header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
අග්‍රාමාත්‍යවරිය පිලිපීනයේ ජාත්‍යන්තර වී පර්යේෂණ ආයතනයේ නිරීක්ෂණයක
Mar 11, 202606:52 PM
අග්‍රාමාත්‍යවරිය පිලිපීනයේ ජාත්‍යන්තර වී පර්යේෂණ ආයතනයේ නිරීක්ෂණයක
Mobitel 1278

​ආසියානු සංවර්ධන බැංකුවේ නිල ආරාධනය මත පිලිපීනයේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (11) පිලිපීනයේ ලොස් බැනෝස් හි පිහිටි ජාත්‍යන්තර වී පර්යේෂණ ආයතනයේ (IRRI) ප්‍රධාන කාර්යාලයේ නිරීක්ෂණයක නිරත විය.

​එහිදී ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් යොන් පින්ටෝ (Yvonne Pinto) මහත්මිය හමු වූ අග්‍රාමාත්‍යවරිය, ශ්‍රී ලංකාවේ වී වගාව සහ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ තිරසාර සංවර්ධනය උදෙසා දෙපාර්ශවය අතර පවතින සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කරගැනීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළාය.

​ශ්‍රී ලාංකීය වී ගොවීන් මුහුණ දෙන අභියෝග පිළිබඳව විශේෂ අවධානයක් මෙහිදී යොමු කළ අතර විශේෂයෙන්ම, වී නිෂ්පාදනයට බලපාන බාධාවන්, දේශගුණික විපර්යාසයන්ගේ බලපෑම් සහ ගොවි ජනතාව නවීන තාක්ෂණික ක්‍රමවේද වෙත යොමු කිරීමේ අවශ්‍යතාව අග්‍රාමාත්‍යවරිය විසින් පෙන්වා දුන්නාය.

​ශ්‍රී ලංකාවේ වී අස්වැන්න ඉහළ නැංවීමට සහ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අවශ්‍ය නවීන තාක්ෂණයන් සහ පර්යේෂණ දායකත්වය ලබා ගැනීමේ හැකියාව පිළිබඳව ද මෙහිදී කරුණු සාකච්ඡා විය.

ඒ අනුව, දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දෙන නව වී ප්‍රභේද හඳුන්වා දීම සහ තිරසාර ගොවිතැන් ක්‍රම ප්‍රවර්ධනය කිරීම සඳහා IRRI ආයතනය විසින් ක්‍රියාත්මක කරන ගෝලීය පර්යේෂණ අත්දැකීම් ශ්‍රී ලංකාව සමඟ හුවමාරු කර ගැනීමට එකඟතාව පළ කෙරිණි.

​තවද, ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ආයතනවල ධාරිතාව වර්ධනය කිරීම, පර්යේෂණ හවුල්කාරිත්වයන් ඇති කර ගැනීම සහ දැනුම හුවමාරු කර ගැනීමේ වැඩසටහන් තවදුරටත් පුළුල් කිරීම කෙරෙහි ද දෙපාර්ශවයේ අවධානය යොමු විය.

​විද්‍යාත්මක පදනමක් සහිත කෘෂිකාර්මික නවෝත්පාදනයන් මගින් ශ්‍රී ලංකාවේ ගොවි ජනතාවගේ ජීවනෝපාය නංවාලීමටත්, ජාතික ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමටත් මෙම අන්තර්ජාතික සහයෝගිතාව බෙහෙවින් ඉවහල් වනු ඇති බව අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් අවධාරණය කළාය.

MostRead
Mobitel 1278
VideoStories
ඉදිරි දින කිහිපයේ දැඩි අවධානයෙන් ඉන්න ! | මුළු ලෝකයේම සිදුවෙන කාලගුණ වෙනස මෙන්න

ඉදිරි දින කිහිපයේ දැඩි අවධානයෙන් ඉන්න ! | මුළු ලෝකයේම සිදුවෙන කාලගුණ වෙනස මෙන්න

 මාරාන්තික උපවාසය ඇරඹීම ගැන හේතු කියන කස්සප හිමි

මාරාන්තික උපවාසය ඇරඹීම ගැන හේතු කියන කස්සප හිමි

අදත් රට පුරා දුක් දුන් කාලගුණය - ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ තද වැසි | Ada Derana

අදත් රට පුරා දුක් දුන් කාලගුණය - ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ තද වැසි | Ada Derana

දුරදිග ගිය දිට්වා ආපදා වන්දි ආරවුල...පොල්ලක් අරන් ඇවිත් ග්‍රාමසේවකට තඩිබාන්න යන හැටි CCTV කැමරාවේ...

දුරදිග ගිය දිට්වා ආපදා වන්දි ආරවුල...පොල්ලක් අරන් ඇවිත් ග්‍රාමසේවකට තඩිබාන්න යන හැටි CCTV කැමරාවේ...

අනුරාධපුර සත්‍යග්‍රහයේදී සිදුවූ දේ ගැන කස්සප හිමි දැන් කියන කතාව

අනුරාධපුර සත්‍යග්‍රහයේදී සිදුවූ දේ ගැන කස්සප හිමි දැන් කියන කතාව

අද කාලගුණය වෙනස්වන හැටි "ජනතාව අවධානයෙන් කටයුතු කරන්න"

අද කාලගුණය වෙනස්වන හැටි "ජනතාව අවධානයෙන් කටයුතු කරන්න"

අයවැය ගැන පොළොන්නරුව රාජ්‍ය නායකයා ගමටම ඇහෙන්න කියපු කතාව

අයවැය ගැන පොළොන්නරුව රාජ්‍ය නායකයා ගමටම ඇහෙන්න කියපු කතාව

වනඇතෙකු සහ වනඅලියෙකු බලා සිටි පිරිසටත් ආචාර කරමින් පාර මාරු වූ හැටි

වනඇතෙකු සහ වනඅලියෙකු බලා සිටි පිරිසටත් ආචාර කරමින් පාර මාරු වූ හැටි

ලංකාවට ඔළුව උස්සන්නම දෙන්නේ නැති බෙංගාල බොක්ක..

ලංකාවට ඔළුව උස්සන්නම දෙන්නේ නැති බෙංගාල බොක්ක..

නවගමුව පත්තිනි දේවාලය පිටුපස ගසක් කඩා වැටී වාහන කිහිපයක් කුඩුපට්ටම් වෙයි...

නවගමුව පත්තිනි දේවාලය පිටුපස ගසක් කඩා වැටී වාහන කිහිපයක් කුඩුපට්ටම් වෙයි...

ගිරිඋල්ලටත් මහ වැසි...

ගිරිඋල්ලටත් මහ වැසි...

PSTA පනතේ රඟ එක පෙළට කියන ජන අරගලය

PSTA පනතේ රඟ එක පෙළට කියන ජන අරගලය

''දැන් ආණ්ඩුවේ බලය ඉවරයි, සීනි බෝල දීලා ජනතාව රවට්ටන්න හදන්නේ'' | Ada Derana

''දැන් ආණ්ඩුවේ බලය ඉවරයි, සීනි බෝල දීලා ජනතාව රවට්ටන්න හදන්නේ'' | Ada Derana

ගාල්ලටත් මහ රෑ දැනෙන වැස්සක් | Ada Derana

ගාල්ලටත් මහ රෑ දැනෙන වැස්සක් | Ada Derana

 එළැඹෙන 11 වැනිදා කාලගුණයට සිදුවන දේ

එළැඹෙන 11 වැනිදා කාලගුණයට සිදුවන දේ

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

තෑගි ඉල්ලපු රංජන් ජයලාල්ට මොකද වෙන්නේ ?

තෑගි ඉල්ලපු රංජන් ජයලාල්ට මොකද වෙන්නේ ?

මහජන කොමිසමට දීමනා මල්ලක්

මහජන කොමිසමට දීමනා මල්ලක්

රිළවෙක් බගවන්තලාවේ ලයිට් කපයි

රිළවෙක් බගවන්තලාවේ ලයිට් කපයි

වීථී පහන නිවන්න ගිය බිරිඳ සමග සැමියාත් සදහටම නිවී යයි

වීථී පහන නිවන්න ගිය බිරිඳ සමග සැමියාත් සදහටම නිවී යයි

"ගල්අඟුරු පාඩුව පාරිභෝගිකයන් මත පටවන්නේ නැත්නම් පෙත්සම අස්කර ගන්න සුදානම්"

"ගල්අඟුරු පාඩුව පාරිභෝගිකයන් මත පටවන්නේ නැත්නම් පෙත්සම අස්කර ගන්න සුදානම්"

එල් - නිනෝ ප්‍රබල වී වැස්ස තද වෙයි

එල් - නිනෝ ප්‍රබල වී වැස්ස තද වෙයි

කොළඹ යට වුණු හේතුව DCC මීටිමේදී හෙළිවෙයි

කොළඹ යට වුණු හේතුව DCC මීටිමේදී හෙළිවෙයි

රේස් ගිය බස් එකට ගැටී 4ක් මරුට - 6කට බරපතළයි

රේස් ගිය බස් එකට ගැටී 4ක් මරුට - 6කට බරපතළයි

මේ වසරේ මෙතෙක් මාරක රිය අනතුරු 2,257කින් 2,381ක් මිය ගිහින්

මේ වසරේ මෙතෙක් මාරක රිය අනතුරු 2,257කින් 2,381ක් මිය ගිහින්

 අනුරගේ පවුලේ ආදායම ජනපති වැටුපයි - සජිත් ලක්ෂ 825කට වඩා ණයයි

අනුරගේ පවුලේ ආදායම ජනපති වැටුපයි - සජිත් ලක්ෂ 825කට වඩා ණයයි

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 ජලාශ අටම පීරී භූකම්පන අවදානමක්

ජලාශ අටම පීරී භූකම්පන අවදානමක්

 11වැනිදාට පසු කාලගුණයේ කැලඹීමක්?

11වැනිදාට පසු කාලගුණයේ කැලඹීමක්?

 දීපාවලී දිනය අදයි

දීපාවලී දිනය අදයි