ව්‍යාජ අංක තහඩු සහිත යතුරුපැදියක් හා  පතොරොම් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

ව්‍යාජ අංක තහඩු සහිත යතුරුපැදියක් හා පතොරොම් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

March 17, 2026   07:24 am

බටපොල, වතුරවිල ප්‍රදේශයේදී ව්‍යාජ අංක තහඩු සහිත යතුරු පැදියක් මිලිමීටර් 9 වර්ගයේ ජීව පතොරොම් 09ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට තිබේ.

ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 01 මිලිග්‍රෑම් 800ක් ද පොලීසිය සිය භාරයට ගෙන තිබේ.

සැකකරු වයස අවුරුදු 25 ක් වන වතුරවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. 

ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.