පාර්ලිමේන්තුව අද සිට රැස්වෙයි

පාර්ලිමේන්තුව අද සිට රැස්වෙයි

March 17, 2026   06:19 am

ලෝකයේ පවතින වර්මාන තත්ත්වය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයක් ලබන බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පැවැත්වීමට නියමිතව තිබේ. 

විපක්ෂය විසින් සභාව කල්තැබීමේ යෝජනාවක් ලෙස ඉදිරිපත් කරන අදාළ යෝජනාව විවාදයට ගැනීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේය.

මාර්තු මාසයේ දෙවන සතිය සඳහා පාර්ලිමේන්තුව අද (17) පෙරවරු 9.30ට රැස්වීමට නියමිතව තිබේ.

අද දිනයේදී දුෂණ විරෝධී පනත යටතේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධරයන් හා සේවා නියුක්තයන්ගේ පාරිශ්‍රමික, කොන්දේසි තීරණය කිරීමට අතුරු යෝජනා සම්ම්තය විවාදයට ගැනීමට නියමිතය.

හෙට (18) දිනයේදී කොළඹ වරාය නගර  ආර්ථික කොමිසන්සභාව පනත යටතේ නියෝග විවාදයට ගැනීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේය.