බේරුවල මුහුදේදී නාවික හමුදා භාරයට ගත් ධීවර බෝට්ටුවේ කිලෝ 250කට අධික කොකේන්
March 16, 2026 06:25 pm
බේරුවල මුහුදු ප්රදේශීයේදී නාවික හමුදා භාරයට ගත් ධීවර යාත්රාවේ තිබි කිලෝග්රෑම් 250කට අධික කොකේන් ප්රමාණයක් සොයාගෙන තිබේ.
එහි වටිනාකම රුපියල් බිලියනයකට අධික බවට තොරතුරු වාර්තා වෙයි.
එම ධීවර යාත්රාවේ සිටි ධීවරයින් 06 දෙනෙකු ද නාවික හමුදා භාරයට ගන්නා ලදී.
නාවික හමුදා භාරයට ගත් අදාළ ධීවර යාත්රාව අද (16) පස්වරුවේ දික්ඕවිට ධීවර වරායට රැගෙන ආ බව නාවික හමුදාව සඳහන් කරයි.
