ගල්ෆ් කලාපයේ පිහිටි අමෙරිකානු බැංකුවලට ඉරානයෙන් අනතුරු ඇඟවීමක්

ගල්ෆ් කලාපයේ පිහිටි අමෙරිකානු බැංකුවලට ඉරානයෙන් අනතුරු ඇඟවීමක්

March 15, 2026   02:19 pm

අමෙරිකාව සහ ඊශ්‍රායල තවදුරටත් සිය බැංකු යටිතල පහසුකම් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන්නේ නම් ගල්ෆ් කලාපයේ පිහිටි අමෙරිකානු බැංකු ශාඛා වෙත සිදුකරන ප්‍රහාර තවදුරටත් පුළුල් කරන බවට ඉරාන විප්ලවීය හමුදා ආරක්ෂක බලකාය අනතුරු අඟවා තිබේ.

ඉරාන බැංකු ගොඩනැගිලි ආශ්‍රිතව පසුගිය සතියේ එල්ල වූ ප්‍රහාර හමුවේ රට තුළ බැංකු මෙහෙයුම් අඩපණ වී තිබූ අතර ඊට ප්‍රතිචාර ලෙස ගල්ෆ් කලාපයේ අමෙරිකානු බැංකු පද්ධති ඉලක්ක කර ඉරානය ප්‍රහාර එල්ල කර තිබුණි.

තවදුරටත් එවැනි ආකාරයේ වරදක් සිදුකිරීමට සතුරු පාර්ශවයන් කටයුතු කරන්නේ නම් ගල්ෆ් කලාපයේ රටවල පිහිටි සියළුම අමෙරිකානු බැංකු ශාඛා සිය නිත්‍යානුකූල ඉලක්කය වනු ඇති බව ද ඉරාන විප්ලවීය හමුදා ආරක්ෂක බලකාය සඳහන් කර ඇත.

පසුගියදා ඉරානයේ පැරණිතම හා විශාලතම බැංකුවක් වන සෙපා බැංකු ගොඩනැගිල්ල සහ තවත් බැංකු ගොඩනැගිල්ලකට එල්ල වූ ප්‍රහාර හේතුවෙන් සේවකයින් කිහිපදෙනෙකු මියගොස් බැංකු කටයුතු ද පැය ගණනාවක් ඇණ හිට තිබු බව සඳහන් වේ.