මැදපෙරදිග යුද්ධය පිළිබඳ නවතම යාවත්කාලීන කිරීම මෙතනින්

මැදපෙරදිග යුද්ධය පිළිබඳ නවතම යාවත්කාලීන කිරීම මෙතනින්

March 10, 2026   01:08 am

ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව ඉරානයට එරෙහිව යුද මෙහෙයුම ආරම්භ කර අදට (10) දින එකළොහක් ගතව තිබේ. මේ වනවිට එම තත්ත්වය උත්සන්නවී ඇති අතර ඒ හේතුවෙන් ලෝක ආර්ථිකයට දැඩි බලපෑම් එල්ලවී ඇත.

Update | 07.07 AM | ආසියානු වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට

ආසියානු වෙළෙඳපොළ තුළ අද (10) උදෑසන ගනුදෙනු ආරම්භයේදී බොරතෙල් මිල පහළ වැටී තිබේ.

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල 8.5%කින් පමණ පහළ වැටී ඩොලර් 92.50ක් ලෙස සටහන් වී ඇති බව වාර්තා වේ.

-----------------------------

Update | 06.47 AM | පුටින් සහ ට්‍රම්ප් අතර දුරකථන සංවාදයක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අතර දුරකථන සාකච්ඡාවක් සිදුව ඇති බව වාර්තා වෙයි.

පැයක පමණ කාලයක් අදාළ සාකච්ඡාව පවත්වා ඇති අතර එහිදී වර්තමානයේ ජාත්‍යන්තර යුද තත්ත්වය පිළිබදව දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති බව සඳහන් ය. 

-----------------------------

Update | 02.18 AM | යුද්ධය කඩිනමින් අවසන් කරන බව ට්‍රම්ප් කියයි

මැදපෙරදිග කලාපයේ පවතින යුද්ධය ඉතා ඉක්මනින් අවසන් වනු ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, එය මෙම සතිය තුළ අවසන් නොවනු ඇති බවය.

-----------------------------

Update | 01.05 AM | ලෙබනන් නායකයා සටන් විරාමයක් ඉල්ලයි 

ඊශ්‍රායල හමුදාව විසින් සිදු කරනු ලබන ගොඩබිම්, ගුවන් සහ මුහුදු ප්‍රහාර නතර කරමින් සම්පූර්ණ සටන් විරාමයක් ලෙබනන් ජනාධිපති ජෝසප් අවුන් ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. 

හිස්බුල්ලා සංවිධානය යටතේ ඇති ප්‍රදේශවලට ඊශ්‍රායල හමුදාව විසින් අඛණ්ඩව එල්ල කරනු ලබයි.