මහනුවර මැණික් කොල්ලයක්
March 13, 2026 04:24 pm
මහනුවර ඊ.එල්. සේනානායක පාරේ පිහිටි මැණික් අලෙවිසැලකට අද (13) දහවල් පැමිණි පුද්ගලයෙකු එහි තිබූ (Ruby)මැණික් පෙට්ටියක් කොල්ලකා පලාගොස් තිබේ.
සැකකරු විසින් අලෙවිසැලේ පුද්ගලයාගේ මුහුණට යම් දියරයක් ඉසීමෙන් පසු මෙම කොල්ලය සිදුකර ඇත.
පොලිසිය සඳහන් කරන්නේ මෙම ස්ථානය මැණික් අලෙවි කිරීම, පරීක්ෂා කිරීම සහ මැණික් සහතික කිරීමේ කටයුතු සිදුකරගෙන ගිය ස්ථානයක් බවය.
මැණික් මිලදී ගැනීමට යැයි පවසා සැකකරු වෙළෙඳසැලට ඇතුළුවී ඇති අතර පසුව වෙළෙඳසැලේ සිටි පුද්ගලයාගේ මුහුණට යම් දියරයක් ඉසීමෙන් පසු ඔහු අත තිබූ මැණික් පෙට්ටිය කොල්ලකා තිබේ.
එහි වටිනාකම රුපියල් මිලියන 6ක් පමණ වෙන බවද පැවසෙයි.
මහනුවර පොලිසියේ අපරාධ විමර්ශන නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
