රුසියාවේ ඉරාන තානාපතිගෙන් අමෙරිකාවට සැර ප්‍රකාශයක්

රුසියාවේ ඉරාන තානාපතිගෙන් අමෙරිකාවට සැර ප්‍රකාශයක්

March 14, 2026   03:21 pm

ඉරානයේ නව උත්තරීතර නායකයා ඉලක්ක කළහොත් අමෙරිකාවට 'දරුණු පළිගැනීමකට' මුහුණ දීමට සිදුවනු ඇති බව රුසියාවේ ඉරාන තානාපති පවසයි.

රුසියාවේ ස්පුට්නික් මාධ්‍ය ජාලය සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඉරාන තානාපති කාසෙම් ජලාලි අනතුරු අඟවා ඇත්තේ ටෙහෙරානයේ නව උත්තරීතර නායක මොජ්තාබා කමේනි ඝාතනය කිරීමට උත්සාහ නොකරන ලෙසය.

මොජ්තාබාගේ පියා වන අලි කමේනි ඝාතනය කිරීමෙන් පසු ඉරාන වැසියන් "ලේ පළිගැනීමක්" අපේක්ෂා කරන බව ද ජලාලි පැවසීය.