header logo
SLIC
උණුසුම් පුවත්
WHO නිර්දේශ ඉක්මවා මෙරට පුද්ගලයෙකු වසරට භාවිත කරන සීනි ප්‍රමාණය කිලෝ 34ක්
Mar 06, 202605:37 PM
WHO නිර්දේශ ඉක්මවා මෙරට පුද්ගලයෙකු වසරට භාවිත කරන සීනි ප්‍රමාණය කිලෝ 34ක්
Mobitel 1278

මෙරට අවසන් මුඛ සෞඛ්‍ය සමීක්ෂණයට අනුව අවුරුදු 12 දරුවන්ගේ දත් දිරා යාම 30%ක ප්‍රතිශයක පැවතුණු බවත් පළමු මුඛ සෞඛ්‍ය සමීක්ෂණයේ එම තත්ත්වය 70%කට ආසන්න වූ බව දන්ත සේවා විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක මහතා පවසයි.

එළැඹෙන මාර්තු මස 10 වැනි දින සිට ආරම්භ කිරීමට නියමිත මෙරට 05වන ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණය පිළිබඳව දැනුවත් කිරීම වෙනුවෙන් අද පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් විශේෂඥ වෛද්‍යවරයා මේ බව පැවසීය.

විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේ මෙරට ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණයක් අවසන් වරට මෙරට තුළ සිදුකර ඇත්තේ 2015-2016 වසරේදී වන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය වනුයේ වසර 10කට වරක් ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණයක් පැවැත්වීම බවය.

ඒ අනුව වසර 10ක් ගතවී ඇති බැවින් එළැඹෙන 10 වැනි දින සිට නොවැම්බර් මාසය දක්වා මෙරට 05නක ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණය පැවැත්වීමට කටයුතු කරන බව විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය.

"අපි මේ වන විට රටක් විදිහට ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණ 04ක් පවත්වලා තිබෙනවා. පළවෙනි මුඛ සෞඛ්‍ය සමීක්ෂණය පවත්වලා තිබුණේ වසර 1982-1983. දළ වශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ තමයි රටක් වසර 10කට සැරයක් ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණයක් පවත්වලා තම තමන්ගේ මුඛ රෝගවල තත්ත්වය කොහොමද කියලා බලාගන්න ඕනේ කියන එක. අවසන් වරට මුඛ සෞඛ්‍ය සමීක්ෂණයක් පවත්වලා තියෙන්නේ 2015-2016ක කාලය ඒ නිසා වසර 10ක කාලය දැන් ගතවෙලා තියෙනවා ඒ නිසා තමයි අපි දැන් මේ මාර්තු 10 වැනිදා ඉඳලා නොවැම්බර් මාසය දක්වා දත්ත එකතු කරමින් ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණ දත්ත එකතු කරන්නේ."

මෙම අවස්ථාවට එක්වෙමින් විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේ මෙරට සෑම වැඩිහිටියන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු විදුරුමස් ආශ්‍රිත රෝගවලින් පීඩා විඳින බවය. එමෙන්ම මෙරට වැඩිහිටියන්ගේ විදුරුමස් රෝග ප්‍රතිශතය 50%ක අගයක් ගන්නා බවත් පැවසූ විශේෂඥ වෛද්‍යවරයා මීට බලපා ඇත්තේ මෙරට සීනි පරිභෝජනය බවත් පෙන්වා දුන්නේය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය වනුයේ වසරකට පුද්ගලයෙකු සීනි කිලෝ 10ක් පමණක් භාවිත කළ යුතු වුවත් ශ්‍රී ලාංකිකයෙකු වසරට සීනි කිලෝ 34ක් භාවිත කරන බවද විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දුන්නේය.

"වැඩිහිටියන්ගේ විදුරුමස් රෝග ප්‍රතිශතය ගත්තොත් 50%ක්. ඒ කියන්නේ වැඩිහිටියන් දෙන්නෙක් ගත්තොත් එක්කෙනක්ට විදුරුමස් රෝග තියෙනවා. ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණයේ මේ මුඛ රෝගවලට අවදානම් සාධක ගැනත් අවධානය යොමු කරනවා එහෙම බැලුවාම අපේ රටේ සීනි පරිභෝජනය, සීනි සහිත ආහාර ගැනීම ගැන අපි දත්ත එකතු කරනවා අපේ රටේ සීනි සහිත ආහාර ගත්තොත් තේ බොන කොට පාවිච්චි කරන සීනි සහිත ආහාර, බනිස්වගේ දේවල්, පැණි බීම, තේවලට දාන සීනි ප්‍රමාණය බලපානවා.

ලංකාවේ සීනි පරිභෝජනය වැඩියි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය නිරෝගී පුද්ගලයෙකුට නිරෝගීව ඉන්න නම් වසරකට සීනි කිලෝ ග්‍රෑම් 10ක් පමණයි පාවිච්චි කළ යුත්තේ. ශ්‍රී ලාංකිකයෙක් දළ වශයෙන් වසරකට සීනි කිලෝ 34ක් පාවිච්චි කරනවා. ඒ කියන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයට වඩා තුන් ගුණයකටත් වැඩියෙන් අපේ අය සීනි පාවිච්චි කරනවා."

මෙවර මුඛ සෞඛ්‍ය සමීක්ෂණයේදී අවුරුදු 05 සහ ඊට අඩු දරුවන්ගේ දත් දිරායාම සම්බන්ධව වැඩි අවධානයක් යොමු කරන බවද විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය.

වෛද්‍යවරයා පෙන්වා දුන්නේ පසුගිය සමීක්ෂණ සියල්ලගේම එම දරුවන්ගේ දත් දිරායාම ප්‍රතිශතයක් ලෙස 63%ක අගයක් ගත් බවත් ඒ අනුව මෙම තත්ත්වය සම්බන්ධව නොයෙකුත් පියවරයන් ගනු ලැබූ බැවින් එම අගය මෙම වසරේ අඩුවීමක් පෙන්නුම් කරන්නේද යන්න මෙම සමීක්ෂණයේදී අවධානය යොමු කරන බවය.

එමෙන්ම ෆ්ලෝරයිඩ් දන්තාලේප භාවිතය මෙරට වයස් කාණ්ඩ 75%කට වැඩි ප්‍රමාණයක් භාවිත කරන බව පෙන්නුම් කරන බවත් පැවසූ වෛද්‍යවරයා සඳහන් කළේ මෙය සුබදායි ක්‍රියාවත් බවත් එම අගය තවත් වැඩි කරගත යුතු බවත්ය.

"මුඛ සෞඛ්‍ය සම්බන්ධව තවත් වැදගත් දෙයක් වෙන්නේ ෆ්ලෝරයිඩ් දන්තාලේප භාවිතය. ෆ්ලෝරයිඩ් දන්තාලේප භාවිතය පසුගිය මුඛ සෞඛ්‍ය සමීක්ෂණයට අනුව ලංකාවේ ජනගහනයෙන් වැඩිහිටිම ජන ගහනය ඇරෙන්න අනික් සියලුම වයස්වල කාණ්ඩ 75%කට වැඩි ප්‍රමාණයක් ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේප භාවිත කරනවා. මේක සුබ ලකුණක් මේක තවත් අපි වැඩිකරගත යුතුයි. අපි මේ සැරේ සමීක්ෂණය කරද්දි වැඩියෙන්ම බලන දෙයක් තමයි කුඩා දරුවන්ගේ ඒ කියන්නේ වයස අවුරුදු 5 දරුවන්ගේ දත් දිරා යෑම කොහොමද කියලා. මොකද අවසාන මුඛ සෞඛ්‍ය සමීක්ෂණයේදී වයස අවුරුදු 05 දරුවන්ගේ දත් දිරායාම 63%ක්. ඒක ටිකක් වැඩි ප්‍රමාණයක්. මේ කිරි දත් තියෙන දරුවෝ අවුරුදු 05 දරුවෝ කියන්නේ. ඒ දරුවන්ගේ පසුගිය මුඛ සෞඛ්‍ය සමීක්ෂණ 04ම බැලුවාම ඔය 63% වටේ තමයි තියෙන්නේ ඒ කියන්නේ ඒකේ අඩුවීමක් වෙලා නැහැ. ඒ සම්බන්ධයෙන් අපි නොයෙකුත් පියවර පසුගිය වසර 10ක කාලය තුළ අරගෙන තිබෙනවා ඒකේ බලපෑමක් ඇවිල්ලා මේ 2026 වසර වෙනකොට මේ දරුවන්ගේ දත් දිරායෑම අඩුවීමක් වෙලා තියෙනවාද කියලා අපි නිරීක්ෂණය කරනවා."

විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දුන්නේ පසුගිය දශකය සහ ඊට පෙර සිටම අලෙවියට තබා ඇති දත් කුඩු වෙළෙඳපොළෙන් ඉවත් කර ගැනීමට සමත් වූ බවත් පසුගිය ආර්ථික අර්බුදයත් සමග දත් බෙහෙත් මිල ඉහළ ගිය බැවින් දත්කුඩු නැවත වෙළෙඳපොළ වෙත පැමිණීම දක්නට ඇති බවය.

කෙසේ නමුත් දත්කුඩු භාවිතය දන්ත සෞඛ්‍ය සඳහා අතිශය හානිකර දෙයක් වන බවත් පෙන්වා දුන් විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේ දත්කුඩුවල ඇති රළු සහිත ස්වභාවය දන්ත සෞඛ්‍යට අතිශයින්ම හානිකර තත්ත්වයක් උද්ගත කරනු ඇති බවත්ය.

"ආර්ථික අර්බුදයත් දන්ත සෞඛ්‍යට බලපාපු විදි ගොඩක් තිබ්බා. උදාහරණයක් විදිහට අපි දත්කුඩු කියන එක පසුගිය දශකය ඇතුළත සහ ඊටත් කළින් සම්පූර්ණයෙන්ම වෙළෙඳපොළින් අයින් කරගන්න සමත්වුණා. මොකද දත්කඩු කියන්නේ ඉතාම හානිකර දෙයක්. මොකද ඒකේ රළු ගතිය ඉතාමත්ම වැඩියි. නමුත් පසුගිය ආර්ථික අර්බුද කාලේ මේ දත්කුඩු ආයෙත් වෙළෙඳපොළට එනවා. මොකද ජනතාවට මිලදී ගැනීමේ හැකියාව අඩු වුණා දත් බෙහෙත්වලට. ඒ වගේ හේතු නිසා අපේ මේ දන්ත සේවාවට මොනවා හරි රටේ ජනතාවගේ දන්ත සෞඛ්‍යට බලපෑමක් වෙලා තියෙනවාද කියන එකත් මේ 2026 කරන ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණයේ ප්‍රතිඵලවලින් පිළිබිඹු වෙන්න ඉඩ තිබෙනවා."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 අමෙරිකානු මුදල් ඉතිහාසයේ නව පෙරළියක් කරමින් ට්‍රම්ප්ගේ රැව සහිත ඩොලරයේ කාසියක් නිකුත් වෙයි

අමෙරිකානු මුදල් ඉතිහාසයේ නව පෙරළියක් කරමින් ට්‍රම්ප්ගේ රැව සහිත ඩොලරයේ කාසියක් නිකුත් වෙයි

මහ පාන්දර කොල්ලුපිටිය රත්කළ වෙඩිතැබීම...

මහ පාන්දර කොල්ලුපිටිය රත්කළ වෙඩිතැබීම...

දරුවන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය ගැන බරපතළ අනාවරණයක්

දරුවන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය ගැන බරපතළ අනාවරණයක්

ගැටලු කියන්න කොළඹ ආ උක් ගොවීන් සහ සේවකයන්

ගැටලු කියන්න කොළඹ ආ උක් ගොවීන් සහ සේවකයන්

'එල් නිනෝ' බලපෑම් තවත් ප්‍රදේශ රැසකට...පීඩාවට පත් පිරිස 94,000 පනී..

'එල් නිනෝ' බලපෑම් තවත් ප්‍රදේශ රැසකට...පීඩාවට පත් පිරිස 94,000 පනී..

පරණ කෝන්තරයක් පිරිමහගන්න ආපු චණ්ඩින්ට පොලීසියෙන් වෙඩි

පරණ කෝන්තරයක් පිරිමහගන්න ආපු චණ්ඩින්ට පොලීසියෙන් වෙඩි

කිව්ව දේවල් වුණා නම් දැන් අරලිය අයිති කාටදැයි බිමල් කියයි..

කිව්ව දේවල් වුණා නම් දැන් අරලිය අයිති කාටදැයි බිමල් කියයි..

22ට එරෙහිව SJB පාරට...කොටුවේ දැවැන්ත විරෝධතාවක්

22ට එරෙහිව SJB පාරට...කොටුවේ දැවැන්ත විරෝධතාවක්

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය...

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය...

ශ්‍රී ලංකා පොලිස් සේවයට වසර 160යි...සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකා පොලිස් සේවයට වසර 160යි...සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

 ලෝකයක් දිනන්න පළමු පියවර තැබූ පහේ හපන්නු... | දිවයිනේ ප්‍රථමයාට මනුසත් දෙරණින් ශිෂ්‍යත්වයක්...

ලෝකයක් දිනන්න පළමු පියවර තැබූ පහේ හපන්නු... | දිවයිනේ ප්‍රථමයාට මනුසත් දෙරණින් ශිෂ්‍යත්වයක්...

ගමේ පාසලට දණ නමස්කාර කර පහේ හපනා කොළඹ එයි | Ada Derana

ගමේ පාසලට දණ නමස්කාර කර පහේ හපනා කොළඹ එයි | Ada Derana

 ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

 ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

රාජිතට අධිචෝදනා

රාජිතට අධිචෝදනා

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

22 ගැන නඩු විභාගය අවසන්

22 ගැන නඩු විභාගය අවසන්

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්