු හෙළිකර ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පළමු ධුර කාලය තුළදී, නිමාවක් නොමැති යුද්ධවලට අමෙරිකාව පටලවා නොගෙන මිලිටරි බලය තීරණාත්මක ලෙස භාවිතා කරන්නේ කෙසේද යන්න පිළිබඳව ඔහුට මනා අවබෝධයක් තිබූ බව කෙන්ට් පෙන්වා දී තිබේ.

-------------

7.00AM

මධ්‍යම බේරූට් වෙත එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාර දෙකකින් පුද්ගලයින් හය දෙනෙකු පමණ මිය ගොස් 24 දෙනෙකු තුවාල ලබා ඇති බව ලෙබනනයේ සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

-------------

6.30 AM

ඊශ්‍රාලයේ ප්‍රහාරයකින් ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ ලේකම්, අලි ලරිජානි ඝාතනය වී ඇති බව ඉරානය විසින් තහවුරු කර තිබේ.

ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලය අද (18) නිවේදනයක් නිකුත් කරමින් ලරිජානිගේ මරණය තහවුරු කර ඇති අතර, ඔහු විසින් ඉරානය වෙනුවෙන් කළ සේවයෙන් ඇගයිමකට ලක් කර ඇත.

-------------

5.45 AM

සෞදි අරාබියේ, අල්-ඛර්ජ් වෙත එල්ල කරනු ලැබූ බැලස්ටික් මිසයිලයක් සාර්ථකව බිම හෙළීමට තම බළකා සමත් වූ බව එරට ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළේය 

මෙම සිද්ධිය හේතුවෙන් එම ප්‍රදේශයේ ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කර ඇති බවද සවුදි බලධාරීන් වැඩිදුරටත් සඳහන් කළහ.

-------------