header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
සුරේෂ් සලේ පාස්කු නඩුවක තුන්වැනි සැකකරු ලෙස නම් කෙරේ
Mar 05, 202607:07 PM
සුරේෂ් සලේ පාස්කු නඩුවක තුන්වැනි සැකකරු ලෙස නම් කෙරේ
Mobitel 1278

රැඳවුම් භාරයේ සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගවන නඩුවක තුන්වන සැකකරු ලෙස නම් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (05) පියවර ගත්තේය.

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා පසුගිය පෙබරවාරි 25 වැනිදා පෑලියගොඩදී අත්අඩංගුවට ගැනුණේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට ආධාර අනුබලදීමේ චෝදනා යටතේය.

අනතුරුව සුරේෂ් සලේ මහතා ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විදිවිධාන පනත ප්‍රකාරව දින 90ක කාලයක් රැඳවුම් භාරයේ ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යවරයාගෙන් අවසර ලබාගත්තේය.

එවැනි පසුබිමක සලේ මහතාගේ නීතිඥයින් ඊයේ (04) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ මෝසමක් ගොනුකරමින් ඉල්ලා සිටියේ සිය සේවාදායකයා ප්‍රමාණවත් සාක්ෂි නොමැතිව අත්අඩංගුවට ගෙන රැඳවුම්භාරයේ තබාගැනීමේ නියෝගය ඉහළ අධිකරණයක අභියෝගයට ලක්කිරීමට සදහා මේ සම්බන්ධ නඩුවල සහතික කළ පිටපත් ලබාදෙන ලෙසටය.

එමෙන්ම සිය සේවාදායකයා හමුවීමට තමන්ට අමතර දිනයක් ලබාදෙන ලෙසත්, ඔහුට නිවසින් ආහාර රැගෙන යාමට අවසර ලබාදෙන ලෙසත් නීතිඥයින් ඉල්ලීමක් කළේය.

මෙහිදී අදාළ නීති කෘත්‍යයන්හි සහතික පිටපත් නිකුත් කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග නිකුත් කළද අනෙකුත් ඉල්ලීම් සඳහා නියෝග නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළේ සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ තබාගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙතෙක් අධිකරණයට කරුණු වාර්තාකර නොමැති බව පවසමින්ය.

මෙවන් පසුබිමක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට සුරේෂ් සලේ මහතා රැඳවුම් භාරයේ තබාගැනීම සම්බන්ධයෙන් කරුණු වාර්තා කළේය.

එමගින් ඔවුන් සඳහන් කර තිබුණේ වව්නතිව්හිදී පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වූ විමර්ශන නොමග යැවීම සහ සයින්දමර්දු නිවසේ සිදුවූ පිපිරීම් සම්බන්ධයෙන් වන විමර්ශනවලට අදාළව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින 35882/24 නඩුවේ තුන්වැනි සැකකරු ලෙස රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා නම් කරන බවය.

මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ ප්‍රශ්න කරමින් සිටින සැකකරු, මහෙස්ත්‍රාත්වරයාට සුදුසුයැයි හැඟෙන දිනයක එම දෙපාර්තමේන්තුවට පැමිණ නිරීක්ෂණය කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියේය.

එම කරුණු දැක්වීම් අධිකරණය හමුවේ ලිඛිතව සටහන්කර තැබීමට නියෝගකළ මහෙස්ත්‍රාත්වරයා නුදුරු දිනෙක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ සැකකරු නිරීක්ෂණය කරන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දුනි.

MostRead
Mobitel 1278
VideoStories
 පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

 ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

 ලාල් කාන්තට මාදුගොඩ දුන්න රිටන් එක "ආණ්ඩුව බූරුවන්ට දුන්නාම පොලීසිය බල්ලට යනවා"

ඥාතීන්ගේ සෝ සුසුම් මැද ඉෂාර අවසන් ගමන් යයි..

ඥාතීන්ගේ සෝ සුසුම් මැද ඉෂාර අවසන් ගමන් යයි..

හිටපු ඇමති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් 4කට හා මෝටර් රථ 2කට අල්ලස් කොමිසමෙන් තහනමක්|

හිටපු ඇමති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් 4කට හා මෝටර් රථ 2කට අල්ලස් කොමිසමෙන් තහනමක්|

 කාඩ්පත් හිඟයක් නිසා ID සහ රියැදුරු බලපත්‍ර ලක්ෂ 16ක මුද්‍රණය ඇණහිටලා

කාඩ්පත් හිඟයක් නිසා ID සහ රියැදුරු බලපත්‍ර ලක්ෂ 16ක මුද්‍රණය ඇණහිටලා

 නිවන් පුර නුබ යන්න කලියෙන් එක් වරක් මගෙ පුතා වෙනවාද

නිවන් පුර නුබ යන්න කලියෙන් එක් වරක් මගෙ පුතා වෙනවාද

පොලිස් දෙපාර්තමේන්තුවටම කළු පැල්ලමක් එක්කළ ඉෂාරගේ මරණය - සම්පූර්ණ විස්තරය මෙන්න

පොලිස් දෙපාර්තමේන්තුවටම කළු පැල්ලමක් එක්කළ ඉෂාරගේ මරණය - සම්පූර්ණ විස්තරය මෙන්න

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

 අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

 වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ