
ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස පත් වූ මුජ්තබා කමෙයිනි වෙත රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සුබපැතුම් පණිවිඩයක් යවා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
ඉරානය මුහුණ දී සිටින සන්නද්ධ ගැටුම් හමුවේ රුසියාව සැමවිටම ඉරානයේ විශ්වාසවන්ත සහකරුවෙකු ලෙස සිටින බව පුටින් එහිදි යළිත් අවධාරණය කර තිබේ.
මේ අතර, තම පියා ආරම්භ කළ කාර්යයන් ඔහු ගෞරවනීය ලෙස ඉදිරියට ගෙන යනු ඇතැයි තමා විශ්වාස කරන බව ද පුටින් පවසා ඇත.



















































