header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
IRIS Dena නෞකාවට එල්ල කළ ප්‍රහාරය ගැන තවත් තොරතුරු
Mar 06, 202608:26 PM
IRIS Dena නෞකාවට එල්ල කළ ප්‍රහාරය ගැන තවත් තොරතුරු
Mobitel 1278

IRIS Dena නෞකාවට පහරදුන් අමෙරිකානු සබ්මැරීනය තුළ ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ සාමාජිකයින් තිදෙනෙක් සිටි බව ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනී ඇල්බනීසි තහවුරු කර තිබේ.

එම නිලධාරීන් ඔස්ට්‍රේලියාව, බ්‍රිතාන්‍ය සහ අමෙරිකාව අතර ඇති ඕකස් පුහුණ වැඩසටහනට එක්ව සිටි පිරිසක් බවත් ඔහු මෙහිදී අනාවරණ කර ඇත.

කෙසේ නමුත් අගමැතිවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර සිටියේ සිය හමුදා ජාත්‍යන්තර නීතියට අනුගතව සිටි බවත්, ඉරානයට එල්ල කළ ප්‍රහාරයට සක්‍රීයව දායක නොවූ බවත් ය.

IRIS Dena නෞකාවේ සිට දිවි බේරාගත් ඉරාන නාවිකයන් පිරිස ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මුදාගන්න අයුරු දැන්වෙන රූපරුමු පෙළක් අද (06) මාධ්‍යවෙත නිකුත් කර ඇත.

එම ප්‍රහාරයෙන් මියගිය ඉරාන නාවිකයන් පිරිසගේ දේහ පිළිබඳ පශ්චත් මරණ පරීක්ෂණ කටයුතු ද අද අළුයම තෙක්ම ගාල්ල ජාතික රෝහලේදී සිදු කෙරිණි.

මෙම මෘත ශරීර තැන්පත් කිරීම සඳහා රෝහලේ ඉඩ පහසුකම් නොමැති වීම හේතුවෙන් ශිතකරණ පහසුකම් සහිත බහාලුම් යොදා ගැනීමට තීරණය කෙරුණු අතර අදාළ බහාලුම් රථ ඊයේ රාත්‍රියේ රෝහල වෙත රැගෙන ආවේය.

මින් එක් බහාලුමක් ගාල්ලේ පරිත්‍යාගශීලි ජනතාව විසින් ලබා දී තිබූ අතර අනෙක් බහාලුම ලබාදී තිබුනේ රජයේ මැදිහත් වීමෙනි.

මේ අතර රෝහල්ගතව ප්‍රතිකාර ලබන ඉරාන නාවිකයන්ගෙන් 8 දෙනෙකු හදිසි ප්‍රතිකාර අංශයේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

සෙසු 24 දෙනා සාමාන්‍ය වාට්ටුවල ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කළේය.

IRIS Dena නෞකාව ප්‍රහාරයට ලක් වු ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් සඳහා ඉන්දීය නාවික හමුදාවට අයත් INS තරංගිනී නෞකාවද සහභාගී වී ඇති අතර එය අද උදෑසන කොළඹ වරායට පැමිණියේය.

කෙසේ වෙතත් ඉරාන විදේශ කටයුතු අමාත්‍යවරයා චෝදනා කරන්නේ නිරායුධ මිනිසුන් රැගත් නෞකාවකට පහරදී වැනසීම මගින් අමෙරිකාව යුද අපරාධයක් කර ඇති බවය.

මේ අතර ඉන්දියාවේ විශාකාපට්නම්හී පැවැති මිලාන් 2026 යුද අභ්‍යාසය සඳහා සහභාගී වීමට ගිය ඉරාන නෞකා තුනෙන් එකක් වන අයිරිස් බුෂේර් 'IRIS Bushehr' යුද නෞකාව පසුගියදා පානදුරට ඔබ්බෙන් වූ මෙරට අනන්‍ය ආර්ථික මුහුදු කලාපයට පැමිණියේය.

ඒ සමග ඔවුන් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර තිබුනේ මෙරට වරායක් වෙත ඇතුළුවීමට අවසර ලබා දෙන ලෙසය.

ඒ අනුව ඊයේ රාත්‍රියේ නෞකාවේ ‍කාර්ය මණ්‍ලය ඇතුළු නැවියන් 204 දෙනෙකු ශ්‍රි ලංකා නාවික හමුදාව විසින් කොළඹ වරායට රැගෙන එනු ලැබීය.

ඒ අතර නිලධාරීන් 53ක්, කැඩෙට් නිලධාරීන් 54ක්, ජ්‍යෙෂ්ඨ නාවිකයන් 48ක් හා නාවිකයන් 23දෙනෙකු සිට තිබේ.

එලෙස ගොඩබිමට රැගෙන ආ නාවිකයන් පිරිස වැලිසර නාවික හමුදා කඳවුර වෙත රැගෙන ගියේය.

නාවික හමුදා සඳහන් කළේ, අදාළ නෞකාව අද (6) පස්වරුව වන විටත් කොළඹ වරායට නුදුරින් ශ්‍රී ලංකා ජල තීරයේ ස්ථාන ගත කර ඇති බවය.

MostRead
Mobitel 1278
VideoStories
පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

 කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

 පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

 ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

 ලාල් කාන්තට මාදුගොඩ දුන්න රිටන් එක "ආණ්ඩුව බූරුවන්ට දුන්නාම පොලීසිය බල්ලට යනවා"

ඥාතීන්ගේ සෝ සුසුම් මැද ඉෂාර අවසන් ගමන් යයි..

ඥාතීන්ගේ සෝ සුසුම් මැද ඉෂාර අවසන් ගමන් යයි..

හිටපු ඇමති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් 4කට හා මෝටර් රථ 2කට අල්ලස් කොමිසමෙන් තහනමක්|

හිටපු ඇමති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් 4කට හා මෝටර් රථ 2කට අල්ලස් කොමිසමෙන් තහනමක්|

 කාඩ්පත් හිඟයක් නිසා ID සහ රියැදුරු බලපත්‍ර ලක්ෂ 16ක මුද්‍රණය ඇණහිටලා

කාඩ්පත් හිඟයක් නිසා ID සහ රියැදුරු බලපත්‍ර ලක්ෂ 16ක මුද්‍රණය ඇණහිටලා

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

 අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

 වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ