header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
සමාජ මාධ්‍යයේ තොරතුරු බෙදන්න කලින් ඇත්ත නැත්ත හොයන්න - හරිනි අමරසූරිය
Mar 15, 202601:17 PM
සමාජ මාධ්‍යයේ තොරතුරු බෙදන්න කලින් ඇත්ත නැත්ත හොයන්න - හරිනි අමරසූරිය
Mobitel 1278

සමාජ මාධ්‍ය තුළ තොරතුරු බෙදාහැරීමට පෙර සත්‍ය අසත්‍යතාව ගැන සැලකිළිමත් වියයුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ, කොළඹ ආනන්ද විද්‍යාලයේ "සංදේශය" මාධ්‍ය සම්මාන ප්‍රදානෝත්සවය අමතමිනි.

මාධ්‍ය තුළින් ලබා දෙන තොරතුරු පිළිබඳ විශ්වාසය දුර්වලවීම සමාජයක ඉතාමත්ම භයානක තත්ත්වයක් බව ද ඇය ප්‍රකාශ කළාය.

"අද අපි ජීවත් වෙන්නේ තොරතුරු තාක්ෂණය මාධ්‍ය කියන එක ඉතාමත්ම වේගයෙන් වෙනස් වෙන යුගයක ඒ වෙනස්වීමත් සමඟ අපිට අවස්ථා බොහොමයක් උදාවෙනවා වගේම අභියෝග ගණනාවකටත් අපිට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා.

තොරතුරු තාක්ෂණයෙන් සහ මාධ්‍යය විසින් වෙනස් කරන ලද සමාජයක, වෙනස් කරන ලද ලෝකයක ජීවත්වීමට තමයි අපේ දරු පරපුර අපි සූදානම් කළ යුත්තේ.

මාධ්‍ය තුළ අද වෙලා තියෙන ඒ වෙනස්කම් දකිනකොට අපිට කියන්න පුළුවන් දෙයක් තමයි මාධ්‍ය සහ තොරතුරු කියන එක ප්‍රජාතන්ත්‍රීකරණයට ලක්වෙලා තියෙනවා කියලා. අතීතයේ ගත්තොත් දැනුම තොරතුරු කියන එකට ප්‍රවේශ අයිතිය තිබුණේ වරප්‍රසාදිත එහෙම නැත්නම් බලය තියෙන කණ්ඩායම්වලට. තොරතුරු, දත්ත, දැනුම කියන දේ සන්නිවේදනය කළ හැකි විදියත්, ඒක මොකක් විය යුතුද කියලා තීරණ ගැනීමේත් බලය තිබුණේ කුඩා කණ්ඩායමකට. නමුත් අද වෙනකොට මේ තාක්ෂණය වෙනස් වෙලා. ඒ විප්ලවීය වෙනසත් එක්ක අද තොරතුරු දත්ත දැනුම කියන එක අපි හැමෝටම ළං වෙන්න පුළුවන් දෙයක් බවට පත්වෙලා තියෙනවා. එතකොට එක අතකින් ඒක හොඳ දෙයක්.

ඒවගේම අපි මාධ්‍ය නරඹන්නන් විතරක් නෙවෙයි, පාරිභෝගිකයන් විතරක් නෙවෙයි. පුරවැසියන් හැටියටත් අද දවසේ මාධ්‍යකරුවෙක් වෙන්න පුළුවන්. පුරවැසියන්ට මාධ්‍ය හසුරුවන්නත්, තොරතුරු බෙදා ගන්නත් විශාල අවකාශ අද බිහිවෙලා තියෙනවා. ඒක එක අතකින් ඉතාමත්ම හොඳ දෙයක්. නමුත් මේක තුළ භයානකකමකුත් තියෙනවා. ඒ තමයි ඒ තොරතුරු බෙදාදීම ඒ මාධ්‍යකරණය පිළිබඳ වගකීම සහ විශ්වාසනීය බව පිළිබඳ බරපතල ප්‍රශ්න, ගැටලු අභියෝග ගණනාවකට අපි මුහුණ දෙන්න වෙලා තිබෙනවා. අද අපිට ඇත්ත මොකක්ද කියන එක ගැන විශ්වාසනීයත්වයක් නැතිවෙන තරමට තොරතුරු ගලාගෙන එනවා. සමහර වෙලාවට තීරණ ගන්න අතිශයින්ම අමාරු වෙලා තියෙනවා. අපේ රටේ විතරක් නෙවෙයි ගෝලීයව බලනකොට වුණත් සමහර වෙලාවට වැරදි තොරතුරු මත එහෙම නැත්නම් ඕනකමින් විකෘති කරපු තොරතුරු මත සමාජ ගිනි අරගත්ත අවස්ථා තියනවා. මිනිස්සුන්ගේ ජීවිත විනාශ වෙච්ච අවස්ථා අපි ඕනතරම් දැකලා තියෙනවා.

අන්තර්ජාලයට අපි දන්නෙත් නැතුව සමහර වෙලාවට අහුවෙනවා. අපි ඕන දේවල් නැති දේවල් සියල්ලම අපි අපේ සමාජ මාධ්‍ය හරහා බෙදා ගන්නවා. නමුත් අපිට අමතක වෙන දෙයක් තමයි මේ තළින් පුද්ගලික තොරතුරු ගණනාවක් අන්තර්ජාළය තුළ එක්රැස්වෙමින් යනවා. මොනවා හරි වැරදි දෙයක් මේ විදිහට සමාජගත වුණාම ඒක අමතක කරවන්න අමාරුයි.

අසත්‍ය තොරතුරු බෙදා හැරීමෙන් මාධ්‍ය තුළින් ලබා දෙන තොරතුරු පිළිබඳ විශ්වාසය දුර්වල වෙනවා කියන එක සමාජයකට ඉතාමත්ම භයානක දෙයක්. සමාජයේ පැවැත්මට පුරවැසියන් අතර විශ්වාසනීයත්වය පුරවැසියන්ගේ ජීවිත වලට බලපෑම් කරන ආයතන විශ්වාසනීයත්වය පවත්වාගෙන යෑම අතිශයින්ම වැදගත්. ඒ හරහා තමා සමාජයක තිරසාර බවත්, සමාජයක පැවැත්මත්, සමාජයක සුරක්ෂිත භාවයත් අපිට රැක ගන්න පුළුවන් වෙන්නේ.

නමුත් වැරදි තොරතුරු ප්‍රචාරය නිසා අද මොනවද සිද්ධ වෙලා තියෙන්නේ? අපේ නායකයන් පිළිබඳ අපිට විශ්වාසයක් නෑ. වැඩිහිටියන් විශ්වාස කරන්නෙත් නෑ. අපිට ලැබෙන ප්‍රවෘත්තිය අපි විශ්වාස කරන්නේ කොහොමද කියන එක ගැන අපිට සැක ඇවිල්ලා තියෙනවා.ඒ විශ්වාසනීයත්වය සමාජයක් තුළ. දුර්වල වෙන එක තුලින් සමාජයක් අර්බුදයකට යන්න පුළුවන්.

ඒ නිසා තමන්ගේ නායකත්වය පිළිබඳ විශ්වාසනීයත්වය වර්ධනය වෙන විදියේ සංස්කෘතියක් ඇති කිරීම, වැඩිහිටියන් පිළිබඳ විශ්වාසනීයත්වයක් ඇති කිරීම, විශ්වාසනීය තොරතුරු ලබා ගත හැකි විධි ක්‍රම ගැන යම්කිසි අවබෝධයක් ඇති කිරීම මේ සියල්ලම සමාජයේ පැවැත්මකට අතිශයින්ම වැදගත්. ඒ නිසා මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසෙන ඔබට විශාල වගකීමක් තිබෙනවා.

අද අපි අද ගෞරව කරපු ඒ ජ්‍යෙෂ්ඨයන් වගේම කවදා හරි ඔබත් මේ ක්ෂේත්‍රයට එයි. නමුත් ඔවුන් පැමිණි කාලයක් ඔබ එන කාලයත් අතර විශාල වෙනසක් තියෙනවා. ඔබට ඉතාමත් සුවිශේෂි වගකීමක් තියෙනවා. මාධ්‍ය ක්ෂේත්‍රයේ ඉන්නවා නම් මාධ්‍ය ක්ෂේත්‍රය පිළිබඳ විශ්වාසනීයත්වය වැඩි කිරීමටත්, ලබා චෙන තොරතුරු වෙනුවෙන් පෙනී ඉන්නත් ඔබට සිදු වෙනවා.

ඔබ දෙන තොරතුරු වෙනුවෙන් ඔබ පෙනී ඉන්න පුළුවන් වෙන්න ඕන. ඔබ දෙන තොරතුර සත්‍යද කාටද ඒක බලපාන්නේ මේ සියල්ල ගැන හිතන්න ඕන. ලබා දෙන තොරතුරු පිළබඳ විශ්වාසනීයත්වයත් තහවුරු කරන්න ඔබට වගකීමක් තියෙනවා කියලා මම හිතනවා.

ඒ වගේම තමයි කුමන හෝ මාධ්‍යයක් භාවිත කරන අය හැටියට ලැබෙන තොරතුරු ගැන විශ්වාසනීයත්වය තහවුරු කිරීමටත්, සත්‍ය අසත්‍යය කියන එක තෝරා බේරා ගැනීම පිළිබඳ දැනුවත් වීමටත් අපිට විශාල වගකීමක් තියෙනවා. ඒ නිසා තමයි ඩිජිටල් සාක්ෂරතාවය සහ මාධ්‍ය සාක්ෂරතාවය කියන එක අත්‍යවශ්‍ය දෙයක් හැටියට අපි දකින්නේ. ඒ නිසාම තමයි අපි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ මෙන්න මේ වගේ විෂයන්, සංකල්ප ඉගෙන ගන්න අපේ ශිෂ්‍ය පරපුරට අවස්ථාව ලබා දිය යුතුයි කියලා අපි හිතන්නේ."

MostRead
Mobitel 1278
VideoStories
ඉදිරි දින කිහිපයේ දැඩි අවධානයෙන් ඉන්න ! | මුළු ලෝකයේම සිදුවෙන කාලගුණ වෙනස මෙන්න

ඉදිරි දින කිහිපයේ දැඩි අවධානයෙන් ඉන්න ! | මුළු ලෝකයේම සිදුවෙන කාලගුණ වෙනස මෙන්න

 මාරාන්තික උපවාසය ඇරඹීම ගැන හේතු කියන කස්සප හිමි

මාරාන්තික උපවාසය ඇරඹීම ගැන හේතු කියන කස්සප හිමි

අදත් රට පුරා දුක් දුන් කාලගුණය - ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ තද වැසි | Ada Derana

අදත් රට පුරා දුක් දුන් කාලගුණය - ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ තද වැසි | Ada Derana

දුරදිග ගිය දිට්වා ආපදා වන්දි ආරවුල...පොල්ලක් අරන් ඇවිත් ග්‍රාමසේවකට තඩිබාන්න යන හැටි CCTV කැමරාවේ...

දුරදිග ගිය දිට්වා ආපදා වන්දි ආරවුල...පොල්ලක් අරන් ඇවිත් ග්‍රාමසේවකට තඩිබාන්න යන හැටි CCTV කැමරාවේ...

අනුරාධපුර සත්‍යග්‍රහයේදී සිදුවූ දේ ගැන කස්සප හිමි දැන් කියන කතාව

අනුරාධපුර සත්‍යග්‍රහයේදී සිදුවූ දේ ගැන කස්සප හිමි දැන් කියන කතාව

අද කාලගුණය වෙනස්වන හැටි "ජනතාව අවධානයෙන් කටයුතු කරන්න"

අද කාලගුණය වෙනස්වන හැටි "ජනතාව අවධානයෙන් කටයුතු කරන්න"

අයවැය ගැන පොළොන්නරුව රාජ්‍ය නායකයා ගමටම ඇහෙන්න කියපු කතාව

අයවැය ගැන පොළොන්නරුව රාජ්‍ය නායකයා ගමටම ඇහෙන්න කියපු කතාව

වනඇතෙකු සහ වනඅලියෙකු බලා සිටි පිරිසටත් ආචාර කරමින් පාර මාරු වූ හැටි

වනඇතෙකු සහ වනඅලියෙකු බලා සිටි පිරිසටත් ආචාර කරමින් පාර මාරු වූ හැටි

ලංකාවට ඔළුව උස්සන්නම දෙන්නේ නැති බෙංගාල බොක්ක..

ලංකාවට ඔළුව උස්සන්නම දෙන්නේ නැති බෙංගාල බොක්ක..

නවගමුව පත්තිනි දේවාලය පිටුපස ගසක් කඩා වැටී වාහන කිහිපයක් කුඩුපට්ටම් වෙයි...

නවගමුව පත්තිනි දේවාලය පිටුපස ගසක් කඩා වැටී වාහන කිහිපයක් කුඩුපට්ටම් වෙයි...

ගිරිඋල්ලටත් මහ වැසි...

ගිරිඋල්ලටත් මහ වැසි...

PSTA පනතේ රඟ එක පෙළට කියන ජන අරගලය

PSTA පනතේ රඟ එක පෙළට කියන ජන අරගලය

''දැන් ආණ්ඩුවේ බලය ඉවරයි, සීනි බෝල දීලා ජනතාව රවට්ටන්න හදන්නේ'' | Ada Derana

''දැන් ආණ්ඩුවේ බලය ඉවරයි, සීනි බෝල දීලා ජනතාව රවට්ටන්න හදන්නේ'' | Ada Derana

ගාල්ලටත් මහ රෑ දැනෙන වැස්සක් | Ada Derana

ගාල්ලටත් මහ රෑ දැනෙන වැස්සක් | Ada Derana

 එළැඹෙන 11 වැනිදා කාලගුණයට සිදුවන දේ

එළැඹෙන 11 වැනිදා කාලගුණයට සිදුවන දේ

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

තෑගි ඉල්ලපු රංජන් ජයලාල්ට මොකද වෙන්නේ ?

තෑගි ඉල්ලපු රංජන් ජයලාල්ට මොකද වෙන්නේ ?

මහජන කොමිසමට දීමනා මල්ලක්

මහජන කොමිසමට දීමනා මල්ලක්

රිළවෙක් බගවන්තලාවේ ලයිට් කපයි

රිළවෙක් බගවන්තලාවේ ලයිට් කපයි

වීථී පහන නිවන්න ගිය බිරිඳ සමග සැමියාත් සදහටම නිවී යයි

වීථී පහන නිවන්න ගිය බිරිඳ සමග සැමියාත් සදහටම නිවී යයි

"ගල්අඟුරු පාඩුව පාරිභෝගිකයන් මත පටවන්නේ නැත්නම් පෙත්සම අස්කර ගන්න සුදානම්"

"ගල්අඟුරු පාඩුව පාරිභෝගිකයන් මත පටවන්නේ නැත්නම් පෙත්සම අස්කර ගන්න සුදානම්"

එල් - නිනෝ ප්‍රබල වී වැස්ස තද වෙයි

එල් - නිනෝ ප්‍රබල වී වැස්ස තද වෙයි

කොළඹ යට වුණු හේතුව DCC මීටිමේදී හෙළිවෙයි

කොළඹ යට වුණු හේතුව DCC මීටිමේදී හෙළිවෙයි

රේස් ගිය බස් එකට ගැටී 4ක් මරුට - 6කට බරපතළයි

රේස් ගිය බස් එකට ගැටී 4ක් මරුට - 6කට බරපතළයි

මේ වසරේ මෙතෙක් මාරක රිය අනතුරු 2,257කින් 2,381ක් මිය ගිහින්

මේ වසරේ මෙතෙක් මාරක රිය අනතුරු 2,257කින් 2,381ක් මිය ගිහින්

 අනුරගේ පවුලේ ආදායම ජනපති වැටුපයි - සජිත් ලක්ෂ 825කට වඩා ණයයි

අනුරගේ පවුලේ ආදායම ජනපති වැටුපයි - සජිත් ලක්ෂ 825කට වඩා ණයයි

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 ජලාශ අටම පීරී භූකම්පන අවදානමක්

ජලාශ අටම පීරී භූකම්පන අවදානමක්

 11වැනිදාට පසු කාලගුණයේ කැලඹීමක්?

11වැනිදාට පසු කාලගුණයේ කැලඹීමක්?

 දීපාවලී දිනය අදයි

දීපාවලී දිනය අදයි