header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
තවත් ඉරාන නෞකාවක් මෙරට මුහුදු සීමාව ආසන්නයේ - රජයෙන් ප්‍රකාශයක්
Mar 05, 202612:26 PM
තවත් ඉරාන නෞකාවක් මෙරට මුහුදු සීමාව ආසන්නයේ - රජයෙන් ප්‍රකාශයක්
Mobitel 1278

දෙවැනි ඉරාන නෞකාවත් මේ වනවිට ඇත්තේ ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවේ නොවන බවත්, එය මෙරට මුහුදු සීමාවට ආසන්න අනන්‍ය ආර්ථික කලාපයේ ඇති බවත් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අද (05) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් තවත් ඉරාන නෞකාවක් කොළඹ වරායට නුදුරේ ස්ථානගතව ඇතැයි අනාවරණය කළේය.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ, විපක්ෂ නායකවරයා දන්නා කරුණුවලට වඩා බොහෝමයක් තොරතුරු රජය දන්නා බවත් ප්‍රශ්නය නිරාකරණය කරගැනීම සඳහා ජීවිත හානි අවම කරගැනීම සඳහා මෙන්ම කලාපීය සාමය ආරක්ෂා කරගැනීමට අවශ්‍ය මැදිහත් වීම සිදුකරන බවය.

මේ සම්බන්ධයෙන් කටයුතු අවසන් වූ වහාම සවිස්තර වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

"විපක්ෂ නායකතුමා ඉදිරිපත් කරන කරුණුවලට වඩා බොහෝ කරුණු අපි දන්නවා...දැනගෙන තමා කටයුතු කරන්නේ. රජය කරුණු දැනගෙන මේ ප්‍රශ්නය නිරාකරණය කරගැනීම සඳහා, ජීවිත හානි අවම කරගැනීම සඳහා, කලාපීය සාමය ආරක්ෂා කරගැනීම සඳහා කටයුතු කරමින් ඉන්නවා. මේ කියන නැව තවමත් තිබෙන්නේ, අපේ ජාතික ජලතීරය තුළ නෙමෙයි. එය ජාතික ජලතීරයට ආසන්න Exclusive economic zone එකේ. ඒ සම්බන්ධයෙන් උපරිම මැදිහත් වීම කරමින් ඉන්නවා..."

අමාත්‍යවරයා සිදුකළ සම්පූර්ණ කතාව පහතින්...

"රටක් ලෙස ලංකාව ජාත්‍යන්තර සාමය වෙනුවෙන් කටයුතු කරන බවත්, විශේෂයෙන්ම ඉන්දියානු සාගරයේ සාමය අපේ අපේක්ෂාව වන අතර කළ හැකි මැදිහත්වීම සිදුකරමින් කිව්වටත් වඩා දේවල් මේ වෙලාවේ ඉන්දියානු සාගරයේ සිදුවෙමින් පවතිනවා. රජයක් ලෙස ජාත්‍යන්තර නීතියට අනුකූලව සහ මානුෂික පදනමින් මැදිහත් වෙමින් ඉන්නවා. කලාපීය සාමය ආරක්ෂා කරගැනීමට මැදිහත් වෙමින් තියෙනවා. වැඩිදුර තොරතුරු ඉදිරියේ දී දැනුම්දෙන්නම්. මේ වෙලාවේ අපි ජාත්‍යන්තර ප්‍රඥප්තීන්ට අනුකූල වෙමින් අවම ජීවිත හානි සිදුවන ආකාර සහ ඉන්දීය සාගරයේ සාමය ආරක්ෂා වන ආකාරයට රජයක් ලෙස වගකීම් සහගතව කටයුතු කරනවා.අද හවසට වැඩි විස්තරයක් කියන්න පුළුවන් වෙයි.

"අපි කවුරුත් දන්නවා මැදපෙරදිග කලාපයේ දරුණු යුදමය තත්ත්වයක් වර්ධනය වෙමින් පවතිනවා. ඒ නිසා මේ වෙලාවේ රටක් විදියට පාර්ලිමේන්තුව හරි එළියේ මාධ්‍ය හරි උපයෝගී කරගෙන විහිළු කරන්නවත්, ආණ්ඩුව එක්ක තියෙන දේශපාලන කෝන්තර පිරිමහන්නවත් නැතිනම් තමන් ප්‍රකාශයක් කරන්නවත් එහෙම නැතිනම් තවත් ජන කොටසක් කුපිත කරවන ප්‍රකාශ කරන්නවත් අසත්‍ය තොරතුරු, අර්ධ සත්‍ය තොරතුරු වැරදි තොරතුරු මත පදනම්ව හිතලු කියන්නවත් වෙලාවක් නෙමෙයි.

හැම දේශපාලන දේශපාලනඥයෙක්ම, මහජන නියෝජිතයෙක්ම මෙවැනි ලෝක පරිමාණයෙන් තියෙන මෙවැනි වාරතාරවරණයක දී ඉතා වගකීම් සහගත ප්‍රකාශ කළ යුතුයි.

අපිට තියෙනවා ජාතික ජල තීරයක් අපේ මුහුදු සීමාවේ ඉඳලා නාවික සැතපුම් 12ක්. ඒක අපිට අයිතියි. ඒ නාවික සැතපුම් 12 සිට 200 දක්වා තියෙන්නේ, අනන්‍ය ආර්ථික කලාපය. මේ කලාපය තුළ
ජාත්‍යන්තර නීති ක්‍රියාත්මක වෙනවා. අපිට ආර්ථික කටයුතුවලට තමා බලය තියෙන්නේ. යුද කටයුතුවලට නෙමෙයි.

මේ සිදුවීම වුණේ ගාලු වරායේ ඉඳලා නාවික සැතපුම් 19ක දුරින්. මේ ගැන ඊයේ උදෑසන 5.08ට නාවික හමුදාවට අයිති MRCC එකට ඉස්සෙල්ලාම පණිවුඩයක් ලැබනේනේ. ඒ ලැබෙන්නේ ප්‍රහාරයක් එල්ල කරාද නැද්ද කියලා නෙමෙයි. ඒ කලාපයේ මෘත ශරීර පාවෙමින් තියෙනවා කියන දේ. පැයක් ගතවෙන්න කලින් ශ්‍රී ලංකා නාවික හමුදාව බේරාගැනීමේ මෙහෙයුම් දියත් කරනවා. ඒ වෙලාවේ ප්‍රහාරය ගැන හොය හොය ඉන්‌න නෙමෙයි තියෙන්නේ, මානුෂීය පදනමින් මැදිහත් වෙලා ජීවිත ගලවා ගැනීමයි.

ඒ අනුව රජය පැත්තෙන්, නාවික හමුදාව, ආරක්ෂක අමාත්‍යාංශය ඒ දේ කරා. අපිට පුළුවන් වුණා කරාපිටිය රෝහලට 32 රැගෙන එන්න. එක් අයෙක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා. 87කගේ මෘත ශරීර දැනට අරගෙන ඇවිත් තියෙනවා.

අ‌පිට තියෙන ෆීසර් ප්‍රමාණවත් නෑ. ඒ නිසා පෞද්ගලික අංශයෙන් මේක අපි ඉටුකරගත යුතුයි. අපි ඒ සඳහා කටයුතු කරමින් තියෙනවා. පැය කිහිපයකින් කොළඹින් දෙකක් යනවා."

MostRead
Mobitel 1278
VideoStories
 www.1818.gov.lk රටම එකට වෙබ් අඩවිය එළි දකී.

www.1818.gov.lk රටම එකට වෙබ් අඩවිය එළි දකී.

යෝජිත පැය 72 රැඳවුම් කාලය පැය 48ට අඩු කරන්න. ජනපති සූදානමින් "පච්චා...නීතියත් අයින් කරන්න ලෑස්තියි"

යෝජිත පැය 72 රැඳවුම් කාලය පැය 48ට අඩු කරන්න. ජනපති සූදානමින් "පච්චා...නීතියත් අයින් කරන්න ලෑස්තියි"

 ගණේමුල්ල සංජීව ඝාතනය බටුවත්තේ චාමර විසින් මෙහෙයවලා...

ගණේමුල්ල සංජීව ඝාතනය බටුවත්තේ චාමර විසින් මෙහෙයවලා...

සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

"අරලියගහ මන්දිරයේ දානේ වළඳන්න යන්න එපා"

"අරලියගහ මන්දිරයේ දානේ වළඳන්න යන්න එපා"

පාර්ලිමේන්තුව කැලඹූ විපක්ෂ විරෝධයේ නොදුටු දසුන්  “කවුද හොරා... ජගත් හොරා... මුල් පුටුවේ කම්බහොරෙක්”

පාර්ලිමේන්තුව කැලඹූ විපක්ෂ විරෝධයේ නොදුටු දසුන් “කවුද හොරා... ජගත් හොරා... මුල් පුටුවේ කම්බහොරෙක්”

කැලණි සරසවියේ කාන්තා නේවාසිකාගාරයේ ගින්නක් ගිනි ජාලා මැද කළු දුමාරය අහසට...

කැලණි සරසවියේ කාන්තා නේවාසිකාගාරයේ ගින්නක් ගිනි ජාලා මැද කළු දුමාරය අහසට...

කළු ඇඳුමින් පඹයෙක් අරන්  මහරගම නගර සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු...

කළු ඇඳුමින් පඹයෙක් අරන් මහරගම නගර සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු...

හෝමාගම පොලිස් අත්අඩංගුවේ දී අවසන් ගමන් ගිය ඉෂාරට  සාධාරණය ඉල්ලා ඥාතීන් මහ පාරේ විරෝධයක...

හෝමාගම පොලිස් අත්අඩංගුවේ දී අවසන් ගමන් ගිය ඉෂාරට සාධාරණය ඉල්ලා ඥාතීන් මහ පාරේ විරෝධයක...

කලා වැවත් වාන් දමයි

කලා වැවත් වාන් දමයි

ඩුබායි ධනුෂ්කගේ මෙරට මත්ජාලය මෙහෙයවන  සුභාගේ ප්‍රධාන ගෝලයා අයිස් සමඟ STF දැලේ

ඩුබායි ධනුෂ්කගේ මෙරට මත්ජාලය මෙහෙයවන සුභාගේ ප්‍රධාන ගෝලයා අයිස් සමඟ STF දැලේ

 අදත් උදේම නාමල් අධිකරණයට

අදත් උදේම නාමල් අධිකරණයට

මෙරට පාලම් 14ක් ප්‍රතිසංස්කරණයට චීනයේ සහාය

මෙරට පාලම් 14ක් ප්‍රතිසංස්කරණයට චීනයේ සහාය

වරායට ආවත්, කඩවල නැති ගෑස්..“ අපිත් ඡන්දෙ දුන්නා.. දැන් ඉතින් විඳවනවා..”

වරායට ආවත්, කඩවල නැති ගෑස්..“ අපිත් ඡන්දෙ දුන්නා.. දැන් ඉතින් විඳවනවා..”

අනවශ්‍ය කලබලයකින් තොරව TIN ගන්නැයි දැනුම්දීමක් - "පොරබදලා පොරබදලා TINඑක ගත්තා" | Ada Derana

අනවශ්‍ය කලබලයකින් තොරව TIN ගන්නැයි දැනුම්දීමක් - "පොරබදලා පොරබදලා TINඑක ගත්තා" | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ |

දවසේ කාටූන් විස්තරේ |

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ

කොළඹ සුඛෝපභෝගී මහල් නිවාසවලට ගෑස් සැපයීමේ ගැටලු...

කොළඹ සුඛෝපභෝගී මහල් නිවාසවලට ගෑස් සැපයීමේ ගැටලු...

ජාතික විදුලිබල පද්ධතියට කොස්ගමින් මෙගාවොට් 5ක්

ජාතික විදුලිබල පද්ධතියට කොස්ගමින් මෙගාවොට් 5ක්

2.88%කින් විදුලි ගාස්තු නංවන්න සමාගම ඉල්ලයි - අවසන් තීන්දුව 10 වැනිදා

2.88%කින් විදුලි ගාස්තු නංවන්න සමාගම ඉල්ලයි - අවසන් තීන්දුව 10 වැනිදා

අමෙරිකානු මැතිවරණ ප්‍රතිඵල ලංකාවට බලපාන හැටි - "ගැලපීම සහ නොගැලපීම අතර ක්‍රියාවලිය ඉදිරි වසර 2ක තුළ"

අමෙරිකානු මැතිවරණ ප්‍රතිඵල ලංකාවට බලපාන හැටි - "ගැලපීම සහ නොගැලපීම අතර ක්‍රියාවලිය ඉදිරි වසර 2ක තුළ"

ට්‍රම්ප් ඊශ්‍රායලයට දෙන අමෙරිකානු ඩො.බි 4ක ආධාර කපාහරී

ට්‍රම්ප් ඊශ්‍රායලයට දෙන අමෙරිකානු ඩො.බි 4ක ආධාර කපාහරී

අමෙරිකානුවන්ට ට්‍රම්ප් එපාවෙයි - රිපබ්ලිකන් බලකොටු රැසක් බිඳවැටෙයි

අමෙරිකානුවන්ට ට්‍රම්ප් එපාවෙයි - රිපබ්ලිකන් බලකොටු රැසක් බිඳවැටෙයි

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

පොලීසිය දැක්කම මත් ජාවාරමුන් කෝටි 27ක කුඩු පාර්සලය දමා දුවලා

පොලීසිය දැක්කම මත් ජාවාරමුන් කෝටි 27ක කුඩු පාර්සලය දමා දුවලා

ත්‍රී’මලේ ඝාතනය දෙහිබාලේගේ වැඩක් වෙඩි කා මියගියේ අහක හිටපු නාවික සෙබළෙක්

ත්‍රී’මලේ ඝාතනය දෙහිබාලේගේ වැඩක් වෙඩි කා මියගියේ අහක හිටපු නාවික සෙබළෙක්