header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
අල්ලස් කොමිසමේ වැටුප් යෝජනාවට මුදල් සභාවේ අනුමැතිය
Mar 13, 202605:30 PM
අල්ලස් කොමිසමේ වැටුප් යෝජනාවට මුදල් සභාවේ අනුමැතිය
Mobitel 1278

අල්ලස් ‍හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ වැටුප් සම්බන්ධ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ.

ඒ, එම සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් පසුගිය 10 වෙනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

මෙහිදී අදහස් දැක්වූ අල්ලස් හා ‍දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා ප්‍රකාශ කළේ, 2023 වසරේදී සම්මත වූ දූෂණ විරෝධී පනත අනුව අල්ලස් ‍හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් කොමිෂන් සභාව නව ආයතනයක් ලෙස ක්‍රියාත්මක වන බවය.

කොමිෂන් සභාවට අවශ්‍ය නිලධරයන් හා සේවකයන් කොමිෂන් සභාව විසින් පත් කර ගත යුතු බවත් ඔවුන්ගේ පාරිශ්‍රමික සහ සේවා කොන්දේසි මුදල් අමාත්‍යවරයාගේ එකඟතාව සහිතව පාර්ලිමේන්තුවේ අනුමතිය මත තීරණය කළ යුතු බවට විධිවිධාන සලසා ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.

එසේම 2023 අංක 03 දරන දූෂණ විරෝධී පනත සම්මත වීමෙන් අනතුරුව මෙම කටයුතු වසර දෙකක් දක්වා ප්‍රමාදවීම පිළිබඳව කනගාටු වන බවත් ඒ මහතා එහිදී සඳහන් කළේය.

අල්ලස් හා ‍දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සේවක සංඛ්‍යාව සඳහා අවශ්‍ය තනතුරු 971 සහ විශේෂ දීමනා ඇතුළුව ඔවුන්ගේ වැටුප් ව්‍යුහයන් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව හරහා මුදල් අමාත්‍යාංශය විසින් අනුමත කර තිබිණි.

කොමිෂන් සභාවට අනුයුක්ත නීති නිලධාරීන්ට, නීතිපති දෙපාර්තමේන්තුවට අනුයුක්ත නීති නිලධාරීන්ට සාපේක්ෂව අඩු වැටුපක් යෝජනා කර තිබීම පිළිබඳව කාරක සභාවේ අවධානය යොමුවිය.

කෙසේ වෙතත් තවදුරටත් ප්‍රමාදයන් වළක්වා ගෙන බඳවා ගැනීමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමේ අවශ්‍යතාව මත මේ සඳහා කාරක සභාවේ අනුමතිය හිමිවිය.

මෙම ආයතනය ශක්තිමත් ආයතනයක් ලෙස ඉදිරියට ගෙන යාම සඳහා ඉදිරියේදී හෝ නිසි වැටුප් තලවල පිහිටුවීමේ අවශ්‍යතාව කාරක සභාව විසින් අවධාරණය කරන ලදී.

අල්ලස් හා ‍දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු කොමසාරිස්වරුන්ගේ සහ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ වැටුප්තල සම්බන්ධයෙන් යෝජනාව ඉදිරියේදී ගෙන ඒමට නියමිත බවත්, එහිදී රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් මීට පෙර නිර්දේශ කරන ලද පරිදි, ඔවුන්ගේ වැටුප්තල අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ වැටුප් තල හා අනුකූල වනු ඇතැයි අපේක්ෂා කරන බවත් කාරක සභාව විසින් සඳහන් කරන ලදී.

කොමිෂන් සභාව ඉතා සංවේදී කාර්යක් ඉටු කිරීමත්, වෙනත් කිසිදු පෞද්ගලික ඉපයීමක් හෝ උපදේශනයක් භාර ගැනීමට නොහැකි වීමත්, ලැබැඳියාවන් අතර ගැටුම් ඇති වීමටත් ඇති හැකියාව නිසා කොමිසමේ කාර්ය මණ්ඩලය, කොමසාරිස්වරුන් සහ අධ්‍යක්ෂ ජනරාල්වරයාට රාජ්‍ය අංශයේ වැටුපට සාපේක්ෂව ඉහළ වැටුපක් ගෙවීම සාධාරණ බව කාරක සභාව විසින් පෙන්වා දෙන ලදී.

මෙම කොමිෂන් සභාව කොළඹ පමණක් කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කිරීමට සිදුවීම ගැටලුවක් බව කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

රට පුරා විමර්ශන සහ වැටලීම් කොළඹ සිට සිදු කළ යුතු වීමත් සාක්ෂිකරුවන් සාක්ෂි සැපයීම සඳහා කොළඹට ගෙන්වීමට සිදුවීම ගැටලුවක් බවත් ඔහු පෙන්වා දුන්නේය.

මේ හේතුවෙන් ඉදිරියේදී දිස්ත්‍රික්ක මට්ටමින් කාර්යාල පිහිටුවීමේ අපේක්ෂාව ඇති බවත් පළමුව අවම වශයෙන් පළාත් කාර්යාල 9 ක් පිහිටුවීමට අදහස් කරන බවත් ඒ අල්ලස් හා ‍දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

MostRead
Mobitel 1278
VideoStories
අදත් රට පුරා දුක් දුන් කාලගුණය - ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ තද වැසි | Ada Derana

අදත් රට පුරා දුක් දුන් කාලගුණය - ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ තද වැසි | Ada Derana

දුරදිග ගිය දිට්වා ආපදා වන්දි ආරවුල...පොල්ලක් අරන් ඇවිත් ග්‍රාමසේවකට තඩිබාන්න යන හැටි CCTV කැමරාවේ...

දුරදිග ගිය දිට්වා ආපදා වන්දි ආරවුල...පොල්ලක් අරන් ඇවිත් ග්‍රාමසේවකට තඩිබාන්න යන හැටි CCTV කැමරාවේ...

අනුරාධපුර සත්‍යග්‍රහයේදී සිදුවූ දේ ගැන කස්සප හිමි දැන් කියන කතාව

අනුරාධපුර සත්‍යග්‍රහයේදී සිදුවූ දේ ගැන කස්සප හිමි දැන් කියන කතාව

අද කාලගුණය වෙනස්වන හැටි "ජනතාව අවධානයෙන් කටයුතු කරන්න"

අද කාලගුණය වෙනස්වන හැටි "ජනතාව අවධානයෙන් කටයුතු කරන්න"

අයවැය ගැන පොළොන්නරුව රාජ්‍ය නායකයා ගමටම ඇහෙන්න කියපු කතාව

අයවැය ගැන පොළොන්නරුව රාජ්‍ය නායකයා ගමටම ඇහෙන්න කියපු කතාව

වනඇතෙකු සහ වනඅලියෙකු බලා සිටි පිරිසටත් ආචාර කරමින් පාර මාරු වූ හැටි

වනඇතෙකු සහ වනඅලියෙකු බලා සිටි පිරිසටත් ආචාර කරමින් පාර මාරු වූ හැටි

ලංකාවට ඔළුව උස්සන්නම දෙන්නේ නැති බෙංගාල බොක්ක..

ලංකාවට ඔළුව උස්සන්නම දෙන්නේ නැති බෙංගාල බොක්ක..

නවගමුව පත්තිනි දේවාලය පිටුපස ගසක් කඩා වැටී වාහන කිහිපයක් කුඩුපට්ටම් වෙයි...

නවගමුව පත්තිනි දේවාලය පිටුපස ගසක් කඩා වැටී වාහන කිහිපයක් කුඩුපට්ටම් වෙයි...

ගිරිඋල්ලටත් මහ වැසි...

ගිරිඋල්ලටත් මහ වැසි...

PSTA පනතේ රඟ එක පෙළට කියන ජන අරගලය

PSTA පනතේ රඟ එක පෙළට කියන ජන අරගලය

''දැන් ආණ්ඩුවේ බලය ඉවරයි, සීනි බෝල දීලා ජනතාව රවට්ටන්න හදන්නේ'' | Ada Derana

''දැන් ආණ්ඩුවේ බලය ඉවරයි, සීනි බෝල දීලා ජනතාව රවට්ටන්න හදන්නේ'' | Ada Derana

ගාල්ලටත් මහ රෑ දැනෙන වැස්සක් | Ada Derana

ගාල්ලටත් මහ රෑ දැනෙන වැස්සක් | Ada Derana

 එළැඹෙන 11 වැනිදා කාලගුණයට සිදුවන දේ

එළැඹෙන 11 වැනිදා කාලගුණයට සිදුවන දේ

''කොළඹ කාණුව ගැන අහන්න වඩාත්ම සුදුසු නගරාධිපතිනිය'' - ''කොළඹට වැහැලා තියෙනවා'' | Ada Derana

''කොළඹ කාණුව ගැන අහන්න වඩාත්ම සුදුසු නගරාධිපතිනිය'' - ''කොළඹට වැහැලා තියෙනවා'' | Ada Derana

වැස්සෙන් පස්සේ කටඇරිය බල්තසාර්.. | Ada Derana

වැස්සෙන් පස්සේ කටඇරිය බල්තසාර්.. | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
 අනුරගේ පවුලේ ආදායම ජනපති වැටුපයි - සජිත් ලක්ෂ 825කට වඩා ණයයි

අනුරගේ පවුලේ ආදායම ජනපති වැටුපයි - සජිත් ලක්ෂ 825කට වඩා ණයයි

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 ජලාශ අටම පීරී භූකම්පන අවදානමක්

ජලාශ අටම පීරී භූකම්පන අවදානමක්

 11වැනිදාට පසු කාලගුණයේ කැලඹීමක්?

11වැනිදාට පසු කාලගුණයේ කැලඹීමක්?

 දීපාවලී දිනය අදයි

දීපාවලී දිනය අදයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

 ලෝක බලවතුන් එක්වූ 'COP17' සමුළුවේදී මිෂෙල්ගේ දේශනය ලොව පුරා අවධානයට

ලෝක බලවතුන් එක්වූ 'COP17' සමුළුවේදී මිෂෙල්ගේ දේශනය ලොව පුරා අවධානයට

 ට්‍රම්ප්ගේ පරාජයත් සමග ලෝක තෙල් මිලත් පහළට

ට්‍රම්ප්ගේ පරාජයත් සමග ලෝක තෙල් මිලත් පහළට

දවසේ කාටූන් විස්තරේ |

දවසේ කාටූන් විස්තරේ |

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ