කළුතර ප්රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි
March 15, 2026 11:03 am
කෙත්හේන සිට කළුතර දක්වා ප්රධාන සැපයුම් මාර්ගයේ බිඳවැටීමක් හේතුවෙන් ප්රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවා තිබේ.
ඒ අනුව වස්කඩුව, මොල්ලිගොඩ, මොරොන්තුඩුව, කළුතර උතුර සහ දකුණ, නාගොඩ, කටුකුරුන්ද සහ බෝම්බුවල ප්රදේශවලට මෙසේ ජල සැපයුම අත්හිටුවා ඇත.
හෙට (16) පෙ.ව. 10.00 පමණ වනවිට මෙය යථාවත් කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බවද සඳහන් වේ.
'1939' කෙටි දුරකතන අංකය ඇමතීමෙන් මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබා ගත හැකියි.
